(රොමේෂ් මධුෂංඛ)
යුද්දෙන් පසුව උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන ජූලි තරුණ සමුළුවක් පැවත්වීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේ දී දෙමළ ජනතා සභාවේ සාමාජික රැස්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියේ,
‘දෙමළ ජනතා සභාව මගින් සිදු කරන මෙම සියලු ක්‍රියාවන් දෙස දෙමළ ජනතාව බුද්ධියෙන් බැලිය යුතුයි අපි දේශපාලඥයින් සහ විවිධ පුද්ගලයින් එකතු කරගෙන යාමෙන් මේක දේශපාලන පක්ෂයක් වෙන්නේ නැහැ ඒ විදිහට අපි දෙස බලන්නත් එපා.
‘යුද්දය නිසා උතුරු නැගෙනහිර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට ගැටලු තියනවා අපි පළමුව ලබන මාසේ උතුරේ තරුණ තරුණියන් වෙනුවෙන් යාපනයේ සමුළුවක් පවත්වලා අනෙක් සමුළුව අපි නැගෙනහිර ප්‍රදේශයේ පවත්වන්න පියවර ගන්නවා. එහිදි අපිට දෙමළ තරුණ තරුණියන්ගේ ගැටලු මොනවද කියල සාකච්ඡා කරන්න පුලුවන්,
යුද්දය නිසා තරුණ තරුණියන්ට ඇති වූ ගැටලු වලට ගතහැකි විසඳුම් මොනවද කියලා අපි සාකච්ඡා කරනවා ඊළඟ පරපුර පවත්වාගෙන යන්නනම් දැන් සිටින පරපුරේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුයි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට හැකි වන්නේද තරුණ තරුණියන්ටයි ඒ නිසා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ලබාදිය හැකි ආර්ථික හා සංවර්ධන විසඳුම් ලබාදීම වෙනුවෙන් තරුණ සංසදයක් ගොඩනගා ගත යුතු වන බවටද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
තරුණ පරපුරට තියන ප්‍රධානම ගැටලුව තමයි, පැන්ෂන් කාරයින් ටික හොද්ද කලත්ත කර කර පරණ වෙලා විසිකරපු තුනපහ නැවත නැවත එක්කහු කරන එක...
සංසද අන්තිමට සයනයිඩ් බෙල්ලේ එල්ලගෙන කෙලවර වෙයිද දන්නේ නැහැ...
ඔන්න මතක තියාගන්න. අමෘතලිංගම් මහතාත් 1977දී වට්ටුකොටෙයි යෝජනාව කියලා සමුලු පවත්වලා අවසානයේ එම තරුණයන්ගේ අතින්ම නැති වුණා.
විග්නේස්වාරන් ඔබ දෙමල තරුණසංසදයක් හදන්න අපිත් සිංහල තරුණ හමුදාවක් හදන්නම්
යුද්දය ඉවර උනාම පතුරොම් ලක්ෂ කොපමණ ගණනක් ඉතිරි උනා කියලා පත්තරේක තිබුණා. දැන් තේරෙනවා මහින්ද මහතාගේ අනාගත දැක්ම. 2020න් පසු ඔබ තුමාට සිංහල ජාතිය වෙනුවෙන් තව මෙහෙවරක් තිබෙනවා. හමුදාවෙන් ඉවත්වූ සිංහල කොල්ලෝ නැවත හමුදාවට බලෙන් ඒවි.