(එෆ්.අස්ලම්)
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ස්වයං නිර්ණ අයිතිය ඇතුළු ඉල්ලීම් 13 කට බලකරමින් අත්සන් කළ ගිවිසුම පිළිගත හැකි එකම ජනාධිපති අපේක්ෂකයා එම්.කේ.සිවාජිලිංගම් යැයි උතුරු නැගෙනහිර ප්‍රථම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා අද(17) සදහන් කළේය.
රට බෙදන ඉල්ලීම් මෙකී ඉල්ලීම් 13ට ඇතුළත්ව ඇති හෙයින් ගෝඨාභය රාජපක්ෂ,සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක යන කිසිදු අපේක්ෂකයෙකු පිළිනොගනු ඇති බවද පෙරුමාල් මහතා කීය.
ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය,ටෙලෝ සංවිධානය,ප්ලොට් සංවිධානය,ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය,තමිල් මක්කල් පේරවෙයි යන උතුරේ දේශපාලන පක්ෂ පහක් යාපනය පෞද්ගලික හෝටලයකදී දෙමළ ජනතාවගේ ඉල්ලීම් වශයෙන් ඉල්ලීම් 13කට බලකරමින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,උතුරු නැගෙනහිර දෙමළ නිජබිමෙහි අනන්‍යතාව පිළිගනිමින් එහි අයිතිය තහවුරු කිරීම,ජාත්‍යන්තර නීතියට අනුව දෙමළ ජනතාව සදහා ස්වයං නිර්ණ අයිතිය හිමිබව පිළිගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් ඒකීය රාජ්‍ය සංකල්පය ඉවත් කොට ෆෙඩරල් විසදුමක් ලබාදීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම,යුද අපරාධ විභාගයට ජාත්‍යන්තර ස්වාධීන අධිකරණයක් පිහිටුවා විමර්ශන සිදුකිරීම,සියළු දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,යුද්ධයෙන් අතුරුදහන් සියළු දෙනාටම ජාත්‍යන්තර නීතියට අනුව වන්දි පිරිනැමීම,ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කර ඒවායෙහි ජනතාව නැවත පදිංචි කිරීම,රජයේ මැදිහත් වීමෙන් උතුරු නැගෙනහිර සිදුකරන සිංහල ජනපදකරණය සහ බෞද්ධකරණය කිරීම වහා නතර කළ යුතුවීම,මොරගහකන්ද ජලාශය නමින් වන්නි දිස්ත්‍රීක්කයේ සිදුකරන සිංහල ජනපද කරනය නතර කිරිම,පුරාවිද්‍යා හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තු උතුරු නැගෙනහිර පළාත් වල සිදුකරන ඉඩම් අත්පත් කරගැනීම් නතර කළයුතු වීම,උතුරු නැගෙනහිර ආයොජන හා රැකියා වියුක්තිය දියුණු කිරීම සදහා විදේශීය දෙමළ ඩයස්පෝරාවට ඍජුවම මූල්‍ය ප්‍රදානයන් සිදුකිරීමට හැකි පරිදි නිතිරීති ලිහිල් කිරීම,උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීම සදහා මහජන නියෝජිතයන්ට ලැබෙන මුදල් එක් අරමුදලක් යටතේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම යන ඉල්ලීම් 13කට මෙම ගිවිසුම මගින් බලකෙරේ.
මෙම ගිවිසුම පිළිබද ලංකාදීපය වෙත අදහස් පලකරමින් වරදරාජා පෙරුමාල් මහතා මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ සිවාජිලිංගම් විතරයි මේ යෝජනා පිළිගන්නා එකම අපේක්ෂකයෙකු විදිහට ඉන්නේ.වෙන කිසිදු අපේක්ෂකයෙකුට මේ ඉල්ලීම් වලට එකග වෙන්න බැහැ.මොකද රට බෙදන නැවතත් බෙදුම්වාදයට පණපොවන මෙවන් ඉල්ලීම් සදහා කිසිදු දකුණේ නායකයෙකු එකග වෙන්න බැහැ.ඒවාට එකග වුනා කියන්නේ ඔවුන් දකුණේ සිංහල ජනතාව විසින් පරචනු ඇති.මේ බව දැන දැනම මේ අවස්ථාවක මේ වගේ ගිවිසුමකට එළඹීම පිටුපස කුමක් හෝ ලොකු සැලැස්මක් තියෙනවා.
