රන්ජන්ට එරෙහි නඩුවේ වාචික දේශන කල්යයි අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය හා හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන පළමු පැමිණිලි විභාගයේ වාචික දේශන පැවැත්වීම ලබන ජූලි 06 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය. 29 May 2020
මැතිවරණ දිනය කල් යාමට හේතු සඳුදා අධිකරණයට ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසම දන්වයි මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපාන හේතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලබන සදුදා (01) දීර්ඝ වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වන බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය. 29 May 2020
‘‘මහ මැතිවරණයට පසු පළාත් සභා මැතිවරණයට සූදානම්‘‘ පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා එය ද ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(29) පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය. 29 May 2020
රාජිතගේ ප්රතිශෝධන පෙත්සමට නීතිපති විරෝධතා ගොනු කරයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද (29) විරෝධතා ඉදිරිපත් කළේය. 29 May 2020
පළමු වරට සෙනසුරාදා දිනයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු සලකා බැලේ කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු විභාග කිහිපයක් හෙට(30) යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. 29 May 2020
ජපන් සෞඛ්‍ය සේවකයන්ට ගුවනින් හරසර ‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ගෝලීය වසංගතයට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය සේවකයන්ට ගෞරව ආචාර කරමින් ජපානයේදී , ගුවන් හමුදා සංදර්ශන බළකායට අයත් යානා අද (29) අහසේ පියාසර කළේය. 29 May 2020
විල්පත්තු වනාන්තරය තුළ හුදකලා වූ අසිරිමත් පුදබිම විල්පත්තු වනාන්තරය තුළ බෞද්ධ ශිෂ්ඨාචාරයට අයත් නටඹුන් රැසක් ඇතත් මේවනවිට අනාවරණය වී ඇත්තේ ඉතාම අල්ප ප්රමාණයකි.මල්වතුඔය ආසන්නයේ මෙවැනි පුදබිම් පැවතීමද විශේෂත්වයකි. 29 May 2020
නිරෝධායන නීතී උල්ලංඝනය කළ 17 දෙනකුට දඩ නිරෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රෙගුලාසි නියමයන්ට අකීකරු වීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් 17 දෙනෙකුට එක අයෙකුට රුපියල් 3 000 බැගින් 51,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා 29 වෙනිදා නියම කළේය. 29 May 2020
හොරායින් ළඟ තබාගත් අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හෙරොයින් ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 83ක් සන්තකයේ තබා ගැනිම සහ ජාවාරම් කිරිම යන අධි චෝදනාවන්ට වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (29) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය. 29 May 2020
කොරෝනා කතාව ගැන ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක් ‘මගේ ප්‍රකාශය වැරදි ඒක දන්නා එපා කියලා එදිනම මම සියලූ මාධයෙන් ඉල්ලා සිටියා. නමුත් එක් මාධ්‍ය ආයතනක් පමණක් එය විකාශය කළා.’කොරෝනා ආසාදිත තිදෙනකු මියගොස් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ මාධ්‍යට අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා එසේ පැවසීය. 29 May 2020
අල්ලස් ගත් ප්‍රා.ලේ - සැළසුම් අධ්යක්ෂ රිමාන්ඩ් නිල නොවන කොන්ත්රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන අක්කරෙයිපත්තුව ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයා සහ සැලසුම් අධ්යක්ෂවරයා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් එම්. එච්. එම්. හම්සා මහතා නියෝග කළේය. 29 May 2020
කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරුවන්ට සහයෝගය දක්වන බව පෙනී යනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් යම් හෙයකින් මෙම පෙත්සම විභාගයට අවසර දී පෙත්සම විභාගය අවසන් වනතුරු අතුරු නියෝගයක් දුනහොත් මැතිවරණ පැවැත්වීමට වසර ගණනාවක් යන බවත් මින් කියැවෙන්නේ මැතිවරණ කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරුවන්ට සහයෝගය දක්වන බව යැයි මැතිවරණයට පක්ෂව සහ එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී 29 May 2020
කෘෂිකාර්මික බෝග ප්‍රවාහනයට දුම්රිය යොදාගන්නැයි ඇමැති කියයි දිවයිනේ විවිධ පළාත්වල නිපදවන කෘෂිකාර්මික බෝග නගරවලට ප්‍රවාහනය කිරීම සදහා දුම්රිය යොදාගන්නැයි මගී ප්‍රවාහන කළමණාකරන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුමිරිය සාමාන්‍යධිකාරිවරයාට උපදෙස් දී තිබේ. 29 May 2020
කටුනායක ගුවන්තොටුපළට පී.ආර්.සී පරීක්ෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කීරීමට රජය තීරණය කර ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . 29 May 2020
