බිඟුන් මේනක ගමගේ
විමල් වීරවංශ හොරකමට අපරිණත නිසා රිමාන්ඩ් බාරයේ සිටින බවත්, හොරකමට පරිණත පිරිස් ගැටළුවක් නැතිව ඇමැති මණ්ඩලයේ සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලන සභික ලාල් කාන්ත මහතා පැවසීය.
වරදක් කළේ නම් දඬුවම් ලැබිය යුතුම බව කී ලාල් කාන්ත මහතා ආණ්ඩුව තෝරා ගත් පිරිසකට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ ලංකාදීපය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
COMMENTS
පිළිගන්න පුළුවන්.
ලාල් මහත්තයෝ, කාලෙකට පස්සේ ඇත්ත කතාවක් කීවට බොහොම ස්තුතියි. දේශපාලන බේදයකින් තොරව,මේ සිදුවෙන දේශපාලන දඩයමට එරෙහිවීම ජාතික මෙහෙවරකි.
ඇති යාන්තන් වැදගත් දෙයක් කිව්වා.
වගකීමකින් යුතුව මේ අයගේ නම් සඳහන් කල හැකිද? එසේත් නැතිනම් මෙය අනුමානයක් පමණද?
ලංකාවේ දේශපලක්ඥයන් මගින් හොරු ඉවත් කිරීමට බලා සිටිනා උගතුන් සහ ජනතාව ගැන අනුකම්පා කරමි. ඔවුන්ට එසේ කිරීමට තරම් ශක්තියක් නොමැති අතර දැනට පවතින දේශපාලන රාමුව තුල එය ප්‍රයෝගික නොවන බලාපොරොත්තුවකි. කල හැකි එකම දෙය දේශපාලන මඩ නා නොගත් උගත් පිරිස් මගින් මැතිවරණයකට සියලු පක්ෂ වලට සාපේක්ෂව වඩා සුදුසු අපේක්ෂක ලැයිස්තු යොමුකොට ඔවුන් අතරින් ඒ ඒ පක්ෂයෙන් තරඟයට එන අපේක්ෂකයන් ගැන මිනිසුන් දැනුවත් කිරීම මගිනි. දැනට පවතින පහත් සංස්කෘතිය කාලයක් තිස්සේ පෝෂණය වී ඇති හෙයින් එය නැති කර දැමීමට ද කල් ගතවෙනු ඇත.
ඔබ තුමා ඇමති කමක් අරගෙන අපිට වැඩ පෙන්නන්නකෝ. හැම කෙනාවම විවේචනය කලාටම මදි.
සම්පූර්ණ ඇත්ත කතාවක් !
ලිදේ වැටුන එකා වගේ ලංකාවෙි දේශපාලකයා හොරකම හිමිකමක් විදියටයි සලකන්නේ. හොරකමි නතර කිරීම කල නොහැක්කක් නිසා හොරු අඩුකරන එක තමයි කරන්න ඔිනෑ. පදුරකට ගහපුවාම රටපුරාම විසිරෙන දේශපාලකයින් සංඛ්‍යාව අඩු කරන එක ගැන තමයි හිතන්න ඔනෑ. මහජනතාව ඉතා අපහසුවෙන් ජීවත් වෙන කාලෙක කිසිම ලැජ්ජාවක් බයක් නැතිව තමුන්ගේ හා වරප්‍රසාද වැඩිකරගන්න එක ඉතාමත්ම පිළිකුල් සහගතයි. ඔය තත්වය ඡන්දය දෙනකොට මිනිසුන්ට දැනුනානමි කිසිදිනක ඡන්දය දෙන එකක් නෑ. මහජනයාගේ ඉවසීම වැරදියට අර්ථකතනය කර ගන්න එපා කොයි දේ සීමාවක් තියන බව ඉතිහාසය ඔප්පු කර තියනවා.
අරවින්ද ගේ අනුමානය කිසිදා මානයට හසු නොවනු ඇත
මේ පවතින ක්‍රමය තුල කිසිම කෙනෙක් හොරෙක් නොවී ඉන්න බැහැ / ඉන්නෙ නැහැ. ඉහල තැනකට බැරිවෙලාවත් ආවොත් ඔබතුමාටත් පෙනෙයි.