ඇමෙරිකා ජාතික වෙසක් උත්සවයට උපරිම සාහාය ලබන වසරේදී අමෙරිකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන ජාතික වෙසක් දින සැමරීම සදහා ශ්‍රී ලංකා රජයේ උපරිම සහාය ලබාදෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි. 30 July 2025
60 වසරක මිතුදම සමරන්න ජනපති පැළ සිටුවයි මාලදිවයිනෙහි රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගී විය. 30 July 2025
සී අයි ඩි යෙන් බාරදුන් අපරාධකරු පලාගියැයි රත්නපුර පොලීසියේ තුනකගේ වැඩතහනම් අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ අද(30) වැඩතහනම් කර ඇත. 30 July 2025
අච්චුවේලි වලින් තරුණයකුගේ සිරුරක් හමුවෙයි යාපනයේදී අබිරහස් ලෙස මිය ගොස් සිටි තරුණයකුගේ මෘත දේහයක් හමුවූ බව යාපනය අච්චුවේලි පොලිසිය සදහන් කරයි. 30 July 2025
භූමිකම්පාවෙන් පසු ගිනි කන්දක් පුපුරයි රුසියාවේ භූමිකම්පාවෙන් පසු ක්ලුචෙව්ස්ක්කී ගිනි කන්ද සක්‍රිය වී පුපුරා යෑමට පටන්ගෙන ඇත. 30 July 2025
ගුවන් ගමන්: නාවික ගමන් අඩපණයි රුසියාවේ ඇති වූ භූමිකම්පාව සහ ඉන් අනතුරුව හටගත් සුනාමි රළ හේතුවෙන්, සමුද්‍රීය සහ ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත. 30 July 2025
නීති කඩා ගෙන්වූ වාහන හරවා යවයි පනතේ කොන්දේසි සපුරා නැතිව නීතියට පිටින් ගෙනවිත් අැති වාහන ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළේය. 30 July 2025
ඉන්දියාවට සියයට 25 ක තීරු බදු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලබන අගෝස්තු 1 වැනිදා සිට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පනවා ඇති බව පැවැසෙයි. 30 July 2025
වන අලි ඇතුන් සංහාරයට කොළඹ විරෝධයක් නිති විරෝධී ගිනිඅවි, හක්කපටස්, උගුල් සහ මාරක විදුලි රැහැන් හේතුවෙන් වන අලි ඇතුන් මරණයට පත්වීමට බලධාරීන්ගේ අවදානයේ යොමු කිරීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (30) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ. 30 July 2025
ගිනි අවි සඟවා ගත් තිදෙනා රඳවා ගන්න නියෝග එල්.ටී.ටී. ඊ යුද සමයේදී එක්රැස් කළ අවි ආයුධ සඟවා තබා ගනිමින් දකුණේ පාතාල සාමාජිකයින්ට හා අපරාධකරුවන්ට කුලියට ලබා දුන්නේ යැයි අත් අඩංගුවට ගත් වවුනියාව නෙරිකුලම් හි පදිංචි සැකකරුවන් තිදෙනා දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. 30 July 2025
ලලිත් සහ කූගන් නඩුවට සාක්කි දෙන්න ගෝඨා සූදානම් මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් සහ කුගන් නමැත්තන් මීට වසර 14කට පෙර අතුරුදන් වීම සම්බන්ධයෙන් පවරා ඇති හබයාස් කෝපුස් පෙත්සම් වලට අදාළව සාක්කිදීමට සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය. 30 July 2025
සෙවනගල සීනි සමාගම ගොවීන්ට කෝටි 20 ක් ණයයි සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක්ගස් සැපයූ ගොවීන්ට සහ ප්‍රවාහනය කළ ට්‍රැක්ටර්හිමියන්ට රුපියල් මිලියන 205 ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික මුදලක් ගෙවීමට ඇති බවත් ඉදිරි සති දෙක තුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්වයට විසඳාගැනීමට බලාපොරොත්තු වන බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීපිකා ගුණරත්න මහත්මිය අද (30) පැවසුවාය. 30 July 2025
හමුදාපතිට වසරක සේවා දිගුවක් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්රිගෝ මහතාට හෙට(1) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර සේවා දිගුවක් ලබාදී ඇත. 30 July 2025
ලාංකිකන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක සංචාරක වීසා සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා (on-arrival) සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත. 30 July 2025
