(ක.ග. කරුණාරත්න)
“මගේ නිල කාලය ඉවරනිසා සමහරඅය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා. නෑ. මම දේශපාලනයේ නැවත උපදිනවා”යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(30) පොලොන්නරුවේදී ප්‍රකාශ කලේය.
හිටපු ජනාධිපතිවරයාගෙන් ඉටුවූ මෙහෙවර අගැයීම වෙනුවෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ පැවැති මෛත්‍රී ප්‍රසාද ප්රණාම උළෙල අමතමින් ඒ මහතා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. “සමහර අය මට තේරෙනවා මට පේනවා දැනුත් කියන කරන දේවල්වලින්. ඒ අය හිතාගෙන ඉන්නවා මගේ නිල කාලය ඉවර නිසා මම ඉවරයි කියලා. නැහැ මම දේශපාලනයේ නැවත උපදිනවා. මගේ පණකෙන්ද තියෙනකම්, අවසන් හුස්ම යනකම් මිනිස්සුන්ටත්, රටටත් මම සේවය කරනවා. ඒක නවත්වන්න කාටවත් බෑ”යැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතිං විශ්‍රාම ගියාම ගමට ගොහින් කුඹුරු කොටන්න හිටපු මටනේ මෙහෙම දෙයක් වුනේ...
දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්නකෝ මේ ගැන...
අයියෝ මම හිතුවේ කරදරේ ඉවරයි කියලා...
අපි කරපු පව් ඵල දෙන්නයි යන්නේ...
අපිට කැමති විදිහට එෆ්.බී. ඉන්න පුළුවන්... එතකොට එන්න අනේ ඉක්මණින්...
සිංහල තේරෙනවා නේද?
අපි සදා ආදරය කරපු පක්ෂය නැතිවුණා. ආයේ නම් එපා. ඔහොම්ම ගෙදර ඉන්න.
අනේ හිටපු ජනාධිපති උතුමාණෙනි, කරපු දේවල් හොඳටම ඇති...
ඉතින් උපදින්න අපිට මොකෝ... හැබැයි සෝමාලියාවේ හොඳේ..
පොඩිඋන් ටික හිනස්සන්නේ නැතිව ඉන්නවද? ඔය තරම් ආසනම්, වැඩේ පටන් ගන්න කලින් සිංහල වෙද මහතෙකු මුණගැසී කොන්ද ටිකක් පරික්ෂා කර බලන්න.. දේශපාලනය කියන වචනේ තේරුම දන්නේ නැහැ. අපේ රටේ කට්ටිය.., නමුත් වෙන රටවල බලන්න. රටක් දියුණු වෙන්නේ.., මිනිසුන් යහමගට අරගෙන, රට ස්වයංපෝෂිත කරන හැටි, අපේ රටේ මොනවද වෙන්නේ මේවා වෙනවද? ඔබ ටිකක් කල්පනා කරන්න මොනවද කෙරුවේ රටට, හිරේ ඉන්න ටික නිදහස් කෙරුවා. කොළඹින් නිවසක් අරගෙන මාරුවුණා. රට තිබුණු තැනමයි, අගමැතිට වැඩක් කරන්න ලැබුණෙත් නැහැ. ඒ පක්ෂේ නම්බුව තිබ්බෙත් නැහැ. ජනාධිපති වුනේ අගමැති නිසයි. විශ්‍රාම ගියා නම් නරකද? නැතිනම් විමල් වගේ බොරු මවාපාමින් ඔබට දියයටින් ගින්දර ගෙනියන්න පුළුවන්..
ආපෝ... ලංකාවට අබ සරණයි.
මේ රටේ සිටි අසාර්ථකම රාජ්‍ය පාලකයා සහ මේ රටේ 2015න් පසු මේ වනවිට ඇතිවූ සියලුම ගැටළු සහ ආරවුල් වල මූලාරම්භය මොහුයි... එපමණක් නොවෙයි තමා සතු විධායක බලය හරිහැටි පාලනය කිරීම වෙනුවට තමන්ව ජනපති පුටුවේ හිඳවා තබා තමන්ට සපයා දුන් අය සතුටු කිරීමට ඉඩදී බලාසිටි එකම නායකයාද මොහුයි. මොවුන්ව සහමුලින්ම දේශපාලනයෙන් නෙරපා හැරීමට බුද්ධිමත් ජනතාව ප්‍රඥා ප්‍රදීප දල්වත්වා...!!!
