IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ටෙලෝ හිටපු මන්ත්‍රී සිවාජිලිංගම්ට හමුදාව ඕනෑවෙයි

(අමදෝරු අමරජීව)
 
‘හමුදාව උතුරු පළාතෙන් මුළුමනින්ම ඉවත්කළ යුතු යැයි මම කියන්නේ නැහැ. ඒකීය රටක් තුළ ජනතාවගේ ආරක්ෂාව සදහා ආරක්ෂක හමුදාවත් සිටිය යුතුයි‘ යැයි දෙමළ ඊලාම්  විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ පක්ෂයේ  සභාපති  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. කේ. සිවාජි ලිංගම් මහතා පැවසීය.

වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටනේදි මියගිය අය සිහිකරණ “ ජනසංහාර මාසයේ “ පැවැත්වීමට තිබූ පාගමන රටේ වත්මන් තත්වය තුළ එය අත්හිටුවිමට ගත් තිරණය දැනුම් දෙමින් පැවති මාධ්‍ය සාකච්ඡාවකදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.කේ.සිවාජිලිංගම් මහතා එසේ කීය.

මෙම හමුව ත්‍රිකුණාමලය තානායමේදි ටෙලෝ පක්ෂයේ  පරිපාලන ලේකම් කේ.නිත්‍යානන්දන් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ටෙලෝ සභාපති  එම්.කේ.සිවාජිලිංගම්  මහතා, 

‘උතුරේ  වැඩි ප්‍රදේශයක  හා  උතුරු නැගෙනහිර හමුදා  භාරයේ තිබිම වැරදියි කියන ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ. ඒ වගේම මේ තත්වය තුළ සාමාන්‍ය ජනතාවට හමුදාවේ ආරක්ෂාව සැලසිය යුතුයි.  ඒ නිසා හමුදාව තර්ජනයට ලක් වි ඇති තැන්වලට ආරක්ෂාව සැළසිය යුතුයි.

ඉස්ලාමීය ත්‍රස්ථවාදය එල්ල කළ  මරාගෙන මැරෙන  ප්‍රහාර මාලාව හේතුවෙන් පවතින ආරක්ෂක තත්වය සලකා අවසන් සටනේ  මියගිය  අය සිහිකරලා වෙරුගල් සිට ත්‍රිකුණාමලය හරහා  වෙල්ලමුල්ලි වයික්කාල්  දක්වා යෑමට සුදානම්කර තිබූ  පාගමන අත් හිටෙව්වා. ඒ වෙනුවට  ලබන සතියේ නම් කළ දිනවල  ඒ ඒ දිස්ත්‍රික්ක තුළ පහන් දැල්වීම සිදුකරනවා‘  යැයි කීය.

 



අදහස් (7)

ටෙලෝ හිටපු මන්ත්‍රී සිවාජිලිංගම්ට හමුදාව ඕනෑවෙයි

Hafeel Sunday, 12 May 2019 07:02 AM

දැන් තමයි මෙයාටත් ආනන්දිටත් හමුදාවේ අගය තේරිලා තියෙන්නේ....

:       0       172

ajith Sunday, 12 May 2019 11:44 AM

ජනසංහාර මාසය, එහෙම එකක් කොහෙද තියෙන්නේ? පාලකයෝ නිදිද?

:       0       177

saliyaMonday, 13 May 2019 08:49 AM

ඔය කියන්නේ 1984/05/14 අනුරාධපුර ශ්‍රී මහා බෝධියට ඒ ගොල්ලෝ එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරයට වෙන්න ඇති මගේ හිතේ... ඒකට හෙටට වසර 29 ක්...

:       0       26

kule Sunday, 12 May 2019 12:29 PM

ඇතිවී තිබෙන තත්වය අනුව සුළු ජාතීන් ජීවත්වෙන සෑම තැනකම හමුදා කඳවුරු ඇතිකරන්න ඕනෑ.

:       3       102

dickie bird Monday, 13 May 2019 06:03 AM

හදිසි නිතිය තියෙන නිසා ඔන්න වෙලාව…….. හමුදාවට අවශ්‍ය නම් සහ කරුණු තිබේ නම් වහාම අත්අඩංගුවට රැගෙන ප්‍රශ්න කල යුතුයි. කිඹුල් කදුළු ……. හදිසි නීතියට බය වෙලා.

:       0       19

parakkrama Monday, 13 May 2019 06:53 PM

අනේ මන්දා? මෙයාලා කියන විදිහට බලපුවාම උතුරු පළාතේ අප‍ හමුදාව ඉඳලත් බෑ නොඉඳලත් බෑ..

:       0       8

Bamunuarachchi Tuesday, 14 May 2019 11:30 PM

දැන් මේ ගොල්ලන්ට උතුරට හමුදාව ඕනේ වෙයි. මොකද මුසල්මානුවන් උතුරෙන් පැන්නුවේ මේගොල්ලොනේ... දැන් දන්නවා රිටර්න් එකත් අතළඟ බව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 338 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site