පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප 30,000යි
ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන මෙම ජනවාරි මස 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ යන බවත් දෛනික වැටුප රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා වැඩි වන බවත් කම්කරු කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහතා නිවේදනයකත් නිකුත් කරමින් පවසයි.