IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


කොටි තිදෙනාට එරෙහි නඩුව අනුරාධපුරයෙන් වව්නියාවට

(උපාලි ආනන්ද)
 
කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් තිදෙනකුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පවතින නඩුව යළි වව්නියාව මහාධිකරණයට යොමු කරන ලෙස අභියාචනාධිකරණය අනුරධපුර අංක දෙක මහාධිකරණයේ   විනිසුරු  ගියාන් චන්ද්‍ර රණවක මහතා නියෝග කළේය. 

නාවික හමුදා සෙබලූන් 18 දෙනෙකු  සහ යුද හමුදා සෙබලූන් 8 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුනට එරෙහිව ඇති චෝදනාව වේ. 

මෙම පෙත්සම ප්‍රිති පද්මන් සූරසේන සහ ශිරාණි ගුණරත්න යන ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමෙන් පසුව මෙසේ නියෝග කෙරිණි.

මෙම  නඩුව වව්නියාව මහාධිකරණයේ සිට අනුරාධපුර අංක දෙක මහාධිකරණයට මාරු කිරීමට විරෝධය පල කරමින් මෙම කොටි විත්තිකරුවන් දෙදෙනා අනුරාධපුර බන්ධනාගාරය තුළ මීට පෙර ආහාර වර්ජනය කරමින් විරෝධතාවයක ද නිරත වූහ. 

වාලච්චේන දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් ඒ එම් එම් රියාල් යුද හමුදා මේජර් ඩී කසුන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පොලිස්  පරික්ෂකවරුන් වන හේමචන්ද්‍ර සහ රවින්ද්‍ර උප පොලිස් පරික්ෂකවරුන් වන ප‍්‍රභාත් සහ සුබේර් සහ කාන්තා පොලිස් පරික්ෂිකා නදීෂා යන මහත්ම මහත්මීන් ඇතුලූ පිරිසක් නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති. 



අදහස් (3)

කොටි තිදෙනාට එරෙහි නඩුව අනුරාධපුරයෙන් වව්නියාවට

siri Tuesday, 20 March 2018 09:01 AM

හෙට අනිද්දට කියාවි වවුනියාව නෙමේ, යාපනයේ ඕනෙයි කියා.? ආහාර වර්ජනය කලොත් හැමෝටම මේ වගේ දෙයක් කරාවිද? එසේ කලොත් හැමෝම විවිධ ඉල්ලීම් කරයි නේද? මම නීතිය ගැන නම් දන්නේ නැහැ. එත් මට හිතෙනේ "තැලෙන යකඩේ දැක්කහම උඩ පැන පැන තලනවා "කියලයි.

:       0       48

Neelaka Tuesday, 20 March 2018 10:13 AM

හෙට අනිද්දට කියාවිද දන්නෑ බන්ධනාගාරෙන් පලාගියා කියලා.

:       0       51

Hafeel Wednesday, 21 March 2018 07:45 AM

උතුරේ කොටි ඉල්ලීම් කරනවා තමන් කියන අධිකරණයේ තමන්ගේ නඩු විබාග කරන්නයි කියමින්. දකුණේ අපරාධ කරුවන් ඉල්ලීම් කරනවා තමන්ගේ නඩු අහවල් විනුසුරු ඉදිරියේ විබාග නොකොරන්නයි, තමන්ව අත්අඩංගුවට නොගන්නැයි, තමන්ට එරහිව තියන පරීක්ෂනවල් අත් හිටුවන්නයි කියමින්. බලනකොට දෙගොල්ලම එකයි. වෙනසක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 112 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 955 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2558 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site