(නිමන්ති රණසිංහ)
ඩෙංගු රෝගයෙන් මේ වසරේ 20 දෙනකුත් පසුගිය වසරේ 150 දෙනකුත් මරණයට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
කොවිඞ් වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරනවා සේම ඩෙංගු රෝගයෙන් ද ජනතාව ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අප සතු බවත්, ඒ ස`දහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ‘ඩෙංගු මර්දන කාර්ය සාධක බලකායක්’ පිහිටුවා ඇති බවත් අමාත්‍යවරිය සදහන් කළාය.
අමාත්‍යවරිය මේ බව සදහන් කළේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය. ඔබට අධික උණ තත්ත්වයක් ඇත්නම් එම රෝග ලක්ෂණය ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් විය හැකියි. එවිට ඩෙංගු රෝගයට ප‍්‍රතිකාර කරනු ලබන ඔබ ප‍්‍රදේශයේ දිස්ත්‍රික්කයේ ඇති ප‍්‍රධානතම රෝහලකට යෑම වඩාත් සුදුසු වේ.
ඔබේ පරිසරය පිරිසිදුව තබා ගැනීම, ඔබ අවට ගොඩනැගිලි පිරිසිදුව තබා ගැනීම ඔබේ වගකීමක් ලෙස සලකා ක්‍රියා කරන ලෙස අප ඉල්ලා සිටිනවා. කොරෝනා වයිරසය පාලනය කිරීමේ කාර්ය භාරය සදහා පළාත් පාලන ආයතන විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබුවා. විශේෂයෙන්ම හුදෙකලා කරනු ලැබූ ප‍්‍රදේශවලට අවශ්‍ය ආහාරපාන ඇතුලූ අනෙකුත් පහසුකම් සැපයීම ආදිය සිදුකරනු ලැබුවේත් ඔවුන්. මේ හේතුවෙන් කොරෝනා වයිරසය පාලනය කිරීම සදහා සහාය දැක්වූවා සේ ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සදහා සියලූම පළාත් පාලන ආයතන නියෝජිතයින්, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන් මෙන්ම සභාපතිවරුවන්ගෙන් ද තවදුරටත් සහය ලබා දෙන ලෙස රජයක් ලෙස ඉල්ලා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප පරාණ බය.. කොරෝනා වලින් මැරුණේ 10 යි. ඒත්, අප බිය නැති ඩෙංගුවා 20 ක් මරලා... බල්ලන්, බළලුන් නොවෙයි මිනිස් ජීවිත.. මිනිස් ජීවිත ..
ගෙවල්වල අපජලය පොදු කාණු පද්ධතියට මුදාහැරීම තහනම්... නමුත් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මදුරුවන් බෝ වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ....
එහෙනම් මේ කොරෝන එතරම් කජ්ජක්ද? කොරෝනා වලින් මැරිලා තියෙන්නේ දහදෙනානේ?
ඉස්සර... ඒ කියන්නේ මීට දශක 2කට විතර කලින් ඩෙංගු නිසා මිනිස්සු මලේ ඒ ගැන වෛද්‍ය කාර්ය මණ්ඩලයට තිබුණු අල්ප දැනුම නිසා. නමුත් දැන් එහෙම නැහැ.. ඕනෑම පුංචි රෝහලක ඉන්න වෛද්‍යවරයෙක් දන්නවා ඉතා හොඳින් ඩෙංගු කළමනාකරණය කරගන්න. ඉතින් දැන් කව්රුහරි මැරෙනවා නම් ඒ හුඟක් වෙලාවට නිසි වෙලාවට රෝහල් ගත නොවීම නිසා තමයි. අනික මේ මදුරු පාලනයට ජනතාව වගේම පළාත් ආයතනත් දක්වන උනන්දුව හොඳටම මදි...