IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ලොකු උපාධි ගන්න ගිය දොස්තරලා 68ක් කට්ටි පැනලා

(සුජිත් හේවාජුලිගේ)

පශ්චාත් උපාධි හැදෑරීමට විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 71 දෙනෙකුගෙන්  68 දෙනෙකුම  එම උපාධිය සම්පූර්ණ නොකර කට්ටි පැන ඇති බව අලුත්ම විගණන  වාර්තාවක සඳහන්වේ.

ඒ අනුව එම නිලධාරීන්ගේ වෙනුවෙන් රජය දරන ලද සමස්ත වියදම නාස්ති වී ගොස් ඇතැයිද එහි දැක්වේ.

එසේම  වෛද්‍ය නිලධාරීන් දොළොස් දෙනෙකු සේවය අතහැර යෑම සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධිය ආයතනයට දැනුම් දීමට අමාත්‍යාංශය  කටයුතු කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර බැඳුම්කර කඩ කරන වෛද්‍ය නිලධාරීන්ගෙන් අය විය යුතු සියලුම මුදල් ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගැනීමේදී අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අැති හැකියාව  සොයා බලන ලෙස විගණන කාර්යාලය  නිර්දේශ කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් හා විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන  වාර්තාවේය.



අදහස් (2)

ලොකු උපාධි ගන්න ගිය දොස්තරලා 68ක් කට්ටි පැනලා

ran tha Wednesday, 29 October 2025 01:29 PM

ඕව එච්චර ප්‍රශ්න නෙමෙයි. නීතියක් ගේන්න එහෙම යන අය කට්ටි පැන්නොත් ඔවුන් අපරාධකාරයෝ විදියට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන්න. ඔවුන් නැවත අල්ලන තුරු ඔවුන් වෙනුවෙන් මේ රටේ බදු ගෙවපු ජනතාව දරන ලද වියදම් පොලියකුත් සමග නැවත අයකරගන්න විදියට. එකෙක්වත් ආපහු එන්නේ නැතිව ඉන්නේ නෑ.

:       2       15

Lalla Wednesday, 29 October 2025 06:54 PM

දුප්පත් පුරවැසියන්ගේ මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබා රටේ ජනතාවට පයින් ගසා සුරසැප විඳින්න යන එකෙකුටවත් නැවත මව්බිමට කිසිම හේතුවකට පය තැබීමට බැරි නීති ගේන්න. වෛද්‍ය උපාධිය පමණක් නොව සෑම උපාධියකටම පොදු ලෙස රට හැරයාමට පෙර නියමිත කාලයක් රටට සේවය නොකළහොත් උපාධිය සම්පූර්ණ කිරීමට ගිය වියදම අයකර පිටවී යන නීති ගේන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1911 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site