බී.වයි.ඩී. වාහන ගැන බලධාරින් සමග සාකච්ඡා ඇතැම් බී.වයි.ඩී වාහන මාදිලි සම්බන්ධයෙන් මතුව ඇති කරුණු කීපයක් නිදාකරණය කර ගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම අද (30) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 30 July 2025
දූපත් රැසකට සුනාමි බලපෑම් රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේ හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන්, ඇමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි. 30 July 2025
නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ් පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි පොල්ගහවෙල අධිකරණය අද නියෝග කළේය. 30 July 2025
ලෝක ආදිවාසී සැමරුම දඹාන වැදි ගම්මානයේ 2025 ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදි වාසී ගම්මානයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. 30 July 2025
ආදේශක තැපැල් සහායකයන් දාහක් ස්ථිර වෙයි දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමට රජයේ අනුමැතිය ලැබී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 30 July 2025
පානදුරේ වෙඩික්කරු පොලිසියෙන් පැන යයි පානදුර වෙඩ් තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පොලිසියෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි. 30 July 2025
වෙරළේ හොරට හදන ගොඩනැගිලි වලට දඩයක් වේරල තීරයේ අනවසර ඉදිකිරීම් වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි 30 July 2025
මන්ත්‍රී පැන්ෂන් නැති කරන කෙටුම්පත එන කැබිනට්ටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. 30 July 2025
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අලුත් සභාපතිවරයෙක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත. 30 July 2025
ඝාතනවලට සම්බන්ධ දෙන්නෙක් අල්ලයි 2007-2008 වර්ෂ වල නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2025
ධීවරයන්ට හදිසි අනතුරු රක්ෂණයක් ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සකස් කරගත් කිමිදුම් කටයුතු වල නිරත වන ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 30 July 2025
භූමිකම්පාවෙන් පසු සුනාමි එයි රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේවනවිට රටටවල් කීපයකට සුනාමි රළ කඩා වැදී ඇත. තවත් රටවල් කීපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇත. 30 July 2025
යුනෙස්කෝ ලංකා ජාතික කොමිසමේ නිලධාරී මණ්ඩලය පත් වෙයි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරිණි. 30 July 2025
’’කිව්ව එක දෙයක් කරන්නේ තව දෙයක්’’ ආරක්ෂාව නැතුව වැඩ කරනවයි කියපු කට්ටිය ඊට පරස්පර විදිහට හැසිරෙන විට ඒ සියලු දෙනා රට ඉදිරියේ හෑල්ලු වන බව සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය. 30 July 2025
කෝටි තුනහමාරක දේපළ තහනමක්:කාන්තාවක් අත්අඩංගුවට උපයා ගත් ආකාරයක් හෙළි කිරීමට නොහැකි ලෙස මුදල් රැස්කර පර්චස් 8 දශම 67 වපසරියකින් යුත් ඉඩමක රුපියල් කෝටි 3 1/2 ක දල වටිනාකමක් තිබෙන දෙමහල් සුඛෝභෝගී නිවසක් ඉදිකරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 30 July 2025
නම ගිය දෙදාහකගේ ෆෝන් වලට ’’හැකරු’’ රිංගලා දේශපාලනඥයන්, වෘත්තීයවේදින් කලාකරුවන් ඇතුළු දෙදහසකට වැඩි පිරිසකගේ දුරකතනවලට හැකරුන් (Hackers) මෑත භාගයේදී වරින් වර හොර රහසේ ඇතුළුවී මුදල් වංචා කර ඇතැයි පොලිස් සහ දුරකතන සේවා ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ. 30 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025