ඒ අය කියනව වගේ සිවාජිලිංගම් මේ යෝජනා පිළිගන්නා බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළත් මේ පක්ෂවල කිසිවෙක් දෙමළ ජනතාවගේ සහාය සිවාජිලිංගම්ට යන්න ඉඩ තියන්නෙත් නැහැ,යැයිද පෙරුමාල් මහතා කියා සිටියේය.
COMMENTS
මාර වැඩේනේ..., ඔක්කොම ඉල්ලීම් දෙන්න ලෑස්ති සිවාජිලිංගම්ට ටීඑන්ඒ එක සපෝට් කරන්නේ නැහැ. සජිත් මහතාණෙනි, අපි ඔබ ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්නේ, රනිල්ගේ ඇම ගිලින්න එපා. පක්ෂය මකලා හරි හදාගනිමු..
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමකින් තොරව සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන වාදනය කිරීම පමණක් සිදුවිය. ජාතික ගීය ගායනය කිරීම වෙනුවෙන් උත්සව සභාවට ළමුන් ගෙන්වා තිබුණත් ළමුන් ලවා ජාතික ගීය ගායනය කිරීමක් සිදුනොවුණි.
ජාතික උත්සවකකදී ජාතික ගීය ගායනා කරන්නේ නැත්නම් ඇයි ජාතික උත්සවයක් තිබ්බේ
කොළඹ ඉන්න සියලුම දෙමළ ජනතාව යාපනයට යන්න කැමතිද? බස්නාහිර පළාතේ තියෙන කෝවිල් සේරම ඉවත් කරන්න ඒ ගොල්ලන් කැමතිද?
අපේ දේශප්‍රේමී නඩය මේගැන මොකුත්ම කියන එකක් නැහැ මගේ හිතේ.
අපිට නම් ආරංචි විදියට මිස්ට පෙරුමාල් ගෝඨාභයට සහය දෙනවා කියල කියන්නේ
ටොපික් එක එකක්. ඒත් ඇතුලේ තියෙන්නේ ඊට විරුද්ධ කතාවක් ....
ටොපික් එක සහ මේ නිව්ස් එකේ අන්තර්ගතය අතර වෙනසක් තියෙනවා. මේක කාගේ වුවමනාවකට දාපු එකක්ද කියලා තේරෙනවා.
මොහු කරන්න හදන්නේ උතුරේ ඡන්ද වෙන කෙනෙකුට දීලා එජාපය එකට තියෙන ඡන්ද අඩු කරන එක... මේක ගෝඨාභයත් එක්ක දාපු ඩීල් එකක්...
වර්ගරාජා පෙරුමාල් දැනට වසර 15 ක සිට කෙලින්ම සහයෝගය මහින්ද රාජපක්ෂට බව රටම දන්නා දෙයක් ... අන්තිමට ගෝඨාට එක්වෙනවා.
මෙයා මහින්දගේ මිනිහෙක්...
යාපනය කොහොමටත් දෙමළ අපේ කලබල විය යුතු නැහැ.. එය අපි බලාගන්නම් කොළඹත් අපේ... අවුරුදු කීපයකින් ලංකාවම දෙමළ අපේ...
දෙමළ අන්තවාදීන්ට කඩේ යන, කොන්දක් නැති පාලකයන්ට රට වටින්නේ නැත්නම්, ජාතික ගීයක් මොකටද?
උතුරු, නැගෙනහිර දෙමළ නිජබිමෙහි අනන්‍යතාව පිළිගනිමින් එහි අයිතිය තහවුරු කිරීම, හරිම හිනා..! මහරජ වසභ රජයේ ඇමති ඉසගිරිය නාගදීපය පාලනය කරද්දී ‘පියගුක තිස‘ විහාරය කරවීය. ඔහොම තමයි ක්‍රි.ව පළවෙනි සියවසේ වසභ රාජොත්තමයානෝ වල්ලිපුරම් රන් පතේ සදහන් කරලා තිබ්බේ. අන්තවාදී, නිජබ්ම් සංකල්පයට මරු පහර වැදුනේ ඔය රන්පතෙන්... මේ රටේ සිංහල, මුස්ලිම්, බර්ගර්, දෙමළ හා වෙනත් ජාතින් තමන්ගේ පාඩුවේ ජීවත් වීමට ඇති අයිතියට අප හැවොම ගරු කළ යුතුවෙනවා.. එත් අන්තවාදීන්ට මේ රටේ කිසිම ඉඩක් නොතැබිය යුතුමයි. කවුරු අපේක්ෂකයෙක් වුණත් රටේ ස්වෛරීභාවය හා බෝම්බ අඛණ්ඩතාවය සුරැකිය යුතුයි. එච්චරයි.. !
