(ඩී.ජී.සුගතපාල)
හෙරොයින් ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 83ක් සන්තකයේ තබා ගැනිම සහ ජාවාරම් කිරිම යන අධි චෝදනාවන්ට වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (29) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.
මෙසේ සිර දඩුවම් නියම වුයේ කොළඹ 10 මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාර පදිංචි කිඳුරු මොහිදින් මොහොමඩ් ඉස්ටිකාර් නමැති 42 හැවිරිදි විත්තිකරුවෙකුටය.
ගාල්ල පොලිස් වසමේ කෝන්ගහ හන්දියේදි 2014 ජූනි 6 වනදින හෙරොයින් ග්‍රෑම් 3මිලි ග්‍රෑම් 83ක් සන්තකයේ තබා ගැනිම එම ක්‍රියා කලාපයේදිම හෙරොයින් ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 83ක් ජාවාරම් කිරිම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
පොලිසියට ලැබුණ තොරතුරක් අනුව ගාල්ල පොලිසියේ උප පොලිස් පරික්ෂක එම්. නිමල් මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් විත්තිකරු අත් අඩංගුවට ගෙන ඇත.
විත්තිකරු කොළඹ පදිංචි අතර ගාල්ල ප්‍රදේශයෙන් දෙවන විවාහයක් කර ගෙන ඇති බවත් රැකියාවට ත්‍රි රෝද රථ අලංකරණය කිරීම කරන බවත් නඩු විභාගයේදි අනාවරණය විය .
ගාල්ල පොලිසිය වෙනුවෙන් දූෂණ මර්ධන අංශයේ සැරයන් සිසිර(14446) මහතා පෙනි සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දඬුවම් පැනවීම ඉතාමත් යෝග්‍යයි. නමුත් මහා පරිමාන කුඩු ජාවාරම් කරුවන් නිදැල්ලේ ඉන්නකොට මේ පොඩි අයට දඬුවම් දෙන එක විහිළුවක් නේද..?
මේ මනුස්සයාට කුඩු ලැබුණු විදිහ හොයලා ලොකු කුඩු මුදලාලිලාව අල්ලන්න බැරි ඇයි..?
කසිප්පු, කුඩු වැඩිපුරම තියෙන්නේ 225 ළඟයි.
එහෙනම් අර ක්‍රිකට් ක්‍රීඩකයාට ලේසි වෙන එකක් නෑ ... නීතිය කාටත් එකනේ...