(ඩී.ජී.සුගතපාල)
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම පීඨයේම ඉගෙනුම ලබන පස් දෙනකුට, වින්දිත සිසුවියට රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙස ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනි පතිරණ මහත්මිය අද (23) නියම කළාය.
අද එම නඩුව කැඳවු අවස්ථාවේදී දෙපාර්ශවයේම එකඟතාව මත මෙලෙස වන්දි මුදල ගෙවිමට නියම කෙරුණු අතර නඩුවද සමථයකට පත් කෙරිණි.
නවකවදය දුන් බව කියන ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවෙකු සහ සිසුවියන් සිව් දෙනෙකු ඇතුලු පස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
එහිදී අංක 1, 2, 5 යන විත්තිකරු සහ විත්තිකාරියන් දෙදෙනා වන්දි මුදල් ගෙවු අතර 3, 4 විත්තිකාරියන් දෙදෙනා වන්දි ගෙවීමකින් තොරව සමථවිය.
වින්දිත සිසුවිය බෙලිඅත්ත ඉහල බෙලිගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂි විද්‍යා පීඨයට 2018 මැයි 14වන දින ඇතුළත් වී ඇති අතර ඇය මේ වනවිට පාඨමාලාව හැරදමා නිවසට ගොස් ඇති බවද නඩුවේදි අනාවරණය විය.
උසස් තාක්ෂණ ආයතනයට ඇතුළත් වූ පසු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් සොයා දෙන ලද නවාතැනක නතරවූ බවත් එම දෙමහල් නිවසේ කාමරයක තවත් හයදෙනෙකු සමග සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් වරින් වර පැමිණ නවක වදයදුන් බවත් ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ. මේ අතර මැයි 30වන දින ආපන ශාලාව ඉදිරිපිටදි ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තමා දණ ගස්සවා කුණු හරුප කියමින් ඔවුන්ට දොහොත් මුදුන්දි වැඳගෙන සිටින ලෙස තර්ජනය කළ බවත් ඇයගේ පැමිණිල්ලේ සඳහන්වේ.
මෙම ඇය විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ අතර ජූනි මස 4වන දින පීඨාධිපතිවරයාද පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නවක වදය පිළිබඳ පරීක්ෂා කරන ලෙසට දන්වා තිබේ.
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ අක්මීමණ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම සැකකාර සිසුවා සහ සිසුවියන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අයුතු ජන රාශියක සාමාජිකයින්වීම, වාචිකව ලිංගික අතවර සිදු කිරීම, සාපරාධි බලහත්කාරය පෑම, බැන තර්ජනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑමට අනුබල දීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිට පසුව රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.
නඩුව කැඳවු අවස්ථාවේ වන්දියක් ගෙවා නඩුව සමථයකට පත්වීමට දෙපාර්ශවයම එකඟතාවය පළ කිරීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත්වරිය විත්තිකාර සිසුවාට සහ සිසුවියන් සිව් දෙනාට දැඩි ලෙස අවවාද කර මෙම වන්දි මුදල ගෙවීමට නියම කළාය.
විත්තිකාර සිසුන් වෙනුවෙන් නිතිඥ ලලිත් පතිරණ මහතා සමග නීතිඥ රාජනි අබේවික්‍රම මහත්මිය පෙනී සිටි අතර අක්මීමණ පොලිසියේ පොලිස් පරීක්ෂක වික්‍රමතන්ත්‍රි මහතා සමග සැරයන් සරත්චන්ද්‍ර (59111)මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදි.
COMMENTS
හැමදාම ඔය නවකවද මෙහෙයවන්නේ ජවිපයට කඩේ යන අන්තරේ වහල්ලු. අපිත් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ හිටපු කාලේ ඕක හොඳට අත්දැකීමෙන් අත්වින්දා. ඔය සමාජවාදය විශ්ව විද්‍යාලයෙන් එළියට ආවම පේන්නවත් නැහැ. අහිංසක ගම්වල දෙමාපියන්ගේ උගත් ළමයින්ව කඩේයවලා ජේවීපී ලොකු ලොකු අය පවතින ආණ්ඩුවට හොඳට කඩේ යනවා. හැබැයි නිකන් නෙමෙයි ඩොලර් කුට්ටිවලට... ඔහොම දඩගහන එක තව වැඩිකරන්න..
