
(අංජුල මහික වීරරත්න)
පොලිතින් බෑග් සදහා ක්‍රියාත්මක වන නව නියමය අනූව හෙට (1) සිට සිලි සිලි බෑග් (LDPE & LLDPE) ප්ලාස්ටික් බහාලුම් මලු තවදුරටත් ව්‍යාපාරික ස්ථානවලින් නොමිලේ ලබා නොදෙන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය කියයි.
ඒවා සඳහා අය කරන මිල බිල්පතේ සඳහන් කළ යුතු අතර එම මිල ව්‍යාපාරික ස්ථානයේ පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු යැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙය 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) ආ (ii) වගන්තිය යටතේ නිකුත් කළ විශේෂ විධානයකි.
පරිසරය රැක ගැනීම වෙනුවෙන් නැවත භාවිතා කළ හැකි බෑග් භාවිතයට හුරුවෙමු යැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරයක කාණුවක් බැලුවොත් බලාගන්න පුළුවන්, පොලිතින් බැග්වලට වඩා පරිසර හානියක් කරන්නේ, ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් බිම බෝතල් ජාති , ප්ලාස්ටික් කිරි පැකට්, එක එක බිස්කට් දවටනවලින් තමයි.
මේ උත්සාහයෙන්වත් මිනිස්සු පාඩමක් ඉගෙනගෙන පොලිතීන් භාවිතය අඩු කළොත් හොඳයි. නමුත් අපේ මිනිස්සු එක්ක මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා සැකයි. එච්චරට පොලිතීන් ලවර්ස්ලා ඉන්නේ...
රට කාපු හොරු තක්කඩින්ගේ අසූචි වළවල් පිටිං ඉහින අපේ මිනිස්සු එක්ක කොයි වැඩේද සඳමාලි හරියට කරන්න පුළුවන්?
මීට පෙර රජයකත් ඕක ක්‍රියාත්මකයි කිව්වා එක දවසක් ක්‍රියාවට නැගුනේ නැත..ඔය සිලි බෑග් සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුයි, කාණුවල හිරවෙලා මදුරුකීට ලක්ෂ ගණනින්, මේක රටක් නොවෙයි අපායක්...පාර දෙපැත්තට විසි කරලා විනාශයි ,රේල් පාර දෙපැත්ත ඒ ටිකමයි..
මේ ගාන මදි... මන් ඉන්නේ රටේ බෑග් එක අමතක වුනොත් පරිසර හිතකාමි බෑග් එක අනිවාර්යෙන් ගන්න ඕනෑ... නැත්නම් බඩු ටික අතට දෙනවා
සැෂේ පැකට්, ග්‍රෑම් 100 බිස්කට් පැකට් වගේ ඒවා නවත්තන්නේ කවදාද? ඉස්සර වගේ කඩදාසි ගොට්ටයි හන නූලයි තිබ්බා නම් කිසිම පරිසර හානියක් නැහැ.
මේ පාණ්ඩුවේ ඉන්නේ මොළේ මැරිච්ච අයද? පොලිතීන් බෑග් වියදම කවදාවත් වෙළෙන්දන් මිනිස්සුන්ගෙන් වෙනම අය කලේ නැහැ, එක ඔවුන්ගේ ලාබයෙන් ගෙව්වේ. මේ ආණ්ඩුවේ උන් කවදාවත් කඩයකට ගිහින් සීනි පන්සීයක් පරිප්පු පන්සීයක් අරන් නැහැ, මොකොද හැමදාම කවුරුහරි නිකම් දීපු දේවල් වලින් යැපුණු අය...
හොඳ අදහසක්. පොලිතීන් වල යම් පාලනයක් ඇති වේවි. සැෂේ පැකට් පාලනය කරන්නත්, කුඩා බෝතල් ඇසුරුම් පාලනය කරන්නත් බලමු.