IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වන්දි ඉල්ලා උපවාස කළ අයෙක් අසාධ්‍යව රෝහලේ

 (දිලීප් ජයසේකර)


සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය දෙපස පදිංචි කරුවන් තමන්ට හිමි වන්දි ඉල්ලා සුරියවැව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයේ නිරත එක් පුද්ගලයෙකු අද (24) පස්වරුවේ හදිසියේ අසාධ්‍ය තත්වයට පත්ව සුරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.


මෙලෙස අසාධ්‍යව රෝහල් ගත කෙරුණේ සුරියවැව අඩි 100 මාර්ගයේ තැලවිල්ල පදිංචි කරුවෙකු වන 47 හැවිරිදි එල්.පී.නන්දසේන නැමති අයයි.


සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් හා නිවාස අහිමි වුවන් තමන්ට හිමි වන්දි ඉල්ලා පසුගිය 20 වන දින විරෝධතාවයක නිරත වු අතර පසුව ඔවුට විසදුමක් නොලැබිම හේතුවෙන් පිරිසක් සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සතග්‍රහයක නිරත වීය.


ඊටද වගකිව යුතු කිසිවකුගේ අවධානයට යොමු නොවිම හේතුවෙන් සත්‍යග්‍රහයේ නිරත පිරිසෙන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කෙරුණේ පසුගිය 22 වන දිනයි. අසාධ්‍ය තත්වයට පත් එක් උපවාස කරුවෙකු ප්‍රථිකාර සදහා සුරියවැව රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයට ඇතුළත් කෙරුණි.


සත්‍යග්‍රහයේ නිරත පිරිස පැවසුවේ මේ වන විට මාරාන්තික උපවාසයේ නිරත දෙදෙනාගෙන් එක් අයෙකු අසාධ්‍ය තත්වයට පත්ව රෝහල් ගත කළ නිසා ඒ වෙනුවට තවත් තිදෙනෙකු හෙට උදෑසන මාරාන්තික උපවාසයකට එක්වන බවය.


නිවෙස් වලට වී මැරි මැරී ජීවත් වෙනවට වඩා මෙතනම මැරෙන එක අපිට සැපයි.ඒ නිසා බළධාරීන් මේ ගැටළුවට විසදුමක් ලබා දෙනතෙක් එකා පිට එකා මැරී වැටුනත් මේ උපවාසය අත් නොහරින බවයි පැවසුවේය.



අදහස් (0)

වන්දි ඉල්ලා උපවාස කළ අයෙක් අසාධ්‍යව රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site