ආයිමත් රට්ටු හිනස්සවන්න හදන්නේ...
හිරකාරයින්ටත් සමාව ලැබුණා.. ඒත් අපිට නම් 'නෝ චාන්ස් ' වගේ...
පින් ජනාදිපති ලබන ආත්මේ ගැන කියවනවා. රට කාලා ගියා මදිද දන්නේ නැහැ...
අපි හිතුවේ චුත වෙලා ගෙදර ගියා කියලා..
ලංකාවේ නොවෙයි නේද?
මේ මොන වදයක්ද?
කරපු හැටි දැක්කනේ...
ජනාධිපති වෙලා ආයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න හදන්න එපා. ගොම්පාට් තුන්වෙනි පන්තියේ වැඩ. ගෙදරට වෙලා ඉන්න...
ඔබනිසා තමයි කවදාවත් දිනන්න බැරුව හිටපු රනිල් දිනුවේ... එයාලා මහබැංකුව කොල්ල කෑවා කියලා ඔයා අඬන්න පටන් ගත්තා. ජනාධිපති බලතල තියාගෙන අඬන්න නෙමෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. පොළවෙන් මතුවෙලා කරපු හරිය මදැයි. ආයෙත් මොකුත් එපා අපිට... ගෙදරට වෙලා පාඩුවේ ඉන්න දැන්...
අපට ඔයා ඕනෑ නැත්නම් ඔයා එන්නේ තවත් වස්තුව එකතු කරන්නද? එකතු කර ගත් වස්තුව මදිද? අනේ රටට තවත් බරක් වෙන්නේ නැතුව කුඹුරු කොටන්න යන්න
එජාපෙ පිහිටෙන් ජනපති වී, තමන්ට අත දුන් යහපාලකයන් ඉවත් කර දින 52 කුජීත ආණ්ඩුවක් සෑදු ඔබ වැන්නන් දේශපාලන පොර පිටියට අවතීර්ණ වුවහොත්, ඔබට අමතක නොවන පාඩමක් උගැන්වීමට මෙරට ජනතාව කටයුතු කරනු ඇත.!!!
කරපු සේවයක් නම් දැක්කේ නැහැ. නැවත බින්දුවෙන්ම පටන්ගන්න ඕනේ. ඔහේ උදව්කලේ එජාපයටනේ නේද?
දෙයියනේ මොකද මේ වෙන්නේ...? මම හිතුවා මේ මනුස්සයව අාපහු දකින්නවත් නැති වෙයි කියලා ...
රටයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිකරපු කලාවයිද?
"මම දේශපාලනයේ නැවත උපදිනවා. මගේ පණකෙන්ද තියෙනකම්, අවසන් හුස්ම යනකම් මේකේ මම එල්ලිලා ඉන්නවා. මැරුණත් මම ඉන්න බලනවා" ඔබ එන්න. ඇවිත් යන්න එන්න. අපි බලා ඉන්නවා.
මොකද? රහ වැටිලද? නැවත ඉපදිලා හිටන් මොකද කරන්නේ?
ඡන්දය දුන් අය පසෙකලා, නොදුන් එදිරිවාදීන්ගේ වුවමනාවට, තම ඡන්දදායකයින් 62 ලක්ෂයක් හා පාලන තන්ත්රයම අතරමං කළා..
අර සරලකම තියාගෙන ගොවිතැනක්, බතක් කරගෙන හිටියොත් නරකද? අපට පව් නොදී..?
හිටපු ජනාධිපති චරිත දෙකක වෙනස මහින්ද මහත්මයාව කට්ටිය නැගිට්ටුවලා ගෙනාවා. එ්ත් මෙතුමා එන්න දඟලනවා. සැබෑ වෙනස මෙයයි. එදා 2015 මහින්ද මහත්තයාට බැන බැන ගියේ දැන් ගෙදරට වෙලා විවෙක ගන්නේ නැතිව අැයි මේ එන්නේ කියලා.. එ්ත් අද.. දෛවය සරදමක් වෙලා නෙවැ..
අම්මෝ නැවත උපද්දලා තමයි ගන්න ඕනේ..
අනේ යදින්නම්.. පාඩුවේ හේනක් කොටාගෙන පිනක් දහමක් කර ගන්න..
මහ පොළවෙන්ද?
අම්මට සිරි, මේ ලොකු උන්නැහේ, බැරිද ඉක්මනට නිවන් දකින්න? ආයේ ඉපදීමකුත් නැහැනේ...
