තරිඳු ජයවර්ධන
හත ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත් සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම නිසා රජයට රුපියල් මිලියන 155ක පාඩුවක් සිදුවී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
අධ්‍යාපන අමාත්‍යංශය මෙම පෙළපොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇත්තේ නිසි තාක්ෂණික අධ්‍යයනයකින් තොරව බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ස්ටාලින් මහතා මේ බව ප‍්‍රකාශ කළේ ගුරුමැදුර ශාලාවේ අද (22) පැවති මාධ්‍ය හමුවකදීය.
මෙම පෙළපොත් භාවිතා කිරීමෙන් සිසුන්ට අක්ෂි රෝග, චර්ම රෝග මෙන්ම ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් ඇතැයි කාර්මික තාක්ෂණ ආයතනය වාර්තා කර තිබෙන බව ද, එබැවින් මේ වන විට එම පෙළපොත් භාවිතයෙන් ඉවත් කර තිබෙන බව ද ජෝසප් ස්ටාලින් මහතා ප‍්‍රකාශ කරයි.
‘හත ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා 2016 ජුනි 20 වැනි දා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට පෙර සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ලබා ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණවල දක්වා තිබෙනවා. නමුත් එලෙස සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නැහැ. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් සිදු කර තිබෙනවා. එම විමර්ශනයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉහළ නිලධාරීන් තිදෙනකු වැරදිකරුවන් කර ඇතත් තවමත් නිර්දේශ ක‍්‍රියාත්මක වෙලා නැහැ.
මෙම ප‍්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේ අමාත්‍යංශ අතිරේක ලේකම්වරයකුයි. ඔහු අධ්‍යාපන ප‍්‍රකාශන කොසමාරිස් ජනරාල් ලෙස පත් කළ පසුත් ප‍්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. විදේශ නිෂ්පාදකයාගේ එස් ජී එස් සහතිකය ටෙන්ඩර් ලියැවිලි සමඟ ඉදිරිපත් කර තිබෙනවා. මෙම කඩදාසි භාවිතයෙන් ඇසේ ආබාධ, සමේ සහ උගුරේ ආබාධ ඇති විය හැකි බව එහි සඳහන් කර තිබුණත් ඒ ගැන නිලධාරීන් සැලකිලිමත් වෙලා නැහැ. මෙම කටයුතු නිසා සිදුවී ඇති පාඩුව ඊට වගකිවයුත්තන්ගෙන් අය කර ගත යුතුයි.’ යැයි ද ස්ටාලින් මහතා ප‍්‍රකාශ කළේය.
COMMENTS
සින්තටික් මන්ත්‍රිලා ඇමතිලා හිටපුවහම ආණ්ඩුවම සින්තටික්
මේ වගේ වැරැද්දක් කරපුවාම එහි වගකීම ගන්නේ කව්ද? අර තෙල් නැති වුණු සිද්ධියට වගකීම ගන්නත් කව්රුත් නැහැ. ඕනෙම රජයේ තියෙන ලොකුම වරද මේක තමයි. පුද්ගලික සමාගමක නම් ප්‍රධානියා වගකීම ගන්නවා. එ්ක නිසා තම පුද්ගලික සමාගම් ලබන්නේ. හොඳට පාලනය වෙන්නේ. කව්රුහරි වගකීමක් ගන්න එක නරක දෙයක්වත් පාරේ බැහැලා කෑගහන්න දෙයක්වත් නෙවේ. හරිම හොඳ දෙයක්. මෙම දෙය පුද්ගලික සමාගමක අංශයක් කලානම් එම අංශයම පාඩුව ගෙවනවා ප්‍රධානියා ඇතුළුව.
සින්තෙටික් කඩදාසි 1) පරිසර හිතකාමියි. මොකද සාමාන්‍ය කඩදාසි හැදීමට මෙන් ගස් භාවිතා නොකරන නිසා සහ ප්‍රතිචක්‍රීය කිරීමට හැකි නිසා 2) දිගුකලක් භාවිතා කලහැකියි.. ඉරෙන්නේ නැති නිසා 3) තෙතමනය නිසා හානි අවමයි 4) වතුරෙන් කරදර අඩුයි 5) නවනකොට කොලවල පාරවල් හිටින්නේ නැ. අපවැනි ඝර්ම කලාපිය වැසි සහින රටක පාසල් දරුවන්ට සුදුසු මෙවැනි සින්තටික් කඩදාසියේ මුද්‍රණය කල පොත්. මේක හැම දේටම විරුද්ධ වෙන රටක්. කල්පනා කරන්න දැනට පාසල් ළමුන් කොපමණ සින්තටික් දේවල් බෑග් එකේ ගෙනියනවද කියලා. අපේ ළමයින්ට ලෙඩ නැහැ. රජයට රුපියල් මිලියන 155ක පාඩු වෙන්නේ මේක විරෝධතා නිසා පාවිච්චි නොකොළොත්....
අලුතෙන් ප්‍රශ්නයක් හදනවා විකුණන් කන්න. කූඹියෝ කතාවේ මේ ගොල්ලෝ ගැන හොඳට කියලා දෙනවා.
මුඛයෙන් කල්පනාකාර පසුපසින් කරන කතා උපද්දවන්නේ ලංකාවේ පමණයි. අපි ඉපදී ඇත්තේ නැති ප්‍රශ්ණ ඇති කරගෙන ඇති ප්‍රශ්ණ වලින් අජීර්ණ සදා ගන්නා අමුතුම ලෝකයකයි
කෘතීම කඩදාසි වල අගුණ ඇති උදවිය භූමිතෙල්, පැට්‍රොල් ඩීසල් , මල මුත්‍ර වලින් පිටවන වායුව, , ටයර් බයිසිකල් සීට්, කාර් සීට්, ත්‍රී වීල් සීට්, සම්පූර්නයෙන්ම අත් හැරිය යතු වෙයි. කිසිම සායම් වර්ගයක් අගුණයි. සබන් පාවිචියත් නරකයි. බත් දන්කුඩ විස වෙන්ට පුලුවන් අපොයි.............. ටූත් පේස්ට් හරිම නරකයි.
සෑම්ටත් හත ශ්‍රේණියේ දරුවෙක් හිටියනම් ඔහොම කියාවිද? ප්‍රශ්නේ තමන්ගේ නොවෙනකම් හැමෝම දර්ශනිකයෝ කියනවනේ......