
(අංජුල මහික වීරරත්න)
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් කොටු පොළින් පිටත් වන ගුවන් මගින් රැඳී සිටීමේ පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත් වන ගුවන් මගීන් රැඳී සිටින පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පරීක්ෂා කිරීමේ කවුලු 36 ක් සහ මගී පර්යන්තයේ සිට ගුවන් යානා වෙත පිවිසීමේ දොරටු හයක් සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ලංසු තුනක් ලැබී තිබේ. එම ලංසු ඇගැයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන M/s Maga Engineering (Pvt) Ltd. වෙත ඇමෙරිකා ඩොලර් මිලියන 7.26 ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත ) සහ රුපියල් බිලියන 3.77 ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටුපල දැන් වසර ගණනාවක සිට කඩා ගෙන හදනවා මේක ඉවර වෙන්නේ කවදාද ? පැමිණීමේ සහ පිට වීමේ දොරටු නිකන් හුන්ඩුවක් වගේ , නිතරම මෙම දොරටු අසල වාහන තද බද ? කරුණාකර මේක යම් කිසි පිළිවෙලකට කරන්න බැරිද ?
ජාතික ගුවන්තොටුපලේ පැමිණීම සහ පිටවීම ලඟ වාහන හැසිරවීම ඉතාම අකාර්යක්ෂමයි. වාහන ඉවත්කරගන්න කියන විසිල් සද්දේ විතරයි හැමවෙලේම තියෙන්නේ. රෝද පුටුවකින් එන ලෙඩෙකුටවත් සාධාරණ කාලයක් දෙන්නෑ. එතන ලේන්ස් දෙක තුනක් දාන්න ක්‍රමයක් හදල දුන්නොත් මගීන්ට අපහසුව අඩුවෙනවා.
ගුවන් මගින් රටට එන සංචාරකයින්ගේ පැමිණීම දිනෙන් දින වර්ධනය වෙනවලු. ඒ තරමටම ගුවන් තොටුපළට සහ රජයට ලැබෙන ආදායමත් ප්‍රසාරණය වෙනවා වෙද ? ඉතින් මොන මගුලකට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන්නේ, එහි තිබෙන හදිසි වැඩ කටයුතු කිරීම සඳහා ? පසුගිය වතාවෙ මා කටුනායක ගුවන් තොටුපොළේ කවුන්ටරයෙන් කවුන්ටරයට කීප වරක්ම සක්මන් කලා, මගේ PASSPORT එකෙ SEAL එක ගස්සවා ගැනීම සඳහා ...හෙතුව : මගේ foreign passeport එකෙ මගේ නම වැරදි විදියටලු computer එකෙ තිබුණේ. වැරැද්ද කාගේද ??? යල් පැනපු computer එකෙද, නැති නම් මේවා computer එකට enter කරපු මොට්ටපාල ගෙද ??? රටට විදේශ මුදල් රැගෙන එන සංචාරකයින්ගේ පහසුව සඳහා මෙවැනි ප්‍රශ්නත් ඉක්මනින් විසදා ගැනීමට අර විශාල මුදල් කන්දරාවත් සොලවන්න ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නැත....
කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ හොඳ පළපුරුදු ඉදිකිරීම් සමාගමකටයි. ව්‍යාපෘතිය හොඳින් කරයි කියලා හිතනවා.
නන්දලාල් මහත්මය ඔබ නිවැරදිය , මේ ගුවන්තොටුපලේ අවුල් ගොඩකි , 1) ගුවන් තොටුපලට පැමිණෙන සහ පිටත්වෙන මගීන්ට තිබෙන පොදු ප්‍රවාහන සේවා ඉතා සීමිතය ( මෙය ටැක්සි මාෆියාව විසින් සිතා මතාම නිර්මාණය කරන ලද්දකි ) එම නිසා මගින් ගෙන් 85% පැමිණෙන්නේ පුද්ගලික වාහන වලිනි , පැමිණෙන එම වාහන ප්‍රමාණය හැසිරවීමට ප්‍රමාණවත් ලෙස ඇතුළුවීමේ ගේට්ටුව සහ ඉදිරිපස පරිශ්‍රය නිර්මාණය කර නොමැති නිසා විශාල වාහන තද බදයක් නිතරම තිබේ ,2) චෙකින් කවුන්ටර් තිබුනත් බොහෝ වෙලාවට ඒවා හිස් බව පෙනේ , සේවකයන්ද වෙනත් විදේශ රටවල් සමග සනසන්ධනය කරනකොට ඉතා අලස , අකාර්යක්ෂම අන්දමෙන් කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය කල හැක , ඔවුන් බොහෝ වෙලාවට මගින් චෙකින් කරන අතරතුරේ එකිනෙක සමග විහිලු , පුද්ගලික අල්ලාප සල්ලාප , ඕපාදුප කතා කරන ආකාරයක් පෙනේ