(විනීතා එම් ගමගේ)
නල්ලතන්නිය , ලක්ෂපාන වලමලෙයි වත්තේ දී මද්දකට හසුවීමෙන් පසු උඩවලව ඇත් අතුරු සෙවන සත්ව රෝහලේ ප‍්‍රතිකාර කරමින් සිටිය දී මියගිය කළු කොටියා ගේ ගෙල පෙදෙස බරපතල ලෙස අනතුරට ලක්ව තිබු බව ඇත් අතුරු සෙවන සත්ත්ව රෝහලේ වෛද්‍යවරු පවසති.
එම සතා මද්දට හසුවී පැය 12 කට වැඩි කාලයක් සිටින්නට ඇතැයි පෙනෙන බවත් එම සිද්ධිය බැලීමට පැමිණ සිටි පිරිසේ කෑකෝ ගැසීම් නිසා ඌ වරින් වර මද්ද පිටින්ම කඩාපනින්නට තැත්කිරීම නිසා බෙල්ලට දිගින් දිගටම හානි සිදුවන්නට ඇතැයි සිතිය හැකි බවත් එම සත්ත්වයාට ප‍්‍රතිකාර කළ කණ්ඩායමේ සාමාජිකයෙක් පැවැසීය.
එම සතාට ප‍්‍රතිකාර කිරීමේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන ප‍්‍රතිකාර කළ බවත් ඔවුන් සමග සම්බන්ධීකරණයෙන් සියලූ ප‍්‍රතිකාර සිදුකළ බවත් කී ඔහු දැනුම පමණක් නොවන කුසලතා හා අත්දැකීම් සපිරි කණ්ඩායමක් එම ප‍්‍රතිකාර කළ බව ද පැවැසීය.
ඉකුත් 26 වැනිදා මෙම කළු කොටියා වලමලෙයි වත්තේ එළවළු වගා භූමියක මන්දකට හසුවී සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශූ වෛද්‍යවරුන් හා රන්දෙණිගල පශූ වෛද්‍යවරුන් විසින් කොටියා නිර්වින්දනය කර මුදාගෙන වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා උඩවලව ඇත් අතුරු සෙවන පශූ වෛද්‍ය රෝහලට රැගෙන ගිය අතර එහි ප‍්‍රතිකාර කරමින් සිටිය දී මියගියේය.]
පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබු නමුත් වනජීවී නිලධාරින්ගේ ඉල්ලීම මත එම සිරුර පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පශූ වෛද්‍ය ඒකකය වෙත ගෙනයනු ලැබිණි.
එහිදී සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේ වාර්තාව අද හෝ හෙට ලැබීමට නියමිතව ඇති අතර එහි දී මරණයට හේතුව හෙළි වනු ඇතැයි පැවැසේ.
එම කළු කොටියා මද්දෙන් බේරාගත් අවස්ථාවේම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පශූ ඒකකය වෙත ගෙන නොගියේ මන්දැයි ලංකාදීප කළ විමසුමක දී එම රෝහලේ නිලධාරියෙක් කියා සිටියේ පේරාදෙණියේ එම ඒකකයේ ඇත්තේ පහසුකම් සහිත පශූ රෝහලක් නොවන බවය.]
එහි උපකරණ මෙන්ම පහසුකම් ද මෙම සත්වයාට ප‍්‍රතිකාර කිරීම සඳහා ප‍්‍රමාණවත් නොවන බැවින් උඩවලව ගෙන ගිය බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් සතෙක් මන්දකට හසුවී හෝ හක්ක පටස් එකකට හෝ වෙඩිල්ලකට හසුවී මියයන තෙක්ම වනජීවියේ බලධාරීන් සුව නින්දේ ! .. රැකගත යුතු දුර්ලභ වන සතුන් රැකීමට ඇති පාරිසරික නීති හරිහැටි ක්‍රියාත්මක නොවී වල් වැදීලාය. මේ අපරාධ කරනාවුන් නීතියට බිය නැත. මන්දයත්, පරිසර නීති පද්ධතියම පොත්පත් තුළ සුවසේ නිදනා බැවිනි. එබැවින්.. හක්ක පටස් .. මන්ද.. බඳිනා තුවක්කු .. මරු වළවල් ..ආදිය දඩයමට තව තවත් සුදානම්ය. එක්වර සන්නද්ධ හමුදාවන් යොදවා මේ නිවෙස් පරීක්ෂාවකට ලක් නොකරන්නේ ඇයි? ඔවුන්ගෙන් වෙන වෙනම ප්‍රශ්න නොකරන්නේ ඇයි? සත්‍ය වශයෙන්ම බලධාරීන්ට එවන් වුවමනාවන් ඇත්තේම නැත. ඒ මන්ද යත්, මස් වැද්දන්ගේ ඡන්ද ටික නොලැබෙනා බැවිනි.
නොමිනිසුන් කළ පාපකාරී ක්‍රියා නිසා, මෙලොව හැරගිය ඒ අසරණයා ගැන මෙවන් පුවත් නැවත නැවත කියවන්නට ලැබීමෙන් වෙන්නේ, අපේ හදවත් තුළ ඇති වූ තුවාලය තව තවත් පෑරීම පමණයි. වඳවී යන මේ අති දුර්ලභ සත්වයන් ගැන, මිනිසුන් දැනුවත් කර, ඉතිරි වී සිටින කළු කොටියන් හෝ ආරක්ෂා කර ගැනීමට බලධාරීන්ට හැකියාව ලැබේවා...!
ඒක සම්පූර්ණ ඇත්ත, පේරාදෙණිය පශුවෛද්‍ය රෝහලට ගෙනගියා නම් එයා ඔයිට කලින් මැරිලා! ඇයි ගේට්ටුව ළඟ පෝලිමේ ඉඳලා ID කාර්ඩ් පෙන්නලා සිකුරිටි පොතේ ලියලා එනකොට බබා හම්බවෙලා..!
පසුගිය කාලයේ ඉතා දුර්ලභ මෙම කළු කොටියා ගැන ප්‍රචාරයක් ආවහම ඉදිරියේ දී මේ සත්වයාට වන ඉරණම ගැන කවුරුත් දැනගෙන සිටියා. පසුගිය කාලයේ දී දුර්ලභ කැස්බෑවන් සම්බන්ධ ප්‍රශ්ණයක් ආවා... අපිට මතකයි. මෙම කළු කොටියාත් සමහරවිට අල්ලා විකුණන්න සූදානමක් තියෙන්න ඇති. චීනයේ පැන්ඩාවෙක්ට හිරිහැර කළොත් දරුණුම දඬුවම් දෙනවා. දැන් ලංකාවේත් එවැනි දඬුවම් නොදුන්නොත් මෙම සතුන් නැත්තටම නැතිවී යාවි...
අනේ මේ අය දන්නා වෙදකම... ගමේ ගොඩේ වෙදෙකුට මේ සත්වයා දුන්නා නම් මේ සතාට හොඳට වෙදකම් කරලා... අද සතා ජීවතුන් අතර.