ලංකාවේ සිරවී සිටි ඉන්දියානුවෝ 170 ක් ගෙන යති කොරෝනා වසංගත රෝග තත්වය නිසා ඉන්දියාවට යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 170 ක් යළි ඉන්දියාවට රැගෙන යෑමට ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද 29 දින උදෑසන මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 29 May 2020
පොලීසිය කරන්නේ ඇඟ බේරාගැනීමයි තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ලාගේ ඡායාරූප රාජ්‍ය බුද්ධි අංශයේ ඇති බවත් ඔවුන්ගේ ඡායාරූප ගැනීම රාජ්‍ය බුද්ධි අංශයේ වගකීමක් බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පරිසර හා ප්‍රජා පොලිස් කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතා පැවැසීය. 29 May 2020
සරත් ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක් කොළඹ අපරාධ කොට්ඨාශයට අද (29) පැමිණි සරත් ෆොන්සේකා මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව පිටව ගොස් තිබේ. 29 May 2020
නිදහසින් උදම්වනවා සේම ආරක්ෂාව ගැනත් සිතන්න දින හැටහතකට පසුව රට ඇඳිරියෙන් මිදුණේය. එහිදී විමසිලිමත් බව සමඟ මුසු වූ සතුටක් සියලු පුරවැසියන්ට දැනුණු බව මහ මාර්ගවලට පිවිසුණු සියලු දෙනාට දැකගත හැකි විය. දින 67ක් පුරා කොළඹ නගරය පුරා නොතිබුණු මහාමාර්ග තදබදය පසුගිය අඟහරුවාදා (25) සිට දැකගන්නට ලැබිණි. එසේ වුවද මාර්ග තදබදයට එරෙහිව නිරතුරුවම මහජනතාවගෙන් නැඟෙන ආවේගශීලී ප්‍රතිචාර නම් අසන්නට දකින්නට නොතිබුණේය. 29 May 2020
අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන්ගේ දේහය ගුවනින් ගම්පොළ ක්‍රීඩාංගණයට අභාවප්‍රාප්ත, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොල ක්‍රිඩාංගණය වෙත අද (29) උදැසන රැගෙන ආවේය. 29 May 2020
පොහොර ඉල්ලා ගොවීහු පාරට බසිති තම වගාවන් වලට අවශ්‍ය පොහොර ඉල්ලා කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ ජනතාව ප්‍රධාන මාර්ග වසා විරෝධතාවයක නිරත වෙද්දී දඹුල්ල ප්‍රදේශයේ ගොවීහු අලුයම් කාලයේ සිට පොහොර ලොරි එනතුරා වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් වල සිටිති. 29 May 2020
අශ්ව පැටවෙකු සොරාගත් දෙදෙනකු රිමාන්ඩ් මාස දෙකක් වයසැති අශ්ව පැටියකු සොරාගෙන ගිය බවට චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනෙකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගකෝන් මහතා නියෝග කළේය. 29 May 2020
නිරිතදිග මෝසම ඇරඹේ නිරිත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙම්න් පවතින නිසා ඉදිරි දිනවලදීත් දිවයිනේ නිරිත දිග කලාපයෙහි වැසි තත්වය තදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 May 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් 8 වැනි දිනටත් සලකා බැලේ පවතින නීතී උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව කොවිඩ් 19 සාර්ථකව මර්දනය කර ඇති බව පැහැදිලිවම පෙනී යන හෙයින් නව නීතී සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීමට අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය. 28 May 2020
‘හොංකොං’වලට තවදුරටත් විශේෂයෙන් සලකන්න බැහැ : ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇමෙරිකා එක්සත් ජනපද නීතිය යටතේ විශේෂ සැලකිලි ලැබීමට ‘හොංකොං’ තවදුරටත් සුදුසු නැතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය. 28 May 2020
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සුදානම් වෙන්නැයි මුද්‍රණාලයාධිපතිනියට කොමිසම කියයි මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියට අද (28) දැනුම් දී ඇත. 28 May 2020
දරුවන් පාසල් ගෙන්වන්න තිබෙන විශාලම අභියෝගය පොදු ප්රවාහනයයි පාසල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කිරීමට තවත් සතියක් හෝ දෙකක් පමණ ගතවනු ඇතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (28) පැවැසීය. 28 May 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 158,300 ඉක්මවයි අඛණ්ඩව නවවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (28) හයදහස ඉක්මවා ගියේය. 28 May 2020
කුවේට් සිට පැමිණ ආසාදිතවු 65ක් හම්බන්තොට රෝහලට කුවේට් රටේ සිට පැමිණ ත්‍රිකුණාමලය චින වරාය යුද හමුදා කඳවුරේ නිරෝධායනයට යොමුකර සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වු බවට තහවුරුවූ රෝගින් 65ක් ප්‍රතිකාර සඳහා අද(28) හම්බන්තොට පැරණි රෝහල වෙත ගෙන එන ලද බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 28 May 2020
දකුණු කොරියාව නැවතත් වයිරස පාලන සීමා පනවයි නව කොරෝනා වයිරස පොකුරු කිහිපයක් හඳුනාගැනීමත් සමඟ නැවත වරක් වයිරසය ව්‍යාප්ත වීමට පාලනය කිරීම සඳහා සීමා පැනවීමට දකුණු කොරියාව අද (28) පියවර ගත්තේය. 28 May 2020
නාමල්ට ඇප දීමට අල්ලස් කොමිසමෙන් දැඩි විරෝධය කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍ර ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේදී අල්ලස් ලෙස පිරිනමන ලදැයි කියන රුපියල් මිලියන 70ක මුදල ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ.. 28 October 2026