
(අංජුල මහික වීරරත්න)
විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කාරණය සම්බන්ධයෙන් රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර සඳහා යොමුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා කීය.
"අපි කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. කරුණු කීපයක් සැලකිල්ලට ගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණ පද්ධතියේ සිට මහේස්ත්‍රාත් පද්ධතිය දක්වා නඩු ගොඩ ගැහිලා.
අධිකරණය පිළිබඳ විශ්වාසය සහතික කිරීම සඳහා නඩු කටයුතු වේගවත් කිරීම වැදගත් යනුවෙන් ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ඡන්දෙ දීල මේ ආණ්ඩුව පත්කරගත්තේ අවශ්‍ය වෙනස්කම් කරල රට හදල, රට බංකොළොත් කරපු හොරුන්ව හිරේ දාන්න. ඔබට දුන්න 2/3 බලය පාවිච්චි කරන්න. ජනතාව ඔබ සමගයි.
නඩු ගොඩ ගැහිලා කතාව ඇත්ත , කරන්න ඕනේ වහාම සිටින ප්‍රමානය මෙන් දෙගුණයක් වත් අලුතෙන් විනිසුරු වරු බදවගන්න එක , එකවර නඩු දෙකක් හෝ තුනක් අහන්න පුළුවන් ආකාරයට අධිකරණ ශාලා පාර්ටිෂන් කරගන්න එක , රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නවීකරණය කරගන්න එක වැනි දේවල් , මේවා මුකුත් නොකර විනිසුරු විශ්‍රාම වයස පමණක් දිගු කලාට ප්‍රශ්න විසදෙන්නේ නැහැ