(කාංචන කුමාර ආරියදාස)
පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා එය ද ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(29) පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බියේ එදා සිට අද දක්වා පසුවන බවත් වර්තමාන ආණ්ඩුව මැතිවරණ වලට බිය නොමැති බවත් කොරෝනා වසංගතය ලොව පුරා වෙලාගත් වසංගතයක් බව පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දඹුල්ල මහ නගර සභාව මගින් ක්‍රියාත්මක කරන කසල ප්‍රතිචක්‍රී කරනය ව්‍යාපෘතිය යටතේ නිපදවන කාබනික පොහොර අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් දඹුල්ල නගර මධ්‍යයේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදී අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය බලය පැවති කාලයේ පවා මැතිවරණ වලට බිය දැක්වූ බවය.
එක්සත් ජාතික පක්ෂයත් මේ වනවිට නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය දෙකට සුනු විසුනු වී හමාර යැයි හෙතෙම පැවසීය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර ගත කිරීමෙ සිද්දිය පිලිබදව මාධ්‍ය හමුව තැබීමටවත් නිදහසක් නොමැති ව මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාර කරන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයා ගෙන් විමසීමක් කළහ.
ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ රාජිත සේනාරත්න ව්‍යාජ රැවුල් කරුවන් රැගෙන විත් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභූත චෝදනා නැගූ බව සජිත් ප්‍රේමදාස වැනි අයෙකු කරන ලද ප්‍රකාශ වලට පිලිතුරක් දීමට තමා වැනි අයෙකු නුසුදුසු බවද හෙතෙම සඳහන් කළේය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කරන එක පරම ශක්තියක් බවත් එය ජනතාව දන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
විපක්ෂයේ උදවිය කන්න අවශ්‍ය වූ විට කබරගොයා තලගොයා කර ගෙන කොරෝනා සිද්ධිය හුවා දක්වමින් මැතිවරණ කල් දමා ගැනීමේ උත්සාහයක නිරතවන බවද හෙතෙම පැවසීය.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ගේ ආරාධනයෙන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම දඹුල්ල සති පොළ භූමියේ නව කාබනික පොහොර අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කරනු ලැබූහ .මේ ස්ථානයෙන් ඕනෑම අයකුට කාබනික පොහොර මිලදී ගැනීමේ අවස්තාව උදා වී ඇත .
මෙම අවස්ථාවට දඹුල්ල මහනගර සභාවේ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගොවින් ද එක්ව සිටියහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ අප්සට් එක වැඩිවෙලාද...? ඔයගොල්ලෝ ආසන 50ක් වත් ගන්නේ නැහැ. ජනාධිපතිවරණයේදී කියපු බොරු දැන් වමාරන්න වෙලා නේද ..? තවත් මිනිස්සුන්ව රවටන්නේ නැතිව ගෙදර යන්න. මදැයි... අවුරුදු කීයක් රට කොල්ල කෑවද...? මිනිස්සු හැමදාම මෝඩ වෙන්නේ නැහැ. ඒ වගේමයි රජයේ සේවකයින්ටත් දැන් ඇස් ඇරිලා තියෙන්නේ.. හැබෑටම ඔබලාට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද..?
ප්‍රචාරයට පමණක් සීමාවූ ව්‍යාපෘති. පොහොර ඉල්ලා හඬන ගොවීන්ට ඕවා දෙන්න බැරිද අයුබෝවන්!!
හොඳයි වැඩේ. ඉහගෙනම කන්න හදන්නේ... රටට මෙලෝ වැඩක් නැති තනිකර සුදු අලියෙක් වෙච්ච පළාත් සභා නැවත ගෙනැල්ලා තවත් මහජන මුදල් කෝටි ගාණක් නිකමුන්ට ගෙවන්න යන්නේ...
අපට දැනගන්නට තියෙන්නේ නම් " සියලුම ආයතන වල මුල් පුටුවලට ඒ ඒ විෂයන් පිලිබඳ දැනුමක් සහ පල පුරුද්දක් ඇති දක්ෂ විශ්‍රාමික හමුදා නිලධාරීන් පත්කර දුෂණ චෝදනා ලැබූවන් කිසිම කෙනෙක් අහලකටවත් ළංකරගන්නේ නැතුව වැඩේ ගෙනියන්න සවිස්තරාත්මක වැඩ පිළිවෙලක් සූදානම් කර තිබුණු" බවයි. මේ වැඩේට අයියලාගේ අකමැත්ත හරහට හිටිය නිසා වැඩේ හරියට කරගන්න බැරිවුණා කියලයි හමුදාවේම අය කියන්නේ...
