IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මැතිසබේ වෙනස් කරන රපෝර්තුවට කන්තෝරු නවයේම විරෝධය

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුහගතකරණ කිරීම සම්බන්ධයෙන් සකස් කෙරුණු වාර්තාවට එහි දෙපාර්තමේන්තු නවයම දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ කමිටුව තමන්ගේ ගැටලු  සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගෙන නැතැයි එම දෙපාර්තමේන්තු නවයේම සේවකයෝ චෝදනා කරති.

එසේම මෙම වාර්තාවෙන් තමන්ගේ ගැටළු විසඳා නැතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි  සේවකයෝ පිරිසක්  පසුගියදා ආහාරපාන සහ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හමුවී  විරෝධය  පළ කළහ.

මේ අතර මෙම වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය එම දෙපාර්තමේන්තු නවයේම ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මෙම කමිටුවේ වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කතානායකවරයා බලාපොරොත්තු වෙයි.



අදහස් (1)

මැතිසබේ වෙනස් කරන රපෝර්තුවට කන්තෝරු නවයේම විරෝධය

අරවින්ද මොණරවිල Wednesday, 29 October 2025 07:06 PM

මොන දේ කරන්න ගියත් පුරුද්දට හා දේශපාලන මනෝභාවයන් නිසා විරුද්ධ වෙන පිරිසක් ඉන්නවා. ඒ අයගේ කළබල වීම නොසලකා යෝජනාවන් හොදයි නම් ඒවා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව සූදානම් විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1911 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site