
(සිතුම් චතුරංග)
වවුනියාවේ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 15 දෙනකු පෝස්ටර සහ මනාප අංකය සහ සළකුණ සහිත තුන්ඩු සමඟින් අද අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් පුද්ගලයින් සතුව තිබූ යතුරු පැදියක් සහ විවිද රථවාහන හයක් සමඟින් පෝස්ටර 400කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළේය.
වවුනියාව පොලිස් බලප්‍රදේශයේ පුද්ගලයින් හත්දෙනකු, නෙලුක්කුලම් පොලිස් බලප්‍රදේශයෙන් පුද්ගලයින් හයදෙනකු , කනගරායන්කුලම ප්‍රදේශයෙන් එක් අයකු සහ නෙදුන්කේණි ප්‍රදේශයෙන් එක් අයකු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් ගෙන් කිහිපදෙනකු ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ මනාප අංකය සහ ඡන්ද සළකුණ සහිත තුන්ඩු දමා යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවටගත් බවත් කීය.
පසුගියදා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ රථවාහනවලට පහරදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ආධාරකරුවන් තිදෙනකුද ඊයේ සවස අත්අඩංගුවටගත් බවත් පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
322
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද නීති කැඩූ 15ක් වවුනියාවෙන් අලලයි