බෙල්ජියමේ කුමාරයෙකුට ස්පාඤ්ඤයේදී කොරෝනා ආසාදනය වී ඇතැයි බෙල්ජියම් රාජකීය මාළිගාව පවසයි.
28 හැවිරිදි ජෝෂිම් කුමරු ස්පාඤ්ඤයේ පැවැත්වුණු සාදයකට සහභාගී වීමෙන් පසුව කොරෝනා වැළඳී ඇත.
මාළිගය පවසන්නේ කුමරු මැයි 26 වනදා සීමාවාසික පුහුණුවක් සඳහා බෙල්ජියමේ සිට ස්පාඤ්ඤයට ගිය බවයි.
ඉන් දින දෙකකට පසු ස්පාඤ්ඤයේ දකුණු දිග කෝඩොබාහි සාදයකට සහභාගී වීමෙන් පසු කුමරු කොවිඩ් - 19 පරීක්ෂණයට භාජනය කෙරිණ.
මොහු බෙල්ජියමේ ෆිලිප් රජුගේ ඥාති පුත්‍රයෙකි.
සාදයට 27 දෙනකු සහභාගී වී ඇති අතර ස්පාඤ්ඤයේ ක්‍රියාත්මක වන අගුලු දැමීමේ ක්‍රියාවලිය යටතේ රැස්විය හැක්කේ උපරිම 15 දෙනකුට පමණක් බවත් සාදය එහිදී නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් සිදුවී ඇති බවත් පැවසේ.
ස්පාඤ්ඤ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සාදයට සහභාගී වූ සියලු දෙනා නිරෝධයනයට ලක්කර තිබේ.
ස්පාඤ්ඤයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 286 308 දෙනකු හමුවී ඇති අතර මරණ 27 125ක් සිදුවී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෙල්ජියමේ කුමාරයෙකුට ස්පාඤ්ඤයේදී කොරෝනා ආසාදනය වෙයි
chandima Sunday, 31 May 2020 05:01 PM
අපේ රටේ ඔටුන්න හිමි කුමාරවරුත් ආරක්ෂා කරගන්න වෙයි වගේ...