හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙන ගිය 4කට දඩ
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට තහනම් මාර්ග භාවිත කර ඇතුළුවීම, ගිනිදැල්විය හැකි උපකරණ රැගෙන යාම හා සතුන් බෝවෙන ස්ථානයකට බාධාවක් ඇතිවන ලෙස හැසිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගත් ලද පුද්ගලයන් තිදෙනෙකුට, එක් අයෙකුට රුපියල් 60,000 ක් බැඟින් දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (19) නියෝග කළේය.