(ගයාන් සූරිය ආරච්චි )

පුද්ගලයින් පිරිසකට  පහරදී පලායමින් තිබූ වෑන් රථයක් බිබිල මැදගම ඇස් ගෙඩි පාලම අසලදී නවතා පරීක්ෂා කිරීමේදී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ දෙකක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව මැදගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි 30,35 සහ 47 වියේ පසු වන තිදෙනෙකි.සැකකරුවන් ගමන් ගත් වෑන් රථයද පොලිස් භාරයට  ගෙන ඇත. මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.