(නිමන්ති රණසිංහ)
මෙරට කොරෝනා වයිරස තත්ත්වය පිළිබ`දව ෆේස්බුක් හරහා තොරතුරු ලැබී ඇති බව ස`දහන් කරමින් මාධ්‍ය ප්‍රකාශයක් ලබාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හෙට (29) කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව ඇත.
හිටපු අමාත්‍ය ෂීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉකුත් මාර්තු මස 18 වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වා, කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ජනතාව තුළ අනිසි බියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ස`දහන් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ පැමිණීල්ලකට අදාළ මෙම ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියකු ලංකාදීපයට පැවසිය.
මෙම ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටද නියමිතව ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පිළිබදව තමා මෑතකදී ෆෙස්බුක් හරහා තොරතුරු බෙදා ගත් බවත් කොරෝනා පැතිරිම නැවැත්වීමට තමා අත්අඩංගුවට ගැනීමෙන් උදව් ලැබේ නම් තමන් සිරගෙට යාමට පවා සූදානම් බවත් ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙම මාධ්‍ය හමුව පවත්වා තිබුණේ ඉකුත් මාර්තු මස 19 වැනිදා කොළඹදීය.
ඒ අනුව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට සිද්ධිය සම්බන්ධයෙන් හෙට (29) පෙරවරු 10.00ට ප්‍රකාශයක් ලබා දීම සදහා පැමිණීමට දැනුම් දී ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ බොරු වැඩ...? ආණ්ඩුවට කරන්න වැඩ නැද්ද? තාමත් තාජුදීන්ගේ මිනීමරුවන් නිදැල්ලේ... අරජුන් මහේන්ද්‍ර සිංගප්පූරුවේ, බැඳුම්කර හොරු එළියේ... මේවා කොමඩි මිනිස්සු හිනාවෙනවා තමුන්නැහේලාට...
අර ජාතින් අතර ප්‍රශ්න ඇති කරන්න සංවාදවලදී හොරෙන් කතා කරපු එව්වෝ ගැන නඩු නැහැ... බොරු සෝබන තමයි ....
අමුතු FCID දාලා අමුතු පරීක්ෂණ කරලා හාමුදුරුවන්ටත් අපහාස කරපු යහපාලන යුගේ දැන් අමතකයි වගේ.
වසර 30 ක යුද්ධය අවසන් කිරීම උදෙසා නායකත්වය දුන් වරදටද..?
මෙන්න රණවිරුවෝ දඩයම් කරනවෝ...
ඔන්න රණවිරුවන්ට ශ්‍රී ලංකාවේ යන කල...
තෙරුවන් සරණයි...!!!
යහපාලනයත්.. නිකන් සිරිසේන වගේමයි. තනිකරම විහිලුවක් වේගෙන එන්නේ..
ආණ්ඩුවේ දඩයම හා නිරුවත තව දුරටත්... කරන්න මෙච්චර වැඩ තියනවා. ඒවා හා ජනතාව අමතක කර විපක්ෂය පස්සෙන් එළවනවා. අනේ මන්දා මෙච්චර බය....
දේශපාලන දඩයම් තමයි...
මෙයාලා කොරෝනා අස්සේ ක්‍රිකට් පිට්ටනි හදන්න යන එක අහන්නත් දෙයක්ද? මේ කරන වැඩවල හැටියට... මේ වෙලාවේ හැමෝම එකමුතුව රට ගොඩගන්න බලමු (යුද්දෙට කළා වගේ) පස්සේ අැණ කොටාගන්න බැරුව...
එතකොට දොස්තරලත් කරන්නේ මේ රටේ ජනතාව බය කරන එකද? රජකම ඉහට ගහලා, උඩ පැනලා කරන ඡන්දයේ , ලැබෙන ප්‍රතිඵලය බිමට වැටුණාම බලාගන්න පුළුවන් වෙයි? හිතාගෙන ඇති, දෙපිලේම හොරු (මහා බැංකු හොරු සමග) කරන තක්කඩි සෙල්ලම මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නේ නැහැ කියලා..
කොහොමහරි අත්අඩංගුවට පත් වුණොත් ඡන්දේ දිනුම්.
යහපාලන රජයේ හිටපු ඇමතිවරු පස්සේ පන්න පන්නා රජයේ බෝඩිමට යැවීම හැර රජයට වෙන වැඩක් ඇත්තෙම නැද්ද?