මැද පෙරදිග දුක්විඳින අපේ ශ්‍රමිකයින්ට රටේ දොර වහලා ලොකු ලොක්කන්ගේ තරුණ ළමුන් සහ එංගලන්තේ ඉන්න මිනිස්සු පමණක් ලංකාවට ගෙන එනකොට..., ලෝක වෙළෙඳපලේ තෙල් මිල අඩු වීමේ සහනයෙන් 25% වත් අපට නොදෙන කොට.., පරිප්පු, සුදු ලූණු ඇතුළු අාහාර ද්‍රව්‍ය වලට වැඩිපුර බදු ගහනකොට, සහල් මිල පොළොන්නරුවේ හබරලිය මුදලාලි සහ ලොකු මෝල් හිමියෝ අතලොස්සකට පමණක් වාසි වෙන විදිහට ඉහළ දමනවිට, කොරෝනා නීති කියමින් රටම වහගෙන සමහර මිනිස්සු අැඳිරිනීති කැඩුවා කියලා රිමාන්ඩ් කරනවිට තොණ්ඩමාන්ගේ මිනිස්සු රාජ්‍ය අනුග්‍රහය ඇතිව ආණ්ඩුවේ හෙලිකොප්ටර් අරන් පෙරටු කරගෙන දවස් 6 තිස්සේ රට වටේ ඇවිදින කොට... මේවා ඔක්කොම බලලා ලංකාවේ මිනිස්සු ලබන ඡන්දෙදී ඔබලාව වැඩි ඡන්දෙන් පාර්ලිමේන්තු යවාවි කියල හිතනවද? පළාත් සභා කෙසේ වෙතත් ලබන සැරේ අකුලන් යන්න බඩු හම්බවේවි..
දුෂිත බලලෝභී බඩගොස්තරවාදි දේශපාලුවෝ රජ කරවන රටක් වෙච්චි....
මෙහෙමත් කෑදරකමක්. අනික පළාත් සභා කියන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්තිකරන තිප්පොළක්. මේ ඡන්දේ අායේ නොතියන තරමට රටට හොඳයි. කිව්වේ කොහොමද දැන් කොහොමද වැඩ. පිට්ටනි හදන්න ඕනෑලු, ඕස්ට්‍රේලියාවෙන් වැස්සියනුත් ඕනලු, දැන් පළාත් සභා ඕනෑලු. සමහරවිට එන ඡන්දේ මේ ආණ්ඩුව ගෙදර යන්නත් ඉඩ තියෙනවා මේ යන විදියට..
ගෝඨාභය මහත්මයාට ලැබුණු ඡන්ද ප්‍රතිශතය දූෂිත පරණ ඔළුගෙඩි වලට ලැබෙන්නේ නැහැ. කොරෝනා නිසා ඇතිවුණු, සැමන් පරිප්පු ප්‍රශ්න, විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රශ්න, තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට නොදීම, කොරෝනා නීති, තොන්ඩමන්ලා වගේ දේශපාලකයින්ට බල නොපෑම වැනි දේවල් නිසා, තව 10%-20% පමණ ඡන්ද අඩු වුණා.. මෙදාපාර අමාරු වෙනවා.. පළාත්සභා කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ 50% ගන්න එකත් අවදානම්...
1 පළාත් සභා කියන්නේ මහා ජනතාව ඉල්ලපු පාලන ක්‍රමයක් නෙවෙයි. 2. පළාත් සභා ඕනා වෙලා තියෙන්නේ දේශපාලකයින්ට පමණයි. ඒ තව හොරකම් කරන පිරිසක් . අපේ බදු මුදල් හූරා කන පිරිසක්. 3. අවුරුදු කීපයක් පළාත් සභා තිබුනේ නැහැ කියල ජනතාවට සිදුවූ පාඩුව මොකක්ද? 4. ජනතාවට ප්‍රශ්නයක් නොවන , නැති පළාත් සභා පවත්වන්න ඔබට ඇති උවමනාව මොකක්ද? 5. ඊළඟ පාර්ලිමේන්තුවේ ඔබ සිටියි ද? සිටියත් ඔබට ඇමති කමක් ලැබෙයි ද? ලැබුනත් රාජ්‍ය පරිපාලනයම ලැබෙයි ද? එයම ලැබුනත් ඔබට අවශ්‍ය පරිදි වැඩ කළ හැකිද? 6. රටේ නායකයා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. 7. ඔබ ඉක්මන් තීරණ ගැනීමෙන් වලකින්න. 8. මහජනතාවට පළාත් සභා අවශ්‍ය නැත.