විනීතා එම් ගමගේ
තිරසාර සංවර්ධනය සඳහා වූ තිරසාර වැඩපිළිවෙළ සහිත ‘‘තිරසර දැක්ම කෙටුම්පත ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (7) පස්වරු 3 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී සිදු කෙරේ.
ශ්‍රී ලංකාව 2030 වසර වනවිට තිරසාර සංවර්ධනය ළඟාකර ගත් රටක් බවට පත්වීමට අවශ්‍ය මුලික පියවර මෙම කෙටුම්පත යැයි ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේය.
මෙම කෙටුම්පත පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ අදහස් පළ කළේය.
ආර්ථිකය, පරිසරය, සමාජය යන අංශ තුන යටතේ මෙහි කරුණු අඩංගු වන අතර ඒ සඳහා යෝජනා අදහස් ඉදිරිපත් කරන ලෙස සමාජයේ සියලූ පාර්ශව වලට ආරාධනා කරන බව ද ලේකම්වරයා කීය.
අදහස් සියල්ල ලබා ගැනීමෙන් පසු පනත සකස් කරන අතර පසුව ජාතික තිරසර ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කරන බවත් කවර ආණ්ඩුව පැමිණියත් ඉදිරියට ක‍්‍රියාත්මක කරන අන්දමින් මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.
මෙම වැඩපිළිවෙළ ආරම්භ වීමට මූලිකත්වය දරන්නේ 2015 දී එක්සත් ජාතින්ගේ සම්මේලනය අමතමින් ජාතික තිරසාර ප‍්‍රතිඥාව ලබාදීමෙන් යැයි කී සෙනෙවිරත්න මහතා එම සම්මේලනයේ දී ලෝකයම තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ප‍්‍රතිඥා දුන් බව ද පැවැසීය.
එහි පළමු පියවර ලෙස තිරසාර සංවර්ධන අමාත්‍යංශය ආරම්භ වූ බවත් පසුව ක‍්‍රමානුකූලව ඉදිරියට ආ මෙම වැඩපිළිවෙළ අනුව මේ වනවිට පනත සඳහා කෙටුම්පතක් සැකසුණු බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම පනත සඳහා වූ කෙටුම්පත විද්වතුන් 43 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් විසින් සකස් කළ එකක් වන අතර එය අද සියලූ පාර්ශව ඉදිරියේ ඉදිරිපත් කරන බවත් ජනාධිපති ලේකම්වරයා කීය.
ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ දී අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මන්ත‍්‍රී කණ්ඩායමක් ද පත්කරනු ලැබ ඇත.
මෙම තිරසාර දැක්ම සඳහා වූ වැඩපිළිවෙළ අධික්ෂණය සඳහා පාර්ලිමේන්තු තේරිම් කමිටුවක් පත් කළ ලොව පළමු රට ශ්‍රී ලංකාව වේ.
ජාතික තිරසර කතිකාව පිළිබඳ අදහස් ලබා ගැනීම සඳහා අද සිට කටයුතු කරන බවවත් සෑම පළාතකම අයෙකුගේම අදහස් දැන ගැනීමට විදවත් කමිටුව බලාපොරොත්තු වන බවත් වෙබ් අඩවිය, ෆේස් බුක් ට්විටර් ගිණුම හා ඍජු තැපැල් හා දුරකථන අංක ඔස්සේ අදහස් යෝජනා ලබාදිය හැකි බවත් ජාතික තිරසර කතිකාව සකසන විද්වත් කමිටුව කියයි.
COMMENTS
අනේ හා .. ඔයාලා කියන කියන ඒවා පිළිගන්න අපි හරක්, දින සියයෙන් නේද අලුත් රටක් හදන්න ආවේ? අනේ මගේ කට...
මේ වසර තුන හමාරට රටට කරපු විනාසේ හොඳටම ඇති. ඩොලරය රුපියල් 133 සිට 163ට ගිහිල්ලා, සංවර්ධන වේගය 7% සිට 3.6% ට අඩුවෙලා, හාල් පොල් රටින් ගේන්න වෙලා. 2015දී පිටරට රැකියා කරන ඉංජිනේරුවන්, ඇතුළු උගතුන්ට අපේ රටට එන්න කියලා ආරාධනා කළා. ඇවිල්ලා මොනවා කරන්නද? කව්ද ආවේ? දැන් තමා මෙයාලට අදහස් ලබාගන්න මතක් වෙලා තියෙන්නේ. තව අවුරුදු 12ක් ඉන්නද කල්පනාව... හරි නායකයෙක් බලයට එන්න කලින් තමන්ගේ සැලසුම් හදාගෙන ඒවා උගතුන් සමග සාකච්ඡා කරලා, ඒ මත තමන්ගේ වැඩපිළිවෙල රටේ ජනතාවට ප්‍රකාශයට පත්කරලා ඡන්දෙ ලබාගන්නේ... මෙයා අනුන්ගේ පොතක් බලාගෙන කියවලා දැන් කියනවා එක මගේ නෙමෙයි කියලා.. කව්ද එ්ක හැදුවේ කියලා තමන් දන්නේ නැහැ කියලා. මෙහෙම විහිළු කාරයින්ට මිනිස්සු ආයෙත් ඡන්දෙ දේවිද?
