නිමාලි කහවල
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි සේවයේ නියුතුව සිටි හොරණ, කඳන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු පදිංචි නිවසේ සාමාජිකයින් ඇතුළුව ඔහු සමඟ සමීපව ඇසුරු කළ පවුල් තුනක සාමාජිකයින් සහ හොරණ ප්‍රදේශයේ වෙළඳසැල් 4 ක කාර්ය මණ්ඩල සේවකයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
අදාළ යුද හමුදා නිලධාරියා විදේශයන්හි සිට මෙරටට පැමිණි ලාංකිකයින් සම්බන්ධයෙන් ගුවන් තොටුපළේදී සමීපව කටයුතු කර ඇති බව පැවසෙන අතර, ඔහු නිවාඩු ලබා හොරණ, කඳන පිහිටි සිය නිවසට පැමිණ යළි සේවයට වාර්තා කිරීමේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි.
ඒ අනුව අදාළ හමුදා නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් ඇතුළුව තවත් පවුල් තුනක සාමාජිකයින් 15 දෙනෙක්ද, එම නිලධාරියා පැමිණි බවට හඳුනාගත් හොරණ නගරයේ වෙළඳසැල් හතරක සාමාජිකයින් 30 කට ආසන්න පිරිසක්ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත්, ඉදිරියේදී ලැබීමට නියමිත ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චානක මල්ලිකාරච්චි මහතා පවසා සිටී.
“එසේම අදාළ හමුදා නිලධාරියා එම වෙළඳසැල් වලට පැමිණි අවස්ථා වලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නිවැරදි ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම හේතුව නිසා ඔහුගෙන් වෙළඳසැල් වල ආශ්‍රිතයින්ට වෛරසය බෝවීමේ අවදානම අවම මට්ටමක පවතින බවත්, නමුත් එම අවම තත්ත්වයද ශුන්‍ය කිරීමේ අරමුණින් අදාළ වෙළඳසැල් වසාදැමීමට තීරණය කළ බවත්” වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා අවදානමක් හේතුවෙන් හොරණ වෙළඳසැල් වැසේ
sanjeeva Sunday, 31 May 2020 08:59 AM
දැන් එතකොට TV කැමරාකාරයන්, මාධ්‍යකාරයන් ඇවිල්ලා මෙව්වා මුළු රටටම පෙන්නලා පොඩි ආතල් එකක් දෙන්නේ නැත්තේ ඇයි?
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 31 May 2020 09:06 AM
අප මීට පෙර අවස්ථාවන් ගණනකදී විදෙස්ගත අය ගෙන්වීමේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වය ගැන කරුණු උදාහරණ සහිතව පෙන්වා දුන්නා. සමහර දෙනා අපට අපහාස කළා. ඒත්, දැන්වත් පිටරට සිට පැමිණෙන අය ගැන මීට වඩා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කරන්න...