‘කුෂ් ‘ සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් අද(26) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 26 February 2025
අද කාලගුණය උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 February 2025
නාමල්ගේ නඩුව විභාග කරන මහේස්ත්‍රාත්ට අපහාස කළ අය ගැන සොයයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි මුල්‍ය අපරාධ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණු පොතේ යම් යම් සටහන් තැබු පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ ප්‍රධාන රෙජිස්ට්රාර්වරයාට අද නියම කළේය. 25 February 2025
කෙහෙල්බද්දර පත්මේගේ බිරියගේ නිවෙස වීඩියෝ කළ දෙකක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබල සාමාජිකයකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මහ ගෙදර වීඩියෝ කළ පුද්ගලයන් දෙදෙනකු පන්නල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 25 February 2025
E- 8 රැකියා රජයෙන් පමණයි දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 25 February 2025
අයවැය මුදල් හරි විදියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් අයවැයෙන් වෙන්කර ඇති මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 25 February 2025
ඉෂාරා සොයා තෙබුවන පීරයි මෙරට සියලුම ආරක්ෂක අංශ එක්ව අත්අඩංගුවට ගැනීමට සොයන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකරු ලෙස සැළකෙන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව තෙබුවන රන්නගල වතුයායේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස ක්ෂණිකව වැටලීමත් සමඟම එහි සිටි කාන්තාවක් නිවසින් පලා ගොස් කැලෑ වැදුණු බව තෙබුවන පොලිසිය කියයි. 25 February 2025
අනවසරයෙන් මැණික් ගැරූ 19ක් අල්ලයි රත්නපුර ප්‍රදේශයේ ගංගාවල මේ දිනවල ජල මට්ටම පහළ යාම හේතුවෙන් නීති විරෝධීව මැණික් ගැරීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්රහාරයක ඒකකය සමත්ව ඇත . 25 February 2025
මඟ නැඟුමේ හිටපු නිලධාරීන් දෙන්නෙක් රිමාන්ඩ් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කල මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත් අඩංගුවට පත් මඟ නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(25) නියෝග කළාය. 25 February 2025
අයවැය වැඩි ඡන්ද 109කින් සම්මතයි 2025 අයවැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 46ක් ලැබිණි. 25 February 2025
විදුලි නිෂ්පාදන වියදම ඉහළ යයි වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියයට 20 ක් සහ රාත්‍රී කාලයේ සියයට 40 ක් ලෙස විදුලිය මෙම දිනවල ජනනය කරන බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (25) පැවසීය. 25 February 2025
ගුරු - විදුහල්පති වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය , අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී අද (25) පැවසුවාය 25 February 2025
ජනපති - යුද හමුදා ප්‍රධානී හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි. 25 February 2025
දිළිඳු බවට තිත තියන්න ’’ප්‍රජා ශක්ති’’ එයි දිළිඳු බව තුරන් කිරීම සඳහා බහු විධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ’’ ප්‍රජා ශක්ති’’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියල දී ඇත. 25 February 2025
’’යහපාලන සමයේ අසත්‍ය චෝදනා යළි ගෙන එනවා’’ යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා ඉදිපත්කර ඔප්පු කිරීමට නොහැකිව ඉවත දමා තිබු අසත්‍ය චෝදනා නැවත ප්‍රෝඪාකාරී ලෙස ගෙන එන එමින් එම පක්ෂයේ පාක්ෂිකයා සතුටු කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (25) පැවසීය. 25 February 2025
අන්තර්ජාතික ගුවන් සම්මුතියකට අපේ කැබිනට්ටුවත් එකඟ වෙයි අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතිය සඳහා වන සංශෝධනයට අදාළ Article 3 bis සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. 25 February 2025
සංජීව ඝාතනයට 30කගෙන් ප්‍රකාශ ගනියි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 25 February 2025
ලංකා - පිලිපීන මිතුරු ගිවිසුමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය (FSI) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 February 2025
ක්‍රීඩා උත්තේජක එරෙහි පනත සංශෝධනයට ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත. 25 February 2025
වරාය නගර සංවර්ධන ඒකකයේ කාලය දිගු කරයි කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 February 2025
ලංකා - පකිස්ථාන තැපැල් ගිවිසුමක් ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතනය අතර අවබෝධකා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 February 2025
බීජිං සම්මුතියට කැබිනට් අනුමැතිය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාලව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස නීති පැනවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 February 2025
සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක් සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 February 2025
ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කරයි ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව ’’ ජාතික කාන්තා සතිය ’’ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 February 2025
ලංකා-මාල දිවයින් ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. 25 February 2025
රතු කුරුසයෙන් රජයට කොළ එළියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු විය. 25 February 2025
දරුණු සිරකරුවන්ගේ ආරක්ෂාවට ප්‍රතිභාගෙන් යෝජනාවක් බන්ධනාගාරවල දරුණු ගණයේ විශේෂ සිරකරැවන් ‘ස්කයිප්’ හෝ සූම් තාක්ෂණය ඔස්සේ ඒ ඒ බන්ධනාගාරවල සිටම අධිකරණ කටයුතු සඳහා යොමු කෙරෙන්නේ නම් ඔවුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි හානි අවම කරගත හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් සහ බූස්ස බන්ධනාගාරයේ දරුණු ගණයේ අපරාධකරුවන්ට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු පරීක්ෂණ කමිටුවේ සභාපති ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 25 February 2025
ඉෂාරාගේ මල්ලිගේ දුරකතනයෙන් තොරතුරු රැසක් එළියට ’වැඩේ කලා. වැඩේ හරි’ යනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ සහෝදරයාට කෙටි පණිවුඩ යවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. 25 February 2025
බහරේනය වීසා නීති දැඩි කරයි සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එය අනුග්‍රාහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය උපුටා දක්වමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 25 February 2025
’’රජය අයවැයෙන් කවුරුවත් අතහැර නෑ’’ රජය අයවැයෙන් කිසිවකුත් අතහැර නැතැයි ද සියලු පීඩාවට පත් ජන කොටස් ආමන්ත්‍රණය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 25 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025