(සුජිත් හේවාජුලිගේ )

අධිකරණ ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට පිවිතුරු හෙළ උරුමය සහාය දක්වන බව එහි නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු  මෙසේ පැවසුවේ එම පක්ෂ කාර්යාලයේදී  ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදීය­.

ගම්මන්පිල මහතා  මෙසේ ද පැවසීය.

2022 සිට 2026 දක්වා වසර හතර තුළ පමණක් බන්ධනාගාරයේ සිටින සිරකරුවන් ගණන දෙගුණයකින් වර්ධනය වෙලා තිබෙනවා. මේ අයගෙන් සියයට  75ක් රිමාන්ඩ් සිරකරුවන්. රිමාන්ඩ් සිරකරුවන් අතරින් සියයට  80ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අය . මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දක්ෂ නීතිඥයන්ගේ සේවය ලබාගෙන නඩුවලින් නිදහස් වෙනවා. අවසානයේදී හිරේ යන්නේ  ඇබ්බැහි වූවන් විතරයි කියලා මත්ද්‍රව්‍ය විරෝධීන්ගෙන් ලොකු චෝදනාවක්  තිබෙනවා