එහෙම ආපහු ආපු නායකයෝ ඉන්නවා. ඉම්රාන් ඛාන් තම ප්‍රතිපත්ති මත දිගටම රැඳී සිටියා. අන්තිමට ජනතාව ඔහුව පිළිගත්තා. හැබැයි ඒකට ප්‍රතිපත්ති කියලා දෙයක් ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන්න ඕනෑ. ජනතාව හිස් වචන හෝ පුරසාරම් පිළිගන්නේ නෑ.
බලයේ තණ්හාව... වයසේ වැරැද්ද...
ඔව් සර්, අපට ඔබේ සේවය අවශ්‍යයි... අප දන්නවා දූෂිත, වංචාකාරී එජාප යහපාලන ආණ්ඩුව හරි මගෙහි ගෙනයන්න ඔබ ඉටුකළ මෙහෙය ගැන... ඉතින් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීත් එසේම සේවය ලබා දෙන්න. එය රට වෙනුවෙන් කරන මෙහෙයක්...
පුනරුත්පත්තිය ලැබෙන්නේ තමන් කළ හොඳ හෝ නරක කර්ම මතයි කියා අපි අසා තිබෙනවා. වැඩේ කියන්නේ ඒ කර්ම හොඳද නරකද කියලා තීරණය කරන්නේ අපේ ඡන්ද දායකයන් නොවැ... ආයුබෝවන්...!!!
කියන තැනකට වඳින්නම්... අනේ එපා...
කරුණාකරලා ගෙදරට වෙලා ඉන්න. ඔයා රටට කරපු දේ හොඳටම ඇති...
2015 කරපු වැඩේ දැක්කාම, ඔය කියන එකේ තේරුමක් තියනවා. නැවත උපදින්න දැන් ඉන්නේ අඩි 8ක් යටද?
අනේ වඳින්නම් ඔබතුමාට... කරපු සේවය ඇති හොඳටම. හිටපු ජනාධිපති මහින්ද මහත්තයට යුද්ධය ඉවර කරපු නිසා තිබ්බ කැමැත්ත නිසා තමයි නැවත බලයට එන්න පුළුවන් වුණේ.
කාලය අවසන් වුණාම විශ්‍රාම සුවයෙන් ගෙදරට වෙලා ඉන්නවා කිව්වා නේද? ඔයිට කලිනුත් තව එක්කෙනෙක් ඒ වගේ කිව්වා මතකයි.
ඔබතුමා ඡන්දෙ ඉල්ලන්න. දෙන නොදෙන එක අපි බලාගන්නම්...
පොළවෙන් මතුවූ මිනිසා යලි ඉපදීමට හදයි...!
බුදු අම්මෝ... දෙයියන්ගේ නාමෙන් කරපු හරිය ඇති...!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරලා නැවත ඉපදෙන මිනිසා...
අම්මපා මෙයාගේ රටට තියෙන කරුණාව කියන්න වචන නැහැ රටේ ඉතුරුවෙලා තියෙන ටිකත් කන්න හදන්නේ මේ මිනිහට ලැජ්ජාවක් නැති හැටි අපේ රට දාන්න පුළුවන් අන්තිම තැනට දැම්මා.. ඒ විතරක්ද මෙලෝ දෙයක් කරන්න බැහැ. පෝරු පම්පෝරිය නම් අහස උසට... මෙයාගේ කට විතරයි වැඩ නැහැ..
අනේ මේ.... මේ දවස්වල පොලොන්නරුව පැත්තේ මිනිස්සු පොළව කොන්ක්‍රීට් කරනවා. ඔය වගේ තව කෙනෙක් පොළවෙන් මතුවේවි කියන බයට...
අපි ඔබතුමා එනකන් බලන් ඉන්නවා...
මම ශ්‍රී ලංකා එකට දැන් තියෙන 15% සියයට 5ට බස්සනවා.. මගේ මල්ලිගේ පොළොන්නරුවේ හාල් මොලේ සහ වැලි බිස්නස් වලට උදව් කරන්න ඕනෑනේ...
රට කාපු නිසා තමයි අපට රට යන්න වෙලා තියෙන්නේ. ජනතාවට කියලා කොන්ද කඩාගන්නේ නැතුව හේනක් කොටාගෙන ඉන්න හිටන්...
