පිහි ඇනුමකින් අයෙක් මරුට තිස්සමහාරාම ,පුංචි අකුරුගොඩ සංචාරක අවන් හළක් තුළ අද (04) අලුයම සිදුවූ පිහි ඇණුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පැවසීය . 04 December 2025
අද සවස මිලි මීටර් 75 වැඩි තද වැසි උතුරු,උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බනතොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 December 2025
අවසන් ගෞවර නෑ:පෙට්ටියක්වත් නැතිව වැළලුණු මිනිස්සු ‘‘දිට්වා‘‘ සුළි කුණාටුව හේතුවෙන් කොත්මලේ නැගෙනහිර හා බටහිර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ද්විත්වයේ ස්ථාන බොහෝමයකට දැඩි හානි ගෙනදුනි. එහිදී කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රම්බඩගම ගම්මානය දරුණු නාය යෑමකට ලක් වූ අතර එහිදී පුද්ගලයන් තිහකට ආසන්න පිරිසක් මියගිය අතර ඇතැම් පුද්ගල මල සිරුරු මේ වනතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත. 04 December 2025
ආපදාවෙන් වැඩිම මරණ මහනුවරින් දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද 04 වනදා දක්වා ලැබී ඇති වාර්තා අනුව දිවයිනේ වැඩිම ආපදා මරණ ගණන අතුරුදහන්වීම් ගණන වාර්තා කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 229 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි. 04 December 2025
අධිවේගයේ නොමිලේ පහසුකම් අවසන් කරයි අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා සියලුම වාහන වලින් පෙර පරිදි මුදල් අය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 04 December 2025
ජපන් තවත් වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට ආපදා තත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ’’ ක්ෂේත්රගත රෝහලක් ’’ පවත්වා ගෙන යාම සදහා 41 දෙනකුගෙන් යුතු ජපන් ජාතික වෛද්‍යවරු ඇතුළු සමස්ථ රෝහල් කාර්යය මණ්ඩලයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. 04 December 2025
රට ගොඩ නගන අරමුදලේ කළමනාකරණ කමිටුව රැස්වෙයි දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව රට නැවත ගොඩනැඟීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ස්ථාපිත කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව එහි සභාපති කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය. 04 December 2025
උඳුවප් පුන් පෝය අද (4) දිනයට යෙදී තිබේ. වසරේ අවසන් පෝය වන උඳුවප් පෝය ශාසන ඉතිහාසයේ විශේෂ පෝයක් වන අතර එම පෝය ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයට වඩාත් වැඳගත්ය. 04 December 2025
IMF හයවැනි වාරිකයත් නිදහස් කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ සයවෙනි වාරිකය ඉතා ඉක්මනින් නිදහස් කිරීමට එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සයවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් සති දෙකක් තුළ මෙරටට ලැබෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය. 03 December 2025
පාකිස්තාන් ආධාර රැගත් ගුවන් යානයක් පැමිණේ පකිස්තානු රජය විසින් පරිත්‍යාග කළ ආපදා ආධාර රැගත් පළමු ගුවන් යානය අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 03 December 2025
කොස්ගම වෙඩිතැබීමක් කොස්ගම බොරලුගොඩ කනිටු විදුහල අසලදී අද(03) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලද පුද්ගලයෙකු රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 03 December 2025
වින්ග් කමාන්ඩාර් නිර්මාල්ගේ උපාධි ලෝගුව දේහයට පළඳවයි ගංවතුරින් අවතැන් වූවන්ට සහන සලසමින් සිටියදී කාර්මික දෝෂයක් හේතුවෙන් හෙළිකොප්ටර් යානය වෙන්නප්පුව ලුණුවිල ගංඔයට කඩාවැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය වින්ග් කමාන්ඩාර් නිර්මාල් සියඹලාපිටිය මහතා අද දින ලබා ගැනීමට නියමිතව තිබූ පශ්චාත් උපාධි සහතිකය සහ රතු ලෝගුව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ඔහුගේ දේහය මත තැන්පත් කළේය. 03 December 2025
සරසවි සිසුන්ට මහපොළ තවත් වාරිකයක් විශ්වවිද්‍යාල සිසුන්ට හෙට (5) තවත් මහපොළ වාරිකයක් ගෙවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි 03 December 2025
ඔන්මැක්ස් ඩී.ටී අධ්‍යක්ෂකවරුන් සිව්දෙනකුට අධිකරණ නියෝගයක් ජනතා මුදල් රුපියල් කෝටි 2000 කට අධික මුදලක් වංචා කර ඇතැයි කියන ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය. 03 December 2025
