විශ්වාසභංගයට සහය දෙන්නේද නැද්ද මෙතෙක් තීරණයක් ගෙන නෑ ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දෙන්නේ ද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. 16 May 2019
විදේශීය සරණාගතයින් 1670ක් ශ්‍රී ලංකාවේ සරණාගතභාවය සහ දේශපාලන රැකවල් පතා පැමිණි විදේශීය සරණාගතයින් 1670 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 16 May 2019
යාපන සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති-ලේකම්ට ඇප එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාගේ ඇතුළු පිරිසකගේ ඡායාරූප ළඟතබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස යාපනය මහෙස්ත්‍රාත් අන්තෝනිසාමි පීටර්පෝල්ඞ් මහතා අද (16) නියෝග කළේය. 16 May 2019
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් 66ක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය මගින් අද කතානායක කරුජයසූරිය මහතාට දුන්නේය. 16 May 2019
හමුදා කැළෑ ඇඳුම් සමඟ 5ක් අත්අඩංගුවට බේරුවල පොදු වෙළඳපල සහ අවට සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් පස්දෙනෙකු සමඟ යුද හමුදා කැළෑ ඇඳුම් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 16 May 2019
අයිඑස් ගජමිතුරු කෝටිපති ව්‍යාපාරිකයකු මාබෝලෙන් අල්ලයි අයිඑස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 16 May 2019
ලාංකික තිදෙනෙක් සිරියාවේ අයිඑස් ත්‍රස්ත පුහුණුවක සිරියාවේ අයි.එස්. ත්රස්තවාදීන් සමඟ පුහුණුව ලබන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු විසින් මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නේය. 16 May 2019
ජනපති යළි ලංකාවට චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි ලංකාවට පැමිණියහ. 16 May 2019
බෝම්බයක් පුපුරණ බවට ඇමතුමක් දුන් ජපුර සිසුවෙක් අත්අඩංගුවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ හා ඉන් පිටත අද බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට එහි උපකුලපතිවරයාට නිර්නාමික දුරකතන ඇමතුමක් ලබාදුන් එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවෙකු අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 May 2019
මිනුවන්ගොඩ කළහයට 35 රිමාන්ඩ් මිනුවන්ගොඩ දී කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 35 දෙනකු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද නියෝග කළේය. 15 May 2019
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සිදුවන පරීක්ෂණවල විශාල ප්‍රගතියක් පාස්කු ඉරිදා සිදුවූ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණවල විශාල ප්‍රගතියක් මේ වනවිට අත්කර ගෙන තිබෙන බවත් කෙටි කාලයක් තුළ එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම ගැන විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) අරලියගහ මන්දිරයේදී පැවැසීය. 15 May 2019
කොස්වත්තේ ගැටුම්වලට සම්බන්ධ 31 ක් රිමාන්ඩ් කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන්ට සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් 31 ක් දෙනා මේ මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්රරාජ මහතා අද (15) නියෝග කළේය. 15 May 2019
ලිට්රෝ අධ්යක්ෂ මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝග මත ලිට්රෝ ගෑස් සමාගමට පත් කළ නව අධ්යක්ෂ මණ්ඩලයට එම තනතුරු වල කටයුතු කිරීම ලබන 28 වැනිදා තෙක් වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා අද (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 15 May 2019
ත්‍රස්තයින් පුහුණුවීම් කළ ස්ථාන 7 ක් සොයා ගනී පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තයින් පුහුණුවීම් සහ වැඩමුළු පැවැත් වූ ස්ථාන 7ක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 15 May 2019
පාස්කු ප්‍රහාරයේ ත්රස්තයන් නැවතී සිටි නිවාස 17 ක තොරතුරු හෙළිවෙයි පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට වගකිව යුතු ත්රස්තයන් නවාතැන් ගෙන සිටි ආරක්ෂිත නිවාස 17 පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 15 May 2019
බෝම්බ වෑන්රියේ ආසන සැකසීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසළ නවතා තිබී ආරක්ෂක අංශ විසින් පුපුරවාහරින ලද බෝම්බ සවිකළ වෑන් රථය මිලදී ගැනීමට හා ආසන සකස් කිරීමට සම්බන්ධ වූ පුද්ගලයා කාන්තන්කුඩි ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 May 2019
වයඹ පළාතේ ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 78 ක් අත්අඩංගුවට වයඹ පළාතේ ඉකුත් දා සිදු වූ ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 78 දෙනෙකු අද (15) වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 May 2019
‘‘මහජනතාව අධිකරණය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ වගකීමක්‘‘ මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම වගකීමක් බව නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (15) කොළඹ අලුත්කඩේ පිහිටි උපරිමාධිකරණයේ පැවති පිළිගැනීමේ උත්සවයේදී පැවසීය. 15 May 2019
සහරාන්ගේ බිරිඳ - දියණිය සීඅයිඩීයට තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහ මෙන්ම ෂැංගි‍්‍රලා හෝටලයේ බෝම්බකරුවකු වන මොහොමඩ් සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදර් නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 May 2019
නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂට ඇප කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතා ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (15) නියෝග කළේය. 15 May 2019
ගම්පහට - වයඹට අදත් ඇඳිරිනීතිය ගම්පහ පොලිස් කොට්ඨාසයට සහ වයඹ පළාතට අදත් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 15 May 2019
සමාජ මාධ්‍ය වීඩියෝවක් ගැන ආරක්ෂක අංශ පරීක්ෂණ නාත්තන්ඩිය තුම්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී කි්රයාවන් සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශ අඳින නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇඳගත් පුද්ගලයකු එහි රැඳී සිටින වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්රචාරයවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 15 May 2019
දින 4 ක් රටපුරා සුරාසැල් වසයි දිවයින පුරා සියලුම සුරාසැල් 17 සිට 20 දක්වා වසා දැමීමට රජය තීරණය කර තිබේ. 15 May 2019
ෂැංග්‍රිලා බෝම්බකරුගේ මාතලේ ඉඩම සභාවට පවරගන්නැයි ඉල්ලීමක් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බය ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදියාට අයත් බව කියන මාතලේ හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 22 හමාරක ඉඩම රාජසන්තක කිරීමේදි එය මාතලේ ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස කළ යෝජනාවක් මාතලේ ප්‍රාදේශීය සභා රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය. 15 May 2019
සීගිරිය දින තුනක් නොමිලේ නරඹන්න අවස්ථාවක් සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි. 15 May 2019
එජාප පසුපෙළ මන්ත්‍රීවරු අගමැතිට කරුණු දක්වති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යධූරය ලබා දුන්නේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසු රජය ගත් පියවර ගැන ජනතාව අතර ප්‍රබල විශ්වාසයක් ඇති කරවන්නට හැකියාව තිබූ බව එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද (15) කරුණු දැක්වූහ. 15 May 2019
‘සමාජ මාධ්‍ය රටටම තහනම් කළේ නැහැ’ ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලා මුළුමණින් රටටම තහනම් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේදී සඳහන් කළේය. 15 May 2019
මඩාටුගම අනතුරකින් 3 ක් මරුට 6 ක් රෝහලේ දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේදී වෑන්රියක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් හයදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 15 May 2019
රටේ තත්ත්වය සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය හා ඉන්පසු රටේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. 15 May 2019
අමිත් වීරසිංහ රිමාන්ඩ් මහසොහෙන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන 28 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය. 15 May 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026