(මහින්ද නිශ්ශංක )
කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබු යාල්දේවි දුම්රිය ගල්ගමුව හා අඹන්පොළ අතරදී අද (27) පිලී පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි.
දුම්රිය මැදිරි 5 ක් පීලී පැන ඇති අතර ඉන් මැදිරි දෛකක් පෙරැළි ඇතැයි ද පවසයි.
මෙම දුම්රිය පිලී පැනීමෙන් මාර්ගයට විශාල හානී සිදු වී ඇති අතර මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබේ.
ඡායාරූප - මනෝජ් හර්ෂික






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉතා අමාරුවෙන් හරි පීල්ලට ආවත් දුම්රිය නම් සුපුරුදු පරිදි පීලි පනිනවා. මේ හැම දෙයක්ම පිළිගන්වන්ට ජනාධිපතිතුමාටම බැහැ. මේ වෙලාවේ කවුරුත් එකතුවෙලා උදව් කරමු.
මේක සාමාන්‍ය පීලි පැනීමක් නොවෙන බව පින්තූරවලින් පැහැදිලිවම පේනවා. මින් පෙර කිසිම දිනක මැදිරි පෙරලී තිබෙන පින්තුර අප දැක නොමැත.!
මේ චීනෙන් ගත්තු දුම්රිය මැදිරිද? නැතිනම් ඉන්දියාවෙන් ගත්තු මැදිරිද? චෙසියයි, බොඩියයි වෙන්වෙලා නේද? කොමිස් වැඩ කරලා වගේ...
මගීන්ට අනතුරක්දැයි කියන්න.
පීල්ලක් වත් හරියට නඩත්තු කරගන්න බැරි දුම්රිය ඉංජිනේරුවන් වහාම ගෙදර යවමු. අලුත් දුම්රිය මැදිරි ගේන්න පෙර පීලිටික හරියට හදාගෙන ඉන්න ඕනෑ. කොච්චර විනාශයක්ද බලන්න...