
(යොහාන් භාසුර)
අර්තාපල් යැයි හඟවමින් නීතිවිරෝධීව ආනයනය කළ රුපියල් ලක්‍ෂ 30 කට අධික වටිනාකමින් යුත් බීට්රූට් කිලෝ 16,000 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
පාකිස්තානයේ සිට මෙරටට ආනයනය කළ සැකකටයුතු ශීතකරණ සහිත බහාලුම් දෙකක් පරීක්ෂා කිරීමේදී එහි සූක්‍ෂම ලෙස සඟවා තිබූ මෙම බීට්රූට් සොයාගත් බව කී සුදත්ත සිල්වා මහතා වත්තල පිහිටි සමාගමක් එම බහලුම් තුළ ඉන්දියාවෙන් ආනයනය කරන ලද අර්තාපල් කිලෝග්‍රෑම් 53,000 අඩංගු බව රේගුවට ප්‍රකාශ කර තිබූ බව ද සඳහන් කළේය.
මෙම බීට්රූට් තොගය අර්තාපල් අඩංගු බෑගවලට සමාන බෑගවල අසුරා එම බහාලුම්වල ගැඹුරු අන්තයේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවත් එය නිෂ්කාශනය සඳහා පැමිණි වාප්පු ලිපිකරු රේගුව විසින් රඳවා ගෙන ප්‍රශ්න කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුයුක්ත ග්‍රේ ලයින් 2 බහාලුම් පරීක්ෂණ අංගනයේ රේගු නිලධාරීන් වැඩි දුරට පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


COMMENTS
එකවර භාණ්ඩවල වෙළඳපල වටිනාකමෙන් සියයට සීයක් දඩ ලෙස පැනවූවා නම් හොරකම අඩුවෙයි. ගෙන්නුවේ සතොස හෙම නොවෙයි නේද? නැතිනම් සුදුළූණු තමයි.
ඔය තමයි ලංකාවේ කූට ව්‍යාපාරිකයෝ... ඔයට අය තමයි රට විනාශ කරන අංක 01 හොරු...
කවුරු ගෙනාවත් කමක් නෑ. ආහාරයක්නේ.. ඉක්මණටම ජනතාවට ලබාදෙන්න අපරාදේ විනාශ කරන්නේ නැතිව... ස්තුතියි...!!!
හා.. හා.. කලබල වෙන්න එපා. ඔය බීට්රුට් අල කාබනික පොහොර යොදලයි වගා කරලා තියෙන්නේ. වකුගඩුත් හොඳට සුද්ද වෙනවා මේ බීට් කාපුවාම. ඒ බීට් අල කාපු මටත් අමුතු දේශප්‍රේමී හැඟීමක් දැනෙනවා වගේම ඇඟට අමුතු සනීපයකුත් දැනෙනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් මේ බීට්රූට්වල වසවිස නෑ කියලා සහතිකයක් ගන්න බැරිද?