ඉතාම හොඳ තීන්දුවක්. සා.පෙළ ලියලා, උසස් පෙළත් ලියලා ළමෝ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ ලොකු රැග්එකක් කාලා. දේශපාලන අතකොලු වෙච්ච, මනසින් යක්කු වගේ වෙච්ච මේ වගේ සීනියර්ලාගෙන් ලබාගන්න අමුතු රැග්එකක් ඒ ළමයින්ට නැහැ. උසාවියට පුළුවන් නම් පරපීඩක මානසිකත්වය තියෙන මේ යක්වෙස් ගත ළමයින්ගේ දේශපාලන අප්පොච්චිලාටත් දඩයක් ගහන්න, ඉතාම සුදුසුයි.
නියම තීන්දුව.. මානසික විකෘතියකින් පෙලෙන අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය සහ සාමාජවාදීන් යැයි කියා ගන්නා සිසුන් හෙවත් දාමරිකයින් විසින් දැන් සිදුකරන නවක වධයට කදිම පිළිතුරක් සපයා අැත. නවක වදය නමින් සිදුකරන ලිංගික, ශාරීරික හා මානසික වදයන්ට තව තවත් දඩයම් නියම කිරීමට හැකි නම් එයද අගයමු. ගීතයක්, නර්තනයක් වැනි දේ එදා සිදුකළත් අද කරන්නේ ලිංගික හිංසනයන්ය. මෙය බහුතරයක් ජෙ.වී.පි හා පෙරටුගාමීන් මෙහෙයවන ශිෂ්‍ය සාමාජිකයින් සිදුකිරීම වඩාත් ඛේදනීයයි.
දඬුවම මදි. මානසික රෝහලට යොමු කරන්නත් ඕනේ... ආයෙමත් ජීවිතේට උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුල් වීම තහනම් කරන්නත් ඕනේ.
දඬුවම මදි. මානසික රෝහලට යොමු කරන්නත් ඕනේ. ආයෙමත් ජීවිතේට උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුල් වීම තහනම් කරන්නත් ඕනේ...
කියලා වැඩක් නැහැ මම මෑත කාලයේ අහපු ඉස්තරම්ම තීන්දුව. දැන් ඉතින් උගස් කරපල්ලකෝ ඉන්න ගේ කෑල්ල වන්දි ගෙවන්න. වින්දිතයා වන්දි එපා කියන්න නම් එපා. එහෙම කළොත් නඩුවේ ප්‍රයෝජනයක් නැහැ.
මේකද මේ ගොල්ලන් දකින නිදහස් අධ්‍යාපනය, ජවිපෙ රැස්වීම්වල කතාකරන මිනිස්සු පෝලිමේ ආවත් ජවිපෙට මිනිස්සු ඡන්දෙ නොදෙන්න මේකත් එක හේතුවක්... මෙවැනි වරදක් කළාම සල්ලි දීල බේරලා යවන එක නවත්වන්න ඕනේ... අනිවාර්යයෙන්ම හිරේ අරින්න ඕනේ. අහිංසක සිසු සිසුවියන්ගේ අනාගතය විනාශ කරන වධකයින්...
නියම නඩුවක්, නියම තීන්දුවක්, නියම විනිශ්චයකාරවරියක්. නඩුව නියමාකාරයෙන් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකළ පොලිස් නිලධාරීන්ටත්, වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි කලුකෝට් කාරයින්ටත් මාගේ ගෞරවය පුදකරමි. මින් ඉදිරියට නවක හෝ පරණ හෝ වෙනත් නමකින් හෝ නවක සිසු සිසුවියන්ට දඬුවම් කරන සියලු දෙනාට විරුද්ධව නීතිය ඉදිරියේදී මේ නඩු තීන්දුව ආලෝකයක් වේවා...!!! මෙහිදී ගෙවූ වන්දිමුදල 10 ගුණයක්වත් වූවා නම් යහපත් බව හැඟේ...
