IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එජාප ඉදිරි දර්ශනයට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

වර්ෂ 2022 ක්‍රියාත්මක කරන අංගසම්පූර්ණ වැඩපිළිවෙළ ඇතුළත් එක්සත් ජාතික පක්ෂ ඉදිරි දර්ශනයට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතික අනුමැතිය ලබා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී  මණ්ඩල රැස්වීම පැවැත්විණි.

අංගසම්පූර්ණ දර්ශනයක් යටතේ පක්ෂයේත් සිරිකොත මූලස්ථානයේත් විශාල පරිවර්තනයක් ඉදිරියේදී සිදුවන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ ඉදිරි දැක්ම පදනම් කරගනිමින් මේ වසරේ ඉදිරි දේශපාලන කටයුතු සංවිධාන කරන බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

එජාප ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක සහ නවීන් දිසානායක මහත්වරුන්  පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී වෙනත් ස්ථාවරයක්  ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය රටට රටට හඳුන්වා දීමට ක්‍රියා කරන අලුත් මුහුණු පිළිබඳව හිටපු ඇමැතිවරුන් දෙදෙනාගේ එකඟතාවය පළ නොකෙරුණු  බව කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක් පැවසීය. 



අදහස් (7)

එජාප ඉදිරි දර්ශනයට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය

RR Thursday, 27 January 2022 11:44 AM

බම්බුව තමයි...!

:       0       0

Surain Thursday, 27 January 2022 12:17 PM

මයේ අප්පෝ අලුත් තාලේ බයිස්කෝප් එකක් වෙන්න ඇති.

:       1       1

Bandara Thursday, 27 January 2022 12:18 PM

ඔය දෙන්න නැතුව ගියොත් නම් පක්ෂය ගොඩ ගන්න පුළුවන් වෙයි.

:       0       2

සෙනෙවිරත්න Thursday, 27 January 2022 12:25 PM

එතුමන් දෙදෙනා ඉතා නිවැරදියි මොකද 1994 සිටම ක්‍රියාත්මක කලේ එදාවේල ටුවර්ස් න්‍යායක් කිසිම දුරදිග බැලීමක් නැහැ .කිසිම සැලසුමක් නැහැ .අපි දැක්කා ආණ්ඩුව ගත් අවස්ථාවන් දෙකකම සැලසුමක් නැතුව වැඩ සැලැස්ම සකසන තුරු දින සියය දින දෙසීය කියන අටමගල් අටවාගෙන් කරපු විගඩං .කරන්න තියෙන්නෙ අඩුම තරමින් අවුරුදු 15 කටවත් සැලසුම් හදල වසරින් වසර ක්‍රියාත්මක කිරීමයි ඔහොම කරල 2025 දී ආසනයක් වත් ගත්තොත් ඇති (පිං ආසනයක් නොවෙයි )

:       0       1

Raveendra Thursday, 27 January 2022 02:04 PM

"අංගසම්පූර්ණ දර්ශනයක් යටතේ පක්ෂයේත් සිරිකොත මූලස්ථානයේත් විශාල පරිවර්තනයක් සිදු කිරීමට නම් කාල මාපකය ආපස්සට කරකවා මෙහි සිටින සියලුම ගල් ආදන්ව නැවත තිබිරිගෙට යවා එතන සිටම පටන්ගත්තොත් හොද... ආ රටේ තිබෙන සියලුම මලපෙරේත පක්ෂ මොන විදියට පරිවර්තනය කිරීමකට බාජනය වුවත් මේ හැම පක්ෂෙම ඉන්න අගේ තිබෙන්නේ හොරකම වංචාවය එබැවින් මේ සෑම පක්ෂයකම ඉන්න මලපෙරේතයන් උන්ගේ නෑ පරපුර සමගද රටින් පිටුවහල් කල යුතුමය.

:       2       2

Sunil Thursday, 27 January 2022 02:46 PM

කතාව විතරයි. මීළඟ මැතිවරණයේදී පිනට ලැබුන එකත් නැතිවෙයි.

:       2       3

Rohana Thursday, 27 January 2022 03:23 PM

මොන විදියේ අළුත් දර්ශන පෙන්නුවත් ඉන්නේ පරන කට්ටියමයි. ඒ නිසා කියන තරම් ලොකුවෙනසක් ඇතිවන්නේ නැති බව ස්ථිරයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site