අනේ, ඔබතුමා නැවත ඉපදීලා ඉක්මනට එන්නකෝ... අපිට තියනවා ඔබත් එක්ක ලොකු ගණුදෙනුවක් බේරගන්න. ඔබතුමා ප්‍රතිපාදන දෙනවා කියලා පළාත් සභාවලින් කරවපු ව්‍යාපෘතිවලට මිලියන ගණන් ගෙවන්න තියෙනවා. ඒත් ඒවා ගෙවන්න මුදල් ලැබිලා නෑ කියමින් බලධාරීන් මගහරිමින් ඉන්නවා. මටත් මිලියන 10ක් පමණ ලැබෙන්න තියෙනවා. දැන් මම මාස 8ක් තිස්සේ බලාගෙන ඉන්නවා.
ආපහු පොළවෙන්ද මතුවෙන්න යන්නේ? කොන්ක්‍රීට් දාලා වහන්න බැරිවුණානේ පොළව යටට ගියාම...
රටට කළ හානිය හොඳටම ඇති. ආයෙමත් එන්න එපා. අන්තිමේදී අන්ත මිනීමරුවන්වත් නිදහස් කළා.
පටන්ගමු ග්‍රාමසේවක කමින්... කියන දේ කරන, කරනදේ කියන දේශපාලකයෙක් වෙන්න.
කොහොම හරි කමක් නැහැ. අර නිල නිවාස නැවත ජනතාවට ලැබුණොත් හොඳයි. එ්ක ලබාදෙන්න හැකිදෙයක් කරන්න කියා මම දෙවියන්ට කියනවා.
අම්මෝ එපා... ඔයා ඔය කරපුටික හොඳටම ඇති... තෑන්ක් යූ..
අපොයි.., මෙහෙට නම් එපා. පොලොන්නරුවේම ඉන්න. කරපු හරිය මදැයි..
වැටක ඉන්නක් වුණා නම් ඊට වැඩිය හොඳයි නේද?
සමහරවිට ලබන ආත්මෙදි... ඉපදිලා මේ අාත්මේදී කළා වගේ මුකුත්ම නොකර බැහැ බැහැ කියමින් කාලේ ගෙවන්න. සමාවෙන්න වැරදීමක්... මහජන මුදල් නිකරුනේ අවභාවිත කරන පුද්ගලයින් ඉපදෙන්නේ කොහොමද කියලා දැනට අවුරුදු 2-3 කට විතර ඉස්සර කවුද ලොකු මහත්මයෙක් කීවා වගේ මට මතකයි. නමුත් ඔබ එහෙම නොකරන නිසා ඔබට එම තියරිය අදාල නැත. කොළඹ 7 නිල නිවාස මෙම ගණයට වැටෙන්න නැතුව ඇති...
පරම්පරා හතක උපන්නත් මේ රටේ හා ලොවපුරා මහත් භක්ති ආදරයට ලක්වූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් දෙපල බිහිකල මේ රටට මහත් වූ දායදයන් රැසක් දායාද කල ශ්‍රීලනීප යට කළ අපරාධය නිවැරදි කළ නොහැක. මේ මවුබිමට තවත් අපරාධ නොකර අර රටෙන් කොල්ල කාපු කෝටි 800 නිවසද යලි රටට බාර දී තමුන්ගේ වැඩක් බලා ගන්න. එ්ක ඉතා හොඳයි.
අපේ රටට විහිලු සපයන්නන් ඉතා අල්පයි. ඔබගේ පැමිණීම එය සම්පූර්ණ කරාවි. නමුත් පැහැදිලිව කියන්න ඕනේ සාමාන්‍ය ජනතාව නම් ඔබව ඉපදෙන්න පෙරත් නැති කරාවි. පුනරුප්පත්තියකට ඉඩ නැත. එය මට සහතිකයි.
ඔබතුමාත් ඔබතුමාගේ අගමැතිතුමාත් 2015දී මහජනතාව වන අප හට පොරොන්දු වූ යහපාලනය අපිට කරනලද රැවටිල්ල මොනතරම්ද කියා අපිට දැන් තේරෙනවා. හොරුන්, මිනීමරුවන් සුරැකීම, වංචා, දූෂණ යටගැසීම... පමණක් නොවේ ඒ වංචා, දූෂණ ඔබගේ රජයෙනුත් නොඅඩුව සිදුකිරීම සම්බන්ධයෙන් අප තුළ අද ඇත්තේ මහා කලකිරීමක්. කවුරු කවුරුත් තමන් යන තැනට තම පවුලට මේ වසර කීපය තුළ වැඩ කරගත්තා. අපි අනාථ වුණා. මහා බලාපොරොත්තු ඇතිව 2015 දී ඔබට මා දුන්නු මගේ ඡන්දය ගැන අද බොහෝ සේ දුක්වෙනවා.
