හැදුනුම්පත් කඩදාසි පරණ තැනින්ම ගන්න යයි ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා පෙර - මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 June 2024
හෝඩියට ඇතුළු කරන චක්‍රලේඛයේ වෙනසක් පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 20 June 2024
බෙංගාල බොක්කට ළඟ රටවල් ගිවිසුමක බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා එකමුතුවෙහි වන (BIMSTEC) සාමාජික රටවල් අතර සමුද්‍රිය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 June 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 June 2024
කෙහෙලියගේ වාහන පස්සේ සී.අයි.ඩීය දුවයි දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාර දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 20 June 2024
ගෝලයෝ තැපැල් ස්ථානාධිපතිට වටකරගෙන ගහල පානදුර තැපැල් ස්ථානාධිපති වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 19 June 2024
ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින් ධාතුසේන මහ රජතුමා ඉදි කරන බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සුත්‍ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය ඉපලෝගම පොලිසියට පැමිණිලි කළේය. 19 June 2024
මහා බැංකුවේ වැඩේ වැරදිලු ශ්‍රී ලංකා මහ බැංකුව සියයට පනහකින් වැටුප් වැඩි කරගත් ආකාරය වැරදි මෙන්ම සදාචාරාත්මක නොවන බවත් පඩි වැඩි කර ගැනීමට පෙර එහි ප්‍රධානීන්ට රටේ තත්වය සලකා බැලීමට හැකියාව තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම සමාලෝචනය සඳහා පත් කෙරුණු විශේෂ ස්වාධීන කමිටුව සිය වාර්තාවෙන් කරුණු අනාවරණය කර ඇත. 19 June 2024
නිමල්ගේ - දුමින්දගේ වැඩ බලන කෑලි හැලෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් පැවැති වැඩ බලන තනතුරු ස්ථිර තනතුරු බවට අද(19) පස්වරුවේ රැස්වූ විධායක තීරණය කළේය. 19 June 2024
කරුණාගේ සහාය රනිල්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවසීය. 19 June 2024
කෙහෙලිය මාස හතරකින් ගෙවල් කුලී ගෙවා නෑ මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි . 19 June 2024
වාහන 658ක් ආගිය අතක් නෑ මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 19 June 2024
රුසියාව - උතුරු කොරියාව අලුත් මාවතකට අනාගතයේදී රුසියාවට හෝ උතුරු කොරියාවට සතුරු රාජ්‍යයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරුදීම සඳහා රටවල් දෙකම එකතුවන බව රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා ප්‍රකාශ කළේය. 19 June 2024
නතාෂා - බෘෘනෝ නිදහස් බුද්ධාගමට අපහාසාත්මක වන අයුරින් අන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකිරීම සහ එම ප්‍රකාශ විකාශය කිරීමට අදාළව ගොනුකර තිබූ නඩුවෙන් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සහ ’එස්.එල් ව්ලොග්’ යූ ටියුබ් චැනලයේ හිමිකරු බෘෘනෝ දිවාකර නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා අද (19) නියෝග කළේය. 19 June 2024
හිරුණිකාට එරෙහි නඩුවකට දින දෙයි දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කල තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (19) තීරණය කළේය. 19 June 2024
සිසුන් 32 රෝහලට යැවූ රනාලේ අනතුර කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ රනාල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දරුවන් 32 දෙනකු තුවාල ලබා නවගමුව දිසා රෝහලට ඇතුලත් කල බව හංවැල්ල පොලිසිය පවසයි. 19 June 2024
ගොඩ දාන්න දුන් බීර හල මඩේ දාලා දිඹුලාගල යාය හත මහවැලි ගම්මානයේ ගොඩ ඉඩමකට දුන් බීර බලපත්‍රයක් උපයෝගී කරගෙන මඩ ඉඩමක බීර හලක් දමා ඇතැයි සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 June 2024
ඊශ්‍රායලය ලෙබනනය එක්ක පැටලෙන්නයි යන්නේ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, යුද වැදීමට ද ඊශ්‍රායලය සූදානම් වන බව වාර්තා වේ. 19 June 2024
ශ්‍රිලනිප විධායක සභාවට එරෙහි වාරණය ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ විශේෂ රැස්වීම අද පස්වරු 2.30 කැඳවීම වළක්වමින් ඇමති නිමල් සිරිපාලද සිල්වාට හා දුමින්ද දිසානායක මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම පක්ෂයේ සාමාජිකයින් තිදෙනෙකු කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. 19 June 2024
මට කිසිවක් ඇහෙන්නේ නැතිව ගියා - අල්කා යාග්නික් බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 19 June 2024
පේරාදෙණිය සරසවියේ අනධ්‍යන සේවකයින් සත්‍යග්‍රහයක දැනට දින 50කට ආසන්න කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ . 19 June 2024
බටහිර රටවල් කනස්සල්ලෙන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට පූර්ණ සහාය ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරටට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පවසා ඇත. මෙය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි කනස්සල්ලට හේතුවක් වී තිබේ. 19 June 2024
ණය දුන් රටවල් සමග ගිවිසුමක් ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 June 2024
පසු අස්වනු හානිය සියයට 25කින් පහලට එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 19 June 2024
මුද්දරයක අවම මිල 100 වෙයි තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි. 19 June 2024
’’කණ්ඩායමේ වැරදි නිසා තරඟාවලිය අහිමි වුණා’’ ‘අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. මම කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව ගොඩක් කණගාටු වෙනවා ‘ යැයි වනිදු හසරංග අද(19 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පැවසීය . 19 June 2024
විමධ්‍යගත මුදල් හැඳි දෙකකින් බෙදලා විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද(19)පැවසීය. 19 June 2024
මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 19 June 2024
සැකකරු සැරයන්ගේ හිසට දුරකතනයෙන් පහරදීලා බීමතින් ත්‍රී රෝද රථයක් පැදවීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ස්වසන නල පරීක්ෂාව සිදුකරමින් සිටියදී සැකකරු ජංගම දුරකතනයෙන් පොලිස් සැරයන්වරයගේ හිසට පහරදීමෙන් තුවාල ලැබූ සැරයන්වරයා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි. 19 June 2024
පියුමිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්න අධිකරණ නියෝගයක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේ දුන්නේය. 19 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026