(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ කසළ බැහැර කරලීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ මණ්ඩලයට ලබාදෙන මුදල වැඩි නොකරන ලදැයි කියන සිද්ධියක් මත ඊයේ (06) සිට කොළඹ නගරයේ කසළ භාරගැනීම එම මණ්ඩලය විසින් අත්හිටුවා ඇති බවට කොළඹ මහ නගර සභාව චෝදනා කරයි.
මේ හේතුවෙන් නගරයේ කැලි කසල මේට්‍රික් ටොන් 1200ක් පමණ ගොඩගැසී බරපතල පාරිසරික ගැටලුවක් මතුවී ඇතැයි නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද(07) පැවසුවාය.
මේ සම්බන්ධයෙන් විසඳුමක් ඉල්ලූ ජනාධිපතිවරයාට ද දැනුම් දුන් බව පවසන නගරාධිපතිනිය පසුගිය වසරේ පමණක් පහත්බිම් මණ්ඩලයට නගරයේ කැලි කසල බැහැර කිරීම සඳහා රුපියල් මිලියන 525ක් ලබා දී ඇතැයි ද, තවත් රුපියල් මිලියන 207ක් ලබාදෙන්නැයි ඔවුන් ඉල්ලා ඇතත් නගරයේ ජනතාවගේ බදු මුදල් මෙලෙසින් විනාශ කිරීමට තමා සූදානම් නැතැයි ද ඇය ප්‍රකාශ කළාය.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි )



2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කසළ බාර නොගැනීමෙන් කොළඹ කුණුවෙයි
සතයපාල Sunday, 07 October 2018 01:04 PM
කොළඹ නගරයේ වැදගත්ම ප්‍රශ්නය වන කසළ බැහැර කීරිම ක්‍රමවත්ව කීරීම සඳහා රාජ්‍ය ආයතනයකට අත්‍යාවශ්‍ය මුදල ගෙවන්න තමයි මෙයාට බැරි. ලක්ෂ හැට හැත්තෑව වියදම් කරලා තමන්ට වැසිකිළි භදා ගන්නයි, නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි කරන්නයි, ලැප්ටොප් බෙදන්නයි නම් මෙයාට සල්ලි තියනවා. දෙන්න සල්ලි නැත්නම් කොළඹ කසල ඔහේ තිබුණාදෙන්. මහආණ්ඩුවේ සල්ලි මේවට යොදවන්න අවශ්‍ය නැහැ.. සල්ලි තියෙන හා සල්ලි යොදවන්න පුළුවන් කෙනෙක් කොළඹ නගරාධිපති කෙරුවා නම් හරි...
Perakum Sunday, 07 October 2018 01:46 PM
ජනතාවගේ බදු මුදල් මෙලෙසින් විනාශ කිරීමට තමා සූදානම් නැතැයි නගරාධිපතිනිය ප්‍රකාශ කළා. එහෙනම් අර පහුගිය දවස්වල කවුරුත් කතා කරපු ඒවට වියදම් කරන්න ගියේ ජනතාවගේ බදු මුදල් නැතුව ගෙදරින් ගෙනාපුවද දන්නේ නෑ.
sam Sunday, 07 October 2018 02:03 PM
රෝසි.. කුණු ඉල්ලන් කනවා. රෝසිට කුණු බාරයි.
Hafeel Sunday, 07 October 2018 02:39 PM
ජනතාවගේ බදු මුදල් ගැන මෙයාට දැන් අමුතු අනුකම්පාවක් ඇවිල්ලයි තියන්නේ. අර ලක්ෂ 57 වැසිකිලි, මන්ත්‍රී දීමනා වැඩිකිරීම්, මංගල රැස්වීම වෙනුවෙන් හිතවතුන්ට තුන්වෙලා තරු පහේ කෑම. ඕවා අමතකද?
himal Sunday, 07 October 2018 02:57 PM
මෙතන වෙන්නේ රජයේ මුදල් එක් තැනකින් තවත් තැනකට යන එක. මේ තනි සිදුවීමක් වුණත් පහුගිය වසර 10ක වගේ කාලය තුළ අඛණ්ඩව දකින්න පුළුවන් දෙයක් තමයි රාජ්‍ය ආයතන පුදුමාකාර ආත්මාර්ථකාමී බවකින් හා ආයතන අතර ගහ මරා ගන්න එක...
OMG Sunday, 07 October 2018 03:13 PM
කණ්නාඩි දාපු කොළඹ 7 නෝනා කෙනෙක්නේ. ඒකයි.
vipula. Sunday, 07 October 2018 05:20 PM
කොළඹ නගරය දැන් ආපස්සට ගිහිල්ලා ගොඩක් කල් වෙනවා. දැන් නහය වහගෙන යන්න වෙන්නේ. තිබුණු දේ දියුණු කරන්න කතා කරන කොට ආපස්සට යන තීරණනේ ගන්නේ