ලංවිම ඉංජිනේරුවෝ කෝටි 500ක බදු ගෙවීම පැහැර හරිති
රජයේ විගණකාධිපති වාර්තා අනුව 2010 වසරේ සිට ලංවිම ඉංජිනේරුවන් උපයන විට බදුගෙවීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් කෝටි 500කට අධික බදු ආදායමක් රජයට අහිමිව ඇතැයි ද, එම මුදල වහාම ඔවුන්ගෙන් අයකරගෙන එහි සහනය විදුලි පාරිභෝගිකයන්ට ලබාදෙන්නැයිද පාරිභෝගික අයීතින් සුරැකීමේ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි.