(ඩයනා උදයංගනී)
අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආහාරවේලක් හිමි සිසුන් ලක්ෂ 12කට පසුගිය මාස දෙකක කාලය වෙනුවෙන් වෙන් කළ යුතු මුදලින් වියළි ආහාර මල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාස දෙකක් පාසල් නොපැවැත්වීම නිසා මෙම සිසුන්ට එම ආහාර වේල නොලැබුණු බැවින් රුපියල් 965 ක වටිනාකමකින් යුත් වියළි ආහාර මල්ලක් මෙලෙස ලබාදීමට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය
ඒ අනුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා බිත්තර 10, සමපෝෂ ග්‍රෑම් 200 පැකට් 6ක්, බිස්කට් ග්‍රෑම් 75 පැකට් 3ක්, සහල් නූඞ්ල්ස් පැකට්ටුවක් සහ කව්පි හෝ කඩල කිලෝවක් සහිත ආහාර මල්ලක් මෙම දරුවන්ට ඉදිරි කාලයේදී ලබාදෙන බව ද රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණ්ඩු...!!! ඡන්ද ගුණ්ඩු...!!! ආණ්ඩුවේ සේවකයින්ගේ පඩි නඩි ගෙවාගන්න බැරුව කොහොමද මේවා කරන්නේ...? අහුවෙන්න එපා....
අන්තවාදීන් පැටව් ගහන්න තවත් උදව් කරන්න නිකන් දීලාම. 20, 30 ඉන්නවනේ එක පවුලක... දුප්පත් මිනිස්සුන්ව පොහොසත් කිරීමට වැඩක් කරන්නේ නැහැ.. දුප්පත්කම වැඩි කරමින් සහනාධාර බෙදනවා ඡන්ද ගන්න එච්චරයි පුළුවන්...
ගොඩක් හොඳ වැඩක්...
වහලුනි, මෙන්න නුඹලාට වශීතෙල් ගාපු ආහාර මල්ලක්... ඕක අරගත්තොත් ඡන්දෙන් පස්සේ නුඹලාට කන්න වෙන්නේ ඔය වියළි අාහාර දමා තිබෙන ගෝනිය පමණයි.
හුඟක් හොඳ තීරණයක්...
ගෝඨාභය මහත්මයාට ලණු දෙන හෝ ලණු කවන පිරිසක් ආණ්ඩුවේ හෝ උපදේෂන සේවා තුළ ඉන්නවා. උදා; 1. පරිප්පු 65/- සහ සැමන් 100/- කිරීම හා අවලංගු කිරීම. 2. සහල් වල පාලන මිල ඉවත් කිරීම 3. ආහාර ද්‍රව්‍ය ගණනාවක් සඳහා මේ වෙලාවේ ආනයන බදු ඉහල දැමීම. 4. IOC තෙල් මිල වැඩි කිරීම 5. සහනාදාර දියයුතු අය හඳුනා නොගෙන 5000/- බෙදාදීම. 6. පුද්ගලික බස් මාෆියාව ඉදිරියේ මුනිවත රැකීම. 7 අන්තවාදීන් හා මහා බැංකු මංකොල්ලකරුවන් තවමත් යහතින්.. එහෙම ඉදිරියටත් වුනොත් 69" ගේ බලාපොරොත්තු ඉටුවේවිද? ලාංකිකයින්ට තිබෙන අවසාන හා එකම අවස්ථාව...
හැමදාම පීඩිත පන්තිය, පීඩිත පන්තිය ලෙසම තබා ගැනීම ඉතාම වැදගත්. හදිස්සියකට පෝස්ටරයක් අලවා ගන්න, ගේකට ගල් ගහන්න... කාට හරි හූ කියන්න, මැයි දිනේට දක්කන්න අපේ බේබිලාව යවන්න බැහැනේ...