(ටී.කේ .ජී.කපිල )
නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
මොහු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
එහි වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 50 ක් තිබූ අතර , ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් බව රේගුව පවසයි .
වල්ලපට්ටා තොගය රාජසන්තක කළ බවත් ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය .
COMMENTS
හැම වෙලේම වල්ලපට්ටා තොගයක් අල්ලා ගත්තා යයි බෙරිහන් දෙන්නේ නැතිව, වල්ලපට්ටා නීත්‍යනුකුලව රටින් ගෙන යන ආකාරය මාධ්‍ය මගින් මහජනයාට පැහැදිලි කර යුතුයි. මෙය කෙනෙකුට ජීවත්වීම සඳහා අදායම් මාර්ගයක් කර ගත හැකියි.
රජයේ ඉඩම්වලින් හැර පොද්ගලික ඉඩම් වල වල්ලපට්ට කැපීම,ප්‍රවාහනය කල හැකි බව වන ජීවී දෙපාර්තමේන්තුව කියයි. මෙය තව දුරටත් පැහැදිලි කරගත යුතුව ඇත.