
(ගයාන් සූරියආරච්චි)
2015 වසරේදී නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාවට තාවකාලික ගබඩා 50 ආනයනය කර රජයට රුපියල් නව කෝටි අනූ හය ලක්ෂ හැත්තෑ නව දහස් හත්සිය අනූ නවයක මුදලක් පාඩු කළ බව කියන එම සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එම කාල වකවානුව වන විට තාවකාලික ගබඩාවල කිසිදු අවශ්‍යතාවක් එම සංස්ථාවට නොතිබුණු බව විමර්ශන වලදී අනාවරණය වී ඇත
ඒ අනුව බාහිර පාර්ශවයක් වෙත මුදල් ලබාදී රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් එම සංස්ථාවේ සභාපති අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිෂන් සභාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කාපු, වංචා කරපු එකෙක් අතහරින්න එපා. වැරැදිකරුනම් ප්‍රජා අයිතියත් අහෝසි කරලා නිසි දඩුවම් ලබාදෙන්න. එතකොට තමයි දැනට ලොකු තනතුරු වල ඉදගෙන නොදැනෙන්න හොරාකන්න සැලසුම් හදන අයටත් අනතුරු ඇගවීමක් වෙන්නේ.