(රංජිත් රාජපක්ෂ)
අභාවප්‍රාප්ත, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොල ක්‍රිඩාංගණය වෙත අද (29) උදැසන රැගෙන ආවේය.
ගම්පොල ක්‍රිඩාංගණයේ සිට අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහැරක් මගින් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස වෙත රැගෙන විත් මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත.
අභවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 56 වෙනි ජන්ම දිනයද අද (29) දිනට යෙදි ඇති අතර අමාත්‍යවරයාගේ දේහය (30) දින උදැසන රම්බොඩ සිට නුවරඑලිය නගරය හරහා කොටගල ලංකා කම්කරු මුලස්ථානය වෙත රැගෙන විත් මහජන ගෞරවය සදහා එහි තැනපත් කෙරෙනු ඇත.
අමාත්‍යවරයාගේ අවසන් කටයුතු මේ මස 31 දින පස්වරුවේ හැටන් නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි රාජ්‍යය ගෞරව සහිතව සිදු කිරිමට අවමංගල්‍යය කමිටුව තිරණය කර තිබේ.
අමාත්‍යවරයාගේ වියෝවයෙන් පසු කම්පනයට පත් වතු කම්කරුවෝ අමාත්‍යවරයා අභවප්‍රාප්ත වු (26) දින සිට අවසන් කටයුතු සිදු කරන තෙක් වතු වල දෛනික වැඩ කටයුතු කිරිමෙන් වැළකී සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ අවමගුලට කොරෝනා නීති අදාල නැද්ද එතකොට? ඒ නීති පොඩි මිනිහට විතරද?
ඇයි මෙයාලාට විතරක් එක විදිහක් දවස් ගණන් තියාගෙන ඉන්නේ... අනිත් කොරෝනා නොවන කෙනෙකුට ඔහොම දෙයිද..?
මම මුලින්ම මියගිය තොණ්ඩමන් මහත්මයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. නමුත් කොරෝනාවලින් ආරක්ෂා වෙන්න රට වහලා තිබෙන මේ මොහොතේ මෙතුමාගේ මෘතදේහය රට වටේ අරන් යමින් පාලකයෝ ජනතාවට දෙන්නේ වැරදි ආදර්ශයක්... සාමාන්‍ය මිනිස්සුත් මේ අවස්ථාවේ මේ විදිහට අවමංගල කටයුතු කරන්න ගත්තොත් වෙන්නේ මහා විනාශයක්... කොරෝනා නීතිරීති සාමාන්‍ය ජනතාවට, නිලධාරීන්ට සහ දේශපාලකයින්ටද එක සමාන විය යුතුයි. එහෙම නොකලොත් අපට මේ කොරෝනා වලට විරුද්ධ සටන ජයගන්න බැහැ...
පිස්සු නටන රටක්...
අප්පොච්චියේ මීටරේ...!!!
වතු කම්කරුවන්ගේ ඡන්ද ගන්න පරම චේතනාවෙන් ඉහළ සැලකිලි...
පොඩි මිනිහට බස් එකේ.., දුම්රියේ යන්න දෙන්නේ නෑ. පරතරේ නෑ කියලා. දැන් මොවුන්ගේ මළමිනියක් කරා තියාගෙන දවස් 6ක් රට වටේ යනවා.. කිසිම කොරෝනා මර්ධන නීතියක් නෑ...
රජයේ උසස් නිලධාරිනි, දේශපාලකයිනි ප්‍රසිද්ධියේ මෙහෙම හැසිරෙන්න එපා.. කණගාටුවන් වුනත් ප්‍රකාශ කරන්න ඕනේ පිටරට සිට පැමිණ සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළදී රෝගය බෝවුණු පුද්ගලයන් හැර ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වුණු පුද්ගලයින්ගෙන් 80%ට වැඩි ප්‍රමාණයක් කොරෝනා බෝවෙලා තිබෙන්නේ කොරෝනා මර්ධන රාජකාරිවල යෙදුණු රජයේ නිලධාරීන් අතර, එයට හේතුව සෞඛ්‍ය අංශ විසින් අනුමත කළ රජය මගින් ගැසට් කළ කොරෝනවලින් ආරක්ෂා වීමේ නීතිරීති ඔවුන් විසින් උල්ලංගනය කිරීම... කරුණාකර මහජනතාවට පනවන ආරක්ෂණ නීතිරීති දේශපාලකයින් සහ නිලධාරිනුත් පුළුවන් තරම් දුරට පිළිපදින්න වගබලා ගන්න (වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද එම අවනඩුව), නැතිනම් රටේ අාසාධිතයන් වැඩි වුණොත් නැවත ඇඳිරිනීතිය දැම්මොත්, දුක් විඳින්න වෙන්නේ සාමාන්‍ය පුරවැසි අපට... රජයේ නිලධාරියාට සහ දේශපාලකයාට වැටුප කොහොමත් ලැබේ.. ගෙදර හිටියොත් අපි බඩගින්නේ...
කල්ලතෝනින්ට නීති කඩමින් රාජකීය තාලේ අවමගුල් අපිට සාමාන්‍ය අවමගුලක්වත් ගන්න දෙන්නේ නෑ. පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේවා විවේචනය කරනවා අපි දැක්කෙත් නෑ..
මේකට කියන්නේ අපි වෙනුවෙන් අපි කියලයි.
අවමගුල ඉවර වෙනකල් කොරෝනා නිවාඩු ගිහින් මගෙ හිතේ...
ඔවාදෙනු පරහට.. තමා සම්මතෙහි පිහිටා සිට කියලා කියමනක් තියෙන බව දන්නවා නේද? මම නම් හිතුවෙ අනිත්වා කෙසේ වෙතත් කොරෝනා ප්‍රශ්ණයේදී වත් මොවුන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරයි කියලා. කොහෙද හරියට පිලිපදින්න අසමත්වීම ගැන කණගාටුයි. හැබැයි අලුත් කොරෝනා පොකුරක් ඇතිවුණා කියලා කියන්න ඉඩ තිබෙනවා. නීතිය කාටත් අඩුම තරමින් මේ ප්‍රශ්නයේදීවත් පොදු විය යුතුයි නේද? ලොක්කන්ට එක නීතියකුත්, පොඩි මිනිහට තව නීතියකුත් තියෙන්නේ ලොකු මිනිහට කොරෝනා හැදෙන්නේ නැති නිසාද?
කෝ මේ අජිත් රෝහණ?