IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ස්පා ආයතනය කොල්ලයට ඇවිත් ගුටි කයි

(ගයාන් සූරියආරච්චි සහ කීර්ති ප්‍රනාන්දු)

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්පා ආයතනයකින් මුදල් කොල්ලකෑම සදහා තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් අද (14) අලුයම පැමිණි සිවුදෙනකු සහ ස්පා ආයතනයේ සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් කොල්ලකරුවන් දෙදෙනකු සහ එම ආයතනයේ සිටි පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

තුවාල ලැබූ කොල්ලකරුවෝ දෙදෙනා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුහු පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කළුඅග්ගල සහ මල්වාන ප්‍ර දේශවල පදිංචි අවුරුදු 28 සහ 30 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.

එම ගැටුමේදී කැපුම් තුවාල ලැබූ ස්පා ආයතනයේ සිටි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

ස්පා ආයතනය කොල්ලයට ඇවිත් ගුටි කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site