වසර දොළහ කොහොම වුණත් ඉදිරි වසර දෙක හමාර අහවරක් වෙනකල් පන ගැටගහගෙන ඉන්න ලැබුණොත් ලොකු දෙයක්. අපි නෙවෙයි කියන්නේ. "කොන්ද පණ නැති ආණ්ඩුවක්" කියලා කියන්නේ මංගල සමරවීර. "පතෝල බණ්ඩක්කා" කියලා කියන්නේ පූජ්‍ය අමිල හිමියන්. ඉතින් අර ගේට්ටු වහලා බැරි වුනොත් අවීචි මහා නරකාදියට ගිහිල්ලා හරි දුෂිතයන්ට දඬුවම් දෙනවා කියපු කතා දැන් වමාරන්න වෙන තත්වයක් ඇතිවෙලා කියලා ඔය වටේට ඉඳගෙන ආණ්ඩුවේ සල්ලි ගිලින උපදේශක බක පණ්ඩිතයෝ කියල දෙන්නේ නැද්ද? ඒකාබද්ධයේ රාජපක්ෂ සහෝදර සමාගම සහ ගෝලබාලයන් අතර ගැටුම දැන් කරමුලටම පැමිණ තිබෙන එකේ ඒ ජනබලය පරදවන්න මොකක් හෝ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලයුතු යැයි පෙනෙන්නේ නැද්ද? යහපාලන ආණ්ඩුව හතර දෙසින් ආරම්භකළ සංවර්ධන වැඩසටහන් හමුවේ තිගැස්සී සිටින එ්කාබද්ධය කෝකටත් තෛලය ලෙස භාවිතා කරන "ජාතික සම්පත් විකිණීම, රණවිරු දඩයම, ආර්ථික පසුබෑම, අධ්‍යාපන කප්පාදුව බදු" වැනි සටන් පාඨ මුල් කරගනිමින් මහජන සිත් එක්තැන් කර ගැනීමට සමත්ව ඉන්නා බවක් පෙනෙන්නට තිබියදී ආණ්ඩුවේ කිසි වැඩපිළිවෙලක් ජනතාව අතරට ගෙන යන්නට ඇති ඉඩ අහුරමින් බේගල් පතුරුවන මාධ්‍ය මේච්චල් නොකලොත් වෙන්නේ " සොරිම සොරි ඩොට් කොම්" තමයි ඉතින්.
මට නිකම් රැකියා දශලක්ෂය මතක් වුණා.
ජනාධිපතිතුමනි, වසර දොළහක ස්ථිරසාර සංවර්ධනය කරන්න කලින් මේ අවුරුද්ද ඇතුළත කරන්න පුළුවන් දෙවල් ටිකක් කරලා පෙන්නන්න. ඔබතුමාලාට තවත් රට විනාශ කරන්න බලයක් දෙන්න තරම් රටේ ජනතාව මොඩයෝ නෙමෙයි. මේ කාලය ඇතුළත රටට කරපු වින්නැහිය හොඳටම ඇති. දැන්වත් ඉන්න ටික කාලයට රටේ යහපතට කරන්න පුලුවන් වැඩක් කරලා ජනතාවට පව් නොදී ගියොත් හොඳ නැද්ද? ජනාධිපතිතුමනි, දැන්නම් පෙරහැර ගිහිල්ලා ඉවරයි. දැන්වත් කියවිල්ල නවත්තලා වැඩක්වත් කරමු.
මේ බක පණ්ඩිතයෝ ටික ඔක්කොම එකතුවෙලා වාර්තාවක් හදාවි... එ්ක හදන්න කෝටි කිහිපයක් වියදම් කරාවි. එ්ක සුබ මොහොතින් ජනාධිපතිතුමාට දේවි. ඊට පස්සේ එ්ක ටික දවසක් එතුමාගේ මේසයේ තිබිලා කුණුකුඩයට යාවි... ඊට පස්සේ පිටකොටුවේ වෙළෙන්දෝ එ්කෙන් ගොටු හදලා කඩලා විකුණාවි...
මෙය ඉතා හොද වැඩක්! අදහස් කියවූ විට ලංකාවේ සාමාන්‍ය බුද්ධි මට්ටම ගැන හිතා ගැනීමට පුළුවන. කිසිවකු මෙහි වැදගත්කම අවබෝධ කර ගෙන නැත. පුදුම නොවෙමි.
ජනාධිපති වෙතටයි. මේ තමා අද රටේ පවතින සැබෑ ජනමතය. හොඳින් අවබෝධ කරගෙන රට වෙනුවෙන් යමක් කරන්න බලන්න.
තවත් මාධ්‍ය සංදර්ශනයක්.
මාසෙන් මාසෙට තිරසාර සංවර්ධන වැඩපිළිවෙල්. අවුරුදු 50ක් ගියත් කියයි තව අවුරුදු 50කින් නව තිරසාර වැඩපිළිවෙල් කියලා.
පහුගිය අවුරුදු තුනට ඒ තිරසාර සංවර්ධනයේ එක අංශු මාත්‍රයක්වත් දකින්න නැති කොට මේ හදන්නේ අපිට දවල් හීන පෙන්නන්න වෙන්න ඇති. දැන් ඉතින් අපි රැවටුණු කාලේ ඉවරයි.
වසර 12ක් ඉන්න ඕන නැහැ. දැනටම රට අපායක්.