උස්වැටකෙයියාව වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි පමුණුගම, උස් වැට කෙයියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට දනගස්වා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පමුණු ගමන් පොලිසිය කියයි. 27 February 2025
කෘතිම පාදයේ සඟවා හෙරොයින් ජාවාරම් කරලා කෘතිම පාදයේ සඟවා හොරයින් මත්කුඩු සඟවා ජාවාරමේ යෙදුණු පුද්ගලයකු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 27 February 2025
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් ජනාධිපතිවරයා නිකුත්කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය. 27 February 2025
දුරකතන 82ක් පානදුර නිවසකින් සොයාගනී පානදුර නිවසක තිබූ සොරකම් කළ බවට සැක ජංගම දුරකථන 82 ක් සමග නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 27 February 2025
සුසාන භූමියක ටී 56ක්- උණ්ඩ 22ක් ගම්පහ යාගොඩ මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 22ක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය. 27 February 2025
කූලිය සම්බන්ධ ආරවුල මරණයෙන් කෙළවර වෙයි ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ ගෑන්ඩ් පාස් කම්බි කොටුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. 27 February 2025
තැනින් තැනට අදත් වැස්ස උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 February 2025
පාප්තුමන්ගේ තත්ත්වය තරමක් හොඳයි සති දෙකකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් අතට හැරී ඇතැයි, පැය 24 පුරා එතුමන්ගේ සෞඛ්‍ය ගැන ලොවට අනාවරණය කරන වතිකානය නිකුත් කළ අලුත්ම නිවේදනයේ දැක්වෙයි. 27 February 2025
පිහි ඇනුමෙන් අයෙක් මරුට අඹුසැමි යුවලට බරපතල තුවාල ගෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි. 26 February 2025
මෝදි එක්ක දෙසුමකට රනිල් හෙට ඉන්දියාවට සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා හෙට (27) පිටත්ව යයි. 26 February 2025
නැගෙනහිර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ නිවාඩු නැගෙනහිර පළාතේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (27) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 26 February 2025
සංජීව මරන්න දින දෙකකට කලින් වෙඩික්කරු සහ ඉෂාරා විනෝදෙන් ඉඳලා පාතාල ලෝකය දෙදරුම් කෑමට සමත් වූ ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ නීතිඥ වෙස්ගත් වෙඩික්කරු සහ මේ වන විටත් පොලිසියට වසන් වී සිටින ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ සැකකාරිය දිවුලපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගන්නා අයුරු සීසීටිවි කැමරාවක සටහන් වී තිබිණි. 26 February 2025
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අරවින්ද සිරිනාථ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී අද (26) වැඩ භාරගත්තේ ය. 26 February 2025
තරුණයාට පහරදුන් තුනක් අල්ලයි සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය වූ තරුණයන් කීපදෙනෙකු විසින් එක් තරුණයකුට පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම තරුණයාට පහරදුන් බව කියන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 26 February 2025
ජනපති නාවික හමුදා නිලධාරීන් අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද(26) පැවැත්විණි. 26 February 2025
මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට කුඩම්මාගේ සැලකිලි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26)පැවසීය. 26 February 2025
‘‘ආායුධ පෙන්වන්න මාවත් අරගෙන යයිද දන්නේ නැහැ‘ ‘ආයුධ පෙන්වීමට තමා රැගෙන යයිදැයි නොදන්නා‘ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පැවැසුවේය. 26 February 2025
තරුණියක් නිවසේදී හදිසියේම මිය ගිහින් පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ 19 හැවිරිදි තරුණියක් හදිසියෙම නිවස තුළදී සිහිසුන් නොමැතිව සිටියදී මව්පියන් විසින් අද( 26) රෝහලට රැගෙන යද්දී තරුණිය මරණයට පත්ව සිටි බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. 26 February 2025
විගණනයට කොලේ වහලා කෝටි 33ක් ගෙවලා පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 26 February 2025
සජිත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (26) පැවැත්විණ. 26 February 2025
ඉෂාරාගේ මව සහ සහෝදරයා රිමාන්ඩ් ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කාර සැකකරු මෙහෙයවූ මහා මොලකාරිය යැයි කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය. 26 February 2025
පැය පහකට පසු නාමල් සී.අයි.ඩියෙන් පිටව යයි එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය පහක ප්‍රකාශයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පස්වරු 2.00 පමණ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවන් පිටව ගියේය. 26 February 2025
ඖෂධ සැපයුම් දුර්වලතා යළි ඇති වෙන්නේ නෑ සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 February 2025
වන අලි පහරදීමෙන් අයෙක් මරුට ගවයන් ගාල්කර නිවසට පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට පාඨාලිපුරම් ප්‍රදේශයේදී ඊයේ (25) අලියකු කළ පහරදීමකින් බරපතල තුවාල ලබා මූතුර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව සාම්පූර් පොලිසිය කියයි. 26 February 2025
අනවසරයෙන් බූරුවන් ප්‍රවාහනය කළ දෙන්නෙක් අල්ලයි කිසිදු නිත්‍යනුකුල බලපත්‍රයක් නොමැතිව කන්දකුලියෙ සිට ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි බූරුවන් හය දෙනෙකු ලොරි රථවල රියදුරන් දෙදෙනාද සමගින් අත් අඩංගුවට ගැනිමට අද(26) නොරෝච්චෝල පොලිසියෙ රථවාහන අංශ නිළධාරීන් සමත්ව තිබුණි. 26 February 2025
පයිප්ප- කම්බි සොරකම්කළ හිටපු පීසී අත්අඩංගුවට රුපියල් 70,000 ක් වටිනා පයිප්ප ආවරණයක් සොරකම් කිරීම සහ වගා භූමියකට ඇතුළු වී රුපියල් 75,000ක් වටිනා යකඩ කම්බි තොගයක් සොරකම් කිරීම යන අපරාධ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 26 February 2025
කෙහෙල් බද්දර පත්මේගේ පාසල් මිතුරාට වෙඩි මිනුවන්ගොඩ පත්තඬුවන සිදු වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. 26 February 2025
පුද්ගල ඝාතනයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ නිවසක් බිද මුදල් සොරා ගෙන ප්‍රදේශයෙන් පලා ගොස් මාස අටකට වැඩි කාලයක් සැගව සිටි සැකකරුවෙකු මොරගහහේන කිතුලකන්ද පාර ප්‍රදේශයේ නිවසක සිටියදී අත් අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි. 26 February 2025
ගුවන් ගනුදෙණුව ගැන කියන්න නාමල් සී.අයි.ඩීයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 26 February 2025
අකුණක් වැදී ධීවරයා අතුරුදන් කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපළින්, ධීවර රැකියාව සදහා පිටත්ව ගිය ධීවරයෙකු අකුණක් වැදී මුහුදට වැටීමෙන් අතුරුදන්ව ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි. 26 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025