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත වෙයි... ජාතික ගීතේ භාෂා ප්‍රශ්නෙ නිසා සංගීතේ පමණයි. ඉදිකිරීම් වැඩ තාම ඉවර නැත.
මේ කොඩිවිනයක පිල්ලියක්... මේ පිල්ලිය එවන කට්ටඩියා මහින්ද බාවා රටම දන්නවා.. අපි කියනවා ඔහෙලා අහනවා... මෙව්වා කවදා ඉවර වේවිද බලය සොයා යනවිට...? මේවගේ දේවල් 2005 සිට වෙනවා.
මම සිංහල ඒත් සර්ලාගේ ප්‍රකාශ දැක්කම එකට පක්ෂ ලයික්ස් දැක්කම රට කොච්චර බෙදිලද කියල හිතුනා, බයක් දැනුනා, මේවා දකින දෙමල මනුස්සයෙක් මොනවා හිතාවිද. දෙමල වුනා කියල එයාට බලෙන් සිංහල උගන්නල සිංහල කතා කරන්න සිංහල සින්දු කියන්න කියලා බල කරන්න ගිය නිසා තමයි අවුල් වුනේ, ඕනෑම මනුස්සයෙක්ට ස්වයං අභිමානයක් තියෙනවා, අන්ත අසරණයෙක් වුනත් ඒ අභිමානේ පෙන්වන්න කැමති පුරසාරම් කියල අතීතේ දොඩවන අහිංසක ආච්චිලා නැද්ද කාටවත්? ඒ වගේ තමයි මිනිස්සු කාටවත් යටත් වෙලා කාගේවත් විදිහට ජීවත් වෙන්න කැමති නැහැ, කරුණාකරලා ඒ දෙය තේරුම් ගන්න. බලහත්කාරෙන් නීති ගෙනත් අකමැති දෙයක් කරන්න බල කරන්න ගියොත් අන්තිම අසරණ මනුස්සය වුනත් මොකක් හරි විරෝධයක් පෙන්වනවා
ටිකක් කල්පනා කලහම තේරෙනවා මේක දෙමල මිනිස්සුන්ගේ ඡන්ද ප්‍රධාන පක්ෂ දෙකට නොවැටෙන්න ගහපු උප්පරවැට්ටියක් කියලා, දෙමල ඡන්ද නොවැටෙන ප්‍රධාන අපේක්ෂකයෙක් ඉන්නවා, ඔහුට විරුද්ධව ඒ ඡන්ද අනෙත් අපේක්ෂකයාට වැටුනොත් දෙවනුව කී අපේක්ෂකයාට අවස්ථාවක් තියෙනවා, ඒ වගේම දෙයක් කාලෙකට කලින් වෙන රටක වුණා, කැරලි නායකයාට සල්ලි දීලා ඡන්දේ දාන්න තහනම් කෙරෙව්වා, ඒ ඉතිහාසය ටිකක් වෙනස් විදිහට ආයෙම වෙනවා, දැන් මේකට විරුද්ධ අය ඇති, දෙමල අයට මොකක්ද තියෙන අයිතිය ජනාධිපති තීන්දු කරන්න, අපි සිංහල, අපි අපේ කෙනෙක් ජනාධිපති කරගන්නවා, අපි තනි සිංහල ඡන්ද වලින් අපේ කෙනා දිනවනවා, එහෙම හිතන උදවියත් ඉන්නවා, අතිබහුතර සිංහල උදවිය එහෙම තමයි හිතන්නේ, එත් හිතන්න, ඒ දෙමල අය ලංකාවේ පුරවැසියන් නම් ඒ අයට දැනෙන හැඟෙන දෙයට අනුව ඡන්දේ දෙන්න නායකයෙක් තීන්දු කරන්න අයිතියක් තියෙනවා! ඒ දෙයට විරුද්ධ කවුරුහරි ඉන්නවා නම් ඒ තැනැත්තා තමයි නියම ජාති ද්‍රෝහියා, එක තමයි තිත්ත ඇත්ත, මොලේ තියෙනවා නම් කල්පනා කරන්න.
අපි දැක්කා මෙතුමා පොහොට්ටු වේදිකාවේ ඉන්නවා. අන්න ඒකයි සැබෑ කුමන්ත්‍රණය. ඒක හෙළිදරව් කරන්න ඔක්කොටම කලින්.