කිරි ඉබ්බන් මරා ආහාර සකසමින් සිටි කතුන් 3ක් දැලේ
පොළොන්නරුව ප්රදේශයේ අභය භූමියක සිටි කිරි ඉබ්බන් 13 දෙනකු මරා ආහාරය සඳහා පිසීමට සූදානම් කර තිබූ, මස්, පාද හා බිත්තර තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙකු අද( 24 ) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.