(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගී දරුවන් සංඛ්‍යාව 25 දක්වා ඉහළ නැග ඇතැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
ඩෙංගු රක්තපාත තත්වය නිසා මින් දරුවන් හත් දෙනකුගේ තත්වය බරපතළ බවද ඔහු සඳහන් කළේය.
මේ අතර කොවිඩ් රෝගී දරුවන් සංඛ්‍යාවද 11 ක් දක්වා ඉහළ නැග ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඉන් නව දෙනකු සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබද්දී දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ප්‍රකාශ කළේය.
ඩෙංගු රෝගය වැළඳුණු දරුවන්ට හැකිතාක් දියර ආහාර ලබා දී විවේකයෙන් කාලය ගත කිරීමට අවස්ථාව සලසා දී පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දෙන ලෙස දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.
සමාජයේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් තිබිය හැකි වුවත් කොවිඩ් පරීක්ෂණවලට යොමුවීමේ මදකම නිසා රෝගීන් සංඛ්‍යාව නිසියාකාරව පෙන්නුම් නොකෙරෙන තත්වයක් ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
65
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගු දරුවන් 25 දක්වා ඉහළට