(ඩයනා උදයංගනී)
ලබන වසර වෙනුවෙන් පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා වන අයදුම්පත් සමඟ පදිංචිය සනාථ කිරීම සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ වසර පහක ලියාපදිංචිය ඉදිරිපත් කළ යුතු අයට එම තොරතුරු ග්‍රාම නිලධාරීන්ගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය මගින් ලබාගත හැකි බව එම කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමෙන් මෙම තොරතුරු ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව එක්රැස්වීම අවම කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇතැයි ද ඔහු කීවේය.
එබැවින් පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන ලබාගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යෑමෙන් වැළකී සිටින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත්, එම කාර්යාල මගින් මෙම තොරතුරු නිකුත් නොකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ මානව හිමිකම් රඳා පවතින්නේ දෙමාපියන් වාසය කරපු ස්ථානය මතද?
මෙච්චර කල් මිනිස්සුන්ව මැතිවරණ කාර්යාලවල ඒ.ජී. ඔෆිස්වල රස්තියාදු කලේ මෙහෙම කරන්න පුලුවන්කම තියෙද්දී. මැතිවරණ කොමිසමට ලැජ්ජාව කියලා එකක් නැද්ද? මිනිස්සුන්ගේ බදු මුදල්වලින් යැපෙන ගමන් මහජනතාව රස්තියාදු කරන්නේ...
මගෙ මුල් පදිංචි ස්ථානය 462/cග්‍රම නිල දාරි කොට්ඨාසය.නමුත් මම එය ගම්පහ දිස්ත්‍රික්කයේ 213/Aකොඨාසය වෙත එය රැගෙන ගිය පසු.එය වැරදි ලෙස ලකුණු කර ඇති බවයි එම නිලධාරී තුමා පැවසුවේ.මම එය රැගෙන ගියේ 2018.මගෙඅනන්්ය තාව එක් කොට්ඨාසය ක් තුළ වත් නොමැත.මගෙ දුව ලබන වසරේ පාසල් ඇතුළත් කරන්නේ කෙසේද.890502032V මගෙ හැදුනුම්පත් අංකය.කරුනාකර මට සහය වන්න..... ස්තුතියි.