හුඟදෙනෙක් කිව්වා මුළු පොලොන්නරුවම කොන්ක්‍රීට් කරලා දාන්න කියලා. කොහෙද ආණ්ඩුව ඇහුවේ නෑහැනේ. ඔන්න ආයෙත් මතුවෙනවලු. හපෝයි...!!!
ඔබව නැවතත්!!! ?
අනේ ආයෙත් ලංකාවේ නම් උපදින්න එපා...
මේ පාරනම් අපි ඔයාට එන්න දෙන්නේ නැහැ..!
පරිණත දේශපාලනයේ අත්දැකීම් ඇතිමුත්, රටක් රාජ්‍යයක් පාලනය කරන්න තරම් එය මඳබවයි පෙන්නුවේ පහුගිය අවුරුදු 5 තුළදී...
රටට කරපු එක සේවයක් කියන්න බලන්න.
මේකෙම ඉන්නයි දඟලන්නේ....
ඔබතුමා නැවත පාර්ලිමේන්තු මැතිවරණයෙන් එන්න. දැන් මේ සති 2ට අපිට ඔබතුමාගේ වටිනාකම දැනුණා. සිස්ටම් වෙනස රුවිතෙට යන ලකුණු පහළවෙලා තියෙන්නේ...
"තණ්හා ජායතී සෝකෝ" මෙයාගේ තණ්හාව තවම ගිහිල්ලා නැහැ. මේ එන්න හදන්නේ දුවගෙයි, පුතාගෙයි බිස්නස් වලට උදව් කරන්න මිසක් වෙන මොනවටද? ජනතාවනි, තීරණේ ඔබේ අතේ...
ඉන්න හිටින්න පොළොන්නරුවේ සහ කොළඹ නිවාස කිහිපයක් තිබෙන විශ්‍රාමික පුද්ගලයෙකුට රජයේ වියදමින් කොළඹ 7 නිවසක් දෙන්න අවශ්‍යද? අපේ රට එතරම්ම පොහොසත්ද? රජයේ රෝහල්වලින් හදවත් සැත්කම් කරගන්න පොරොත්තු ලේඛනයේ 4000ක් විතර ඉන්නවා. පුද්ගලික රෝහල්වලින් මේක කරගන්න ලක්ෂ 10ක් විතර යනවා. මෙවැනි දේවල්වලට වියදම් කරන මුදලින් ජීවිත කීයක් බේරගන්න පුලුවන්ද? මුකුත්ම නොකර ඉඳලා වරප්‍රසාද සියල්ලම අරගෙන, ඒවත් මදිවෙලා එනවා මෙතන නැවත වරක් අපිව අමාරුවේ දමන්න. ජනපති වෙලත් සැලකිය යුතු දෙයක් කරගන්න බැරි පුද්ගලයෙක් කොහොමද දේශපාලනයේ නැවත ඉපදිලා රටට සේවයක් කරන්නේ...?
ඔබ නැවත දේශපාලනයේ උපදිනවා නම් ඒ දවස ජාතික ශෝකදිනයක් ලෙස ප්‍රකාශ කිරීමට වටිනවා. ඒ නිසා ලංකාවේ නම් ආපසු උපදින්න එපා. කරපු විනාශය හොඳටම ඇති...
මම යනවා නම් යන්නේ ගිනිතියාගෙන කියලා නේද කිව්වේ? දැන් අපි ඒ ගින්නෙන් පිච්චෙනවා. ඒ ගිනි නිවන්නද ආයෙත් එන්නේ? ආවාට කමක් නැහැ. අපිට නොපෙනෙන්න ඉන්නකෝ...
මේ ආත්මේ නම් බෑ. එන ආත්මේ තමයි. එ්කත් ශුවර් එකටම අපායේ තමයි උන්නැහේ..
සිහින කතා එපා සිරෝ ..
මම සිතුවේ මේ ලෝකෙන් තුරන් වුණු දවසට කෙලින්ම යන්නේ අපායට කියලා. එහෙ ගිය දවසක ප්රභාකරන් මුණ ගැසුනොත් ඒක කියන්න බොහෝ දෙනෙක් තවම ඉන්නවා..