(සුජිත් හේවාජුලිගේ )
සැර කොරෝනා වයිරස සෙවීමේ තවත් පරීක්ෂණ මාලාවක් හෙට (14) යළි අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .
දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව පටල සාම්පල 16ක් මේ යටතේ පරීක්ෂාවට ලක් කෙරෙන බවද එම පරීක්ෂණවල ප්‍රතිඵල ලබන 18 වැනිදා සිකුරාදා වනවිට නිකුත් කිරීමට හැකිවනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
ජෛව පටල සාම්පල ලැබෙන ලැබෙන පරිදි ඡාන අනුක්‍රමණ පරීක්ෂණවලට ඉදිරියේදී යොමු කරන බව චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් කීවේය.
මේ අතර සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ පරීක්ෂණ දෙගුණයකින් පමණ වැඩි කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තීරණය කර ඇත.
බ්‍රිතාන්‍යයේ පැතිර ඇති ඇල්ෆා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ 10 කින්ද ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථාන දෙකකින්ද පසුගිය දිනවල සොයා ගන්නා ලදී .
මෙම සොයාගැනීම කරනු ලැබුවේද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැර කොරෝනා ගැන පරීක්ෂණ හෙට යළි ඇරඹේ
පුරවැසි Monday, 14 June 2021 09:03 AM
මේවා ගෙනාවේ කවුද ආවේ කොහොමද කියල සොයන එකත් වැදගත් නොවේ ද?
Sri Lanka Monday, 14 June 2021 05:37 PM
පත්තරේ බලන අය පලකරන අදහස්වලට ඉඩක් දෙන්න. මේකද මාධ්‍ය නිදහස කියන්නේ?