ලක්ෂ හයට අමතරව මානසික රෝහලටත් මාස කීපයක් හරි යැව්වා නම් තමයි හොඳ. අනික මොවුන්ගේ නම් ගම් හෙලිකරන්න. කිසිම රාජ්‍ය ආයතනයක හෝ පුද්ගලික ආයතනයක හෝ රැකියාවක් මොවුන්ට දෙන්න එපා. මෙවැන්නන් එල්ලලා මරන්න ඕනේ... රටටත් හෙනයක්, සමාජයටත් පිලිලයක්...
නවකයින්ට අධ්‍යාපන කටුතු පටන් ගන්නකොට මාස 2ක් විතර ජ්‍යෙෂ්ඨ සිසුන් එම භූමියෙන් ඉවත්කර තැබුවහොත් අවුරුදු 4න් නවකවදය අවසන් කල හැකියි.
නවක වදය යනු වාචිකව ලිංගික අතවර සහ ප්‍රායෝගික ලිංගික අතවර හොඳම උදාහරණය රුහුණ විශ්වවිද්‍යාල ය... ජවිපෙ හා පෙරටුගාමී දේශපාලන මානසික විකෘති වහල්ලු කරන සක්කිලි වැඩ. 88 - 89 වගේ ටයර් උඩ යවන්න ඕනෑ. අපමණ කැපකිරීම් සිදුකර තම දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදෙන්නේ කොහොමද? මේ වගේ සත්තු හින්දා.
නියම තීන්දුව... දුක් මහන්සි වෙලා ඉගෙනගන්න යන ළමයින්ට වදදෙන මානසික රෝගීන්ට දඩ ගහල මදි.. සිරදඬුවම් දෙන්න ඕනි.
මොවුන්ගේ මූණවල් ප්‍රසිද්ධ කරන්නත් ඕනේ...
එක ජෙප්පෙක් විතරයි අදහස් ලියලා තියෙන්නේ... ඌත් 1990න් පස්සේ ඉපදිච්ච එකෙක්. අතීතයක් නැති පුස් අනාගතයකටයි මාන බලන අය...
නවක වදයේදී සිදු වෙන්නේ නවක සිසුන් නිරුවත්කර ඇදුම් ඉරා පහරදී සහ නොයෙකුත් වද බන්ධන වලට යටත් කොට ඔවුන් බයකරගන්න එක , ඊට පස්සේ ඔවුන්ව ඕනේ ඕනේ විදිහට නටවන්න පුළුවන් , පාරවල් දිගේ දක්කාගෙන යන්න පුළුවන් , මේවට වගකියන්න ඕනේ ජවිපෙ සහ පෙරටුගමියෝ , පෙරටුගමියෝ අපේ දරුවන්ගේ අනාගතය කුරුටුගාන අතර උන්ගේ නායකයන්ගේ දරුවන් ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ , හොඳම දෙය කවුරු කැමති වුනත් අකමැති වුනත් ඔය ඊනියා විශ්ව විද්‍යාල සංස්කෘතිය කියන එක පැත්තකට දමල නවක සිසුන් ඉන්න නේවාසිකාගාරවලට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව දීම .
මෙවැනි සමාජ පිළිල වලට දඩ ගැසුවාට මදි. මතක සිටින සිර දඬුවමකට යටත් කල යුතුයි. එමෙන්ම, මේ සිසුවියට ඇගේ අධ්‍යාපනය තව දුරටත් කරගෙන යාමට අවස්ථාව ලබා දිය යුතුයි.
වැරදිකරුවන් උනානම් අනිවාර්යෙන් ඔඋන්ගේ පන්ති තහනම් විය යුතුමි. ඔඋන් සමජෙටම පිළිලයක්. අහිසක ළමයෙකුට ඉගෙනීමට ඇති අවස්ථාව නැතිකරපු ඕකුන්ට තව රජයේ වියදමින් නොමිලේ අද්‍යාපනය ලබා දිය යුතුද?
දැන් විශ්වවිද්‍යාල වලින් ජ.වි.පෙ. බලය ගිලිහී ඇත. දැන් බලය හිමිව ඇත්තේ පෙරටුගාමීන්ටය.