අධික මිලකට එළවළු අලෙවි කළ 7ක් අල්ලයි අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හමුවේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින අවස්ථාවක පාරිභෝගිකයින් මුලාවට පත් කරමින් , මිළ ප්‍රදර්ශනය නොකොට අධික මිලකට එළවලු අලෙවි කළ වෙළඳුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 03 December 2025
බංග්ලාදේශයත් ලංකාවට ආධාර කරයි ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බංග්ලාදේශයේ සහනාධාර රැගත් එරට ගුවන් හමුදාවේ C-130 ගුවන් යානය අද (03) පස්වරුවේ පමණ මෙරටට ළගා විය. 03 December 2025
පැලවත්තට පවරාගෙන ඇති බලය පාර්ලිමේන්තුවට දෙන්න පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ජනාධිපතිවරයා වහා ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතමින් අද(3) ප්‍රකාශ කළේය. 03 December 2025
නුවරඑළියට ළඟා විය හැකි පාරවල් මෙන්න නුවරඑළියට නගරයට පිවිසිය හැකි විකල්ප මාර්ග රැසක් ගමනාගමනය සඳහා මේ වනවිට විවෘත කිරීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ නිශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 03 December 2025
මහනුවරට සියයට 50කට වතුර යථා තත්වයට දින ගණනාවක් පුරා අඩපණව පැවැති මහනුවර නගර සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම 50% කින් පමණ නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 03 December 2025
උඩරට දුම්රිය මාර්ගය හදන්න මාස දෙකක් ආපදාවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය සාදා නිම කිරීමට මාස දෙකක් පමණ යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 03 December 2025
දහම් පාසල් විභාග කල් යයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය කල් දැමූ බව අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් සුජානි මහේෂා සිල්වා මහත්මිය පවසයි. 03 December 2025
කඳු පරීක්ෂාවට විශේෂඥ කණ්ඩායම් මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල කඳුවල සහ ඒ ආශ්රිත ගම්මාන වල පදිංචිය ආරක්ෂිතදැයි තහවුරු කර ගැනීමට අද සිට විශේෂඥ කණ්ඩායම් යොමු කරන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය 03 December 2025
ජල යෝජනා ක්‍රම 150 ක් ආපදාවට ලක්වෙයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ක්‍රියාත්මක කරන ජල යෝජනා ක්‍රම 342 න් ජල යෝජනා ක්‍රම 150 ක් ආපදාවට පත්ව ඇති බවත් ඉන් ජල යෝජනා ක්‍රම 17 ක් සම්පූර්ණයෙන්ම හානිවී ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. 03 December 2025
අරාබියේ හතර වැනි ආධාර යානයත් එයි ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට අඛණ්ඩ සහාය පළ කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහනාධාර රැගත් සිව්වන ගුවන් යානය අද (03) පස්වරුවේ මෙරටට ළගා විය. 03 December 2025
මඟහැරුණු ලංගම ආසනයට වෙනත් ආසනයක් ගන්න ’’දිට්වා’’ සුළි කුණාටුවෙන් වූ ව්‍යසනකාරී තත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල කලින් ආසන වෙන්කරගත් මගීන් 15,000 ක් සිටින බවත් ඔවුන් වෙන්කරගත් එම ආසන වෙනුවෙන් කැමති වෙනත් දිනයක ආසන ගැනීමේ හැකියාව පවතින බවත් එම මණ්ඩලයේ ආසන වෙන්කිරිමේ සේවාව සිදුකරන ආයතනය පැවසීය. 03 December 2025
පොලිස් විශේෂ කාර්ය බළකායට චීනෙන් පරිත්‍යාග අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට සහ ජනතාවට සහන සැලසීම සදහා රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් වියළි සලාක සහ චෙක්පතක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත චීන වෙළෙද එකමුතුව අද (3) පරිත්‍යාග කළේය. 03 December 2025
ඊළඟ සති හතරේ බිලියන 50ක් වියදම් කරන්න සල්ලි තියෙනවා ඊළඟ සති හතරේ බිලියන පනහක් පමණ ආණ්ඩුවට වියදම් කරන්න මුදල් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ)පාර්ලිමේන්තුවේ දී පැවසීය. 03 December 2025
ට්‍රම්ප්ගේ සාම ගිවිසුම පුටින් විසි කරයි යුක්රේන - රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සකස් කළ සාම ගිවිසුම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා ප්‍රතික්ෂේප කළේය. 03 December 2025
ආණ්ඩුව හදිසි නීතියෙන් මාධ්‍ය නිදහස උදුරන්න හදනවා ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කර කතා කිරීමේ සහ මාධ්‍ය නිදහස යටපත් කරන්න උත්සාහ කරන බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 03 December 2025
බිඳ වැටුණු කර්මාන්ත ගැන කියන්න දුරකථන අංකයක් ’දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ කර්මාන්ත පිළිබඳ දත්ත රැස්කර කර්මාන්ත නැවත නඟා සිටුවීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය කියයි. 03 December 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026