(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එම අතිකාල දීමනා ගෙව්වේ කාට දැයි සොයා බලා ගෙන යන බව පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
අතිකාල දීමනා ගෙවීම තවදුරටත් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
වහලා තිබුණු තෙල් පිරිපහදුවේ සේවකයන්ට රුපියල් කෝටි 40 ක දීමනා ගෙවලා තියෙනවා කියලා ආරංචියි. ඒක ලොකු අපරාධයක්.
අමාත්‍ය කංචන විජේසේකර මහතා:
පුවත්පත්වල මේ ගැන තොරතුරු සඳහන් වුණාම මම මේ ගැන සොයල බැලුවා. ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරුගෙන් විමසුවා. ඒ සේවකයන්ට අතිකාල දීමනා විදිහට කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවලා තියෙනවා කියලා ඔහු දැනුම් දුන්නා.
පිරිපහදුව මාර්තු අප්‍රේල් මාසවල වැහුවේ නෑ. ඒක වැහුවේ පසුගිය මාසේ විතරයි. දින හතම ඉන්ධන නිකුත් කළා. ඉතින් ඒ සේවකයන්ට අතිකාල දීමනා ගෙවන්න වෙනවා. ගෙවීම් යම් මට්ටමකට කළමනාකරණය කරගෙන තිබුණා.
COMMENTS
පුද්ගලීකරනය කරන්න ...
කිරි ඇල්ල නම් කට්ටිය දැම්මේ RDA එකට,...50000 ගානේ මාසික දීමනාවකට මේ ආයතන 50-50 හරි පුද්ගලීකරණය කරන්නම ඕනේ. මේවයි ඉන්නේ ඡන්දෙ දවස්වල ගොට්ට අල්ලලා මවලා දීපු තනතුරුවලට පත් කරපු අය... ඔවුන්ගේ අතිකාල විතරක් නොවෙයි පඩියත් රටට බරක්...
නියමයි... තේ පාටියක් දීලා... ඒකෙ බිල විතරක් අතින් ගෙවලා නිකන් ෂෝ පෙන්නනවා...
නියමයි. තෙල් පිරිපහදුවේ වැඩ නම් නැහැ. කෝටි 300ක් ඕ ටී. 225 විතරක්ද එතකොට හොරු? මේ කවුද? ඇත්තටම මේක පෞද්ගලික අංශයට දෙන්න ඕනෑ. නිකරුනේ අපේ සල්ලි වලින් නඩත්තු නොකර... අපි තෙල් නිකම් ගන්නවා නෙමෙයිනේ...
අධ්‍යක්ෂක මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් කෝප් කමිටුවට ගෙන්වා ප්‍රශ්න කරන්න. මේවා කෙලින්ම රජය යටතට ගන්න. මුන්ගේ අතිකාල කැපුවහොත් පෙට්‍රොල් තවත් ලාභෙට දෙන්න පුළුවන්.
දැන් සභාපති අතිකාල දීම සාධාරණීය කරලා ලිපියක් එවයි. කෙලින්ම කෝප් කමිටුවට දමන්න. එතැනදී සභාපතිගෙනුත් ප්‍රශ්න කරාවි.
මෙම රජය ව්‍යවසහාය ආයතන පුද්ගලීකරණ කළ යුතුමයි. අපේ බිල ටිකක් අඩුවෙනවා විශ්වාසයි. මේවා දූෂිතයන්ගෙන් පිරුණු තැන්
මෙරට ශ්‍රී ලංකා ගුවන් සේවය, ඛණිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු පාඩු ලබන සියලුම රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලීකරණය කිරීම කඩිනමින් කළ යුතු දෙයකි. තව දුරටත් රටේ ජනතාවට මේ බර දැරීමට නොහැකි නිසා.
වැඩකට නැති සේවකයන් ඉවත් කොට බොර තෙල් ගෙන්වීමයි විය යුත්තේ.