ලාංකික ගුවන් මගීන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව
ලොව පුